IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අධිවේගයේ ගිය වෑන් රියට කලින් ඉන්ටර්සිටියේ ගාල්ලට ගිහින්

කොළඹට ආසන්න කාර්යාලයක සේවය කළ මේ පිරිස එදින සූදානම් වූයේ තම හිතවතකුගේ ඥාතියකුගේ මළ ගෙදරක යෑමටයි. අවමඟුල් නිවෙස තිබුණේ ගාල්ලේය. අවසන් කටයුතු යෙදී ඇත්තේ පස්වරු තුනටය. අපි වරුවක් වැඩ කර වරු බාගයක් නිවාඩු ගනිමු  මෙහෙන් දහවල් 1ට ගියත් සවස 3 ට  අධිවේගී මාර්ගෙන් ගාල්ලට යන්න විනාඩි ගණනයි යන්නේ” ඔවුන්කතා කර ගත්තේ එලෙසිනි. කතා කර ගත් පරිදි පිරිස එක්වූයේ කොටුවේ දුම්රියපළ ළඟටය. කුලියට ගත් වෑන් රිය ද නියමිත වේලාවට එතැනට ආවේය. නමුත් පොඩි ගැටලූවකට තිබුණේ වෑන් රියේ අසුන් ගත හැකි පිරිසට වඩා වැඩියෙන් හතර දෙනකු ගමනට පැමිණ සිටීමයි. ”ආසන ගණනට වඩා නම් අරන් යන්න බෑ. අධිවේගී පාරේ මාර නීති. ගණනට විතරයි පටවන්න පුළුවන්” වෑන් රියේ රියැදුරා ද බර බරේ දාන්නට පටන් ගත්තේ පිරිස වැඩි බව දුටු විටය. මළ ගෙදරට සියල්ලන්ටම යන්නත්  ඕනෑය. හතර දෙනෙකු මහ මග දමා යන්නත් බැරිය. මේ ගැටලූව අස්සේ එතැන නතර කළේ මාතර බලා යන සුඛෝපභෝගී බසයකි. ”ආ අපි අර බසයේ එන්නම්. ඔය ගොල්ලො වෑන් එකේ එන්න. අපි  ඕනෑ නම් ටිකක් පරක්කු වෙයි. කමක් නෑ ඔයගොල්ලො මේ බව ඒ අයට කියන්නකෝ” යැයි කී හතර දෙනෙක් ”ඉන්ටර්සිටියට” දුව ගොස්  එහි අසුන් ගත්හ. අධිවේගී මගෙන් යාමට සිටි අය ඇස්වාට්ටුව හරහා තිඹිරිගස්යාය, නුගේගොඩ, මහරගම ඔස්සේ කොට්ටාවට යන්නට වූහ. කෙසේ හෝ පස්වරු එකට කොටුවෙන් පිටත් වූ වෑන් රිය කිරුළපන, නුගේගොඩදී වාහන තදබදයට හසුවී පමා විය. දෙල්කදින් යළිත් වාහන තදබදයට මැදිවිය. මේ අය කොට්ටාව අධිවේගී පිවිසුමට ළඟා වද්දී පස්වරු 2.30ත් පසුවී තිබිණි. ඉන්ටර්සිටියේ ගිය හතර දෙනා මළ ගෙදරට ගොස් වටපිට විපරම් කරමින් සෙවුවේ අධිවේගයෙන් පැමිණි අයයි. මක් නිසාද යත් මේ වන විට ඔවුන් එතැනට පැමිණ බොහෝ වේලාවක් ගත වන්නට ඇතැයි ඔවුන් සිතු නිසාය. එහෙත් ඒ අය පැමිණි වෑන් රිය අසලකවත් නැති බව දුටු ඔවුහු දුරකතන ඇමතුමක් දුන්නේ ඔවුන්ගේ ප‍්‍රමාදයට හේතුව දැන ගැනීමටය. ”අපි තාම මග එනවා. තව විනාඩි පහළොවක් විස්සක් විතර යයි” ඒ ඔවුන්ගෙන් ලැබුණු පිළිතුර විය. ලැබුණු පිළිතුරින් අන්දමන්ද වූ සිවු දෙනා ”ඒ මොකද පරක්කු වුණේ” යැයි විමසූහ. හාවගෙයි ඉබ්බගෙයි තරගෙ වගේ යැයි ද කීහ. ”පරක්කු නැන්ද? දිගටම වාහන තදබදේ. ඔවුහු පිළිතුරු දුන්හ. කොළඹ සිට පැයෙන් ගාල්ලට යන්න  ඕනෑ නම් කොට්ටාවේ පදිංචිවෙලා ඉන්න  ඕනෑ. නැත්නම් වාත වේගයක් වෙනවා” යැයි අධිවේගයේ යමින් ඔවුහු අර හතර දෙනාට පිළිතුරු දුන්හ.



අදහස් (0)

අධිවේගයේ ගිය වෑන් රියට කලින් ඉන්ටර්සිටියේ ගාල්ලට ගිහින්

නාලක තරංග Wednesday, 11 January 2012 08:48 AM

කොට්ටාවෙ ඉදලා කොළඹට වෙනම පාරක් හදන්න පුලුවන්නෙ

:       0       0

නුවන් Monday, 09 January 2012 01:26 PM

හැමදේම හොදටයි වෙන්නෙ

:       0       0

එරංග Monday, 09 January 2012 02:49 PM

මේ ලිපියේ අන්තර්ගතය හොදයි. මේ කතාව සම්පූර්ණ ඇත්ත. මම මාසයකට සැරයක් මාතර යන්නේ මේ අධිවේගී මාර්ගයෙන්. මට කොළඹ ඉදන් කොට්ටාවට යන්නේ හරියටම පැය 1.5-2.5 අතර කාලයක් පමණයි. ඉතින් මොන හයිවේ තිබ්බත් රු. 400 යක් ගෙවල මම මාතර යනකොට ගාලුපාරේ යන අය මාතර ගිහින්.

:       0       0

ජයී Monday, 09 January 2012 03:36 PM

ව්‍යවහාර සිංහලයේ එන ඒ යෙදුම මා පාවිච්චි කළේ ඒ ගමනේ ඇති භයානක කම දැක්වීමට පමණකි. අධිවේගී ගමන උසස් කිරීමට හෝ ඉන්ටර්සිටි ගමන පහත් කිරීමට මම එයින් අදහස් නොකලෙමි. නගර, ගමිමාන අතරින් වැටී ඇති ගාලුපාරේ දෙපසින් යන මගීන්ගෙන්ද, ඉදිරියෙන් එන රථ වාහනවලින්ද, දහසක් අනිකුත් කරදරවලින්ද, තම වාහනය බේරා ගෙන රිය පැදවීමට දක්ෂ ඉන්ටර්සිටි රියදුරුන්ට ප්‍රශංසා කළ යුතුයි. චතුර සහ රමන්ත අයිති වන්නේ ගාලු පාරේ යන වාසනාවන්තයින් කණ්ඩායමටය.

:       0       0

ආර්.ඩී. දිසානායක Friday, 06 January 2012 03:20 PM

අධිවේගී මාර්ගවල යන් හොද පුරුද්දක් තියෙන්න ඕනා. මම අවුරුදු 20 ක් සවුදි අරාබියේ වාහන පදවන අයෙක්. අපේ රියැදුරන්ට පුහුණුවක් ලබා දිය යුතුයි

:       0       0

ජයී Friday, 06 January 2012 04:43 PM

ඉන්ටර්සිටියේ ගාල්ලට යෑම පණ එපා කියා යන ගමනක්.

:       0       0

ප්‍රසන්න Wednesday, 11 January 2012 08:25 PM

කොළඹ ඉදන් කොට්ටාවට එන්න ඔනේ බොරැල්ල, බත්තරමුල්ල හරහා. ටිකක් කලින් කොට්ටව එන්න පුලුවන් එතකොට

:       0       0

නසාර් Saturday, 07 January 2012 10:42 AM

සවුදි අරාබිය රියැදුරන් මතට තිත,අපේ රියැදුරන් තිතට මත.

:       0       0

සුරංග Saturday, 07 January 2012 11:27 AM

අපේ පොඩි පාරවලුත් හදන්න වෙයි

:       0       0

චතුර Saturday, 07 January 2012 09:54 PM

ජයී කියන විදියට ඉන්ටර්සිටියේ ගාල්ලට යෑම පණ එපා කියා යන ගමනක් වෙන්නෙ මොකද ? මමත් අවුරුදු 10 ක ටත් වැඩි කාලයක් හැම සතියෙම කොලඹ සිට මාතර ඉන්ටර්සිටි වල ආව ගියා. අපිට නම් පන එපා උනේ නෑ .

:       0       0

රමන්ත Sunday, 08 January 2012 09:05 AM

මමත් අවුරුදු 5කට වඩා විතර ගාල්ල කොලඔ ඉන්ටර්සිටියේ ගියා. ඒත් ජයී කියන දෙයක් නම් මාත් දන්නේ නැහැ. ජයීට හයිවේ එකේ බස් පර්මිට් එකක්වත් ලැබිලද දන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

තෑගි සාරියත් කූල් පෙට්ටියේ
2024 අප්‍රේල් මස 24 422 0

අලු‍ත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලු‍ත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුත


අවුරුදු උත්සවේ ගම හරහා දිවිල්ල වැසිකිළියෙන් නවතී
2024 අප්‍රේල් මස 23 250 0

අවුරුදු උත්සව ධාවන තරගයකදී සිදු කළ විහිළුවක් පැටලී අමාරුවේ වැටුණු පුද්ගලයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය. ගම්මු


සාදය අස්සේ බිරියයි දුවයි වාෂ්ප වෙලා
2024 අප්‍රේල් මස 22 1033 1

අවුරුදු පාටියක් දීමට ගොස් දුවත්, බිරියත් දෙදෙනාම අහිමි කරගත් සැමියකු පිළිබඳ කතාවක් රජරට පළාතේ ගම්බද ප්‍රදේශයකින් දැනගන්නට ලැබුණි. කතාව මෙසේය. මෙම අඹු


තහනම් ගහ බිරියට හසුවී සූර් සැමියාගේ වෙරිහිදිලා
2024 අප්‍රේල් මස 20 812 0

අනියම් බිරිය සමග රාත්‍රී කාලයේ ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් සිටි සැමියාට දුරකතනය බඩමත තබාගෙන නින්ද ගිය අවස්ථාවේ බිරියට සියල්ල හෙළි වූ පුවතක් මධ්‍


එකට කාලා බොක්ක වෙනස්වී රෙදිත් ගැලවිලා
2024 අප්‍රේල් මස 20 689 0

මිතුරුකම පෙන්වා මිතුරාගේ උපකරණයෙන් මුදල් ගරමින් සිටිය දී මිතුරාට අතේ මාට්ටුවී රෙදි ගැලවී ගිය අවස්ථාවක් පිළිබඳ පුවතක් අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා


පුතුගේ අවමඟුලදා තාත්තාගේ කාඩ් කුඩු
2024 අප්‍රේල් මස 20 423 0

මිය ගිය පුතාගේ අවමඟුලට පැමිණි ආයතනයේ සේවක පිරිස හමුවේ පියා ලෝක අමාරුවක වැටුණු පුවතක් දඹදෙණි රාජධානියට අයත් ගම් පෙදෙසකින් අසන්නට ලැබුණි. පියා ආයතනයක ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 296 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1668 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site