තරුණ ව්‍යාපාරිකයාගේ ජීවන රටාව හිටි හැටියේම වෙනස්වන්නට විය. වෙනදාට නගරයේ කෙරෙන ව්‍යාපාරික කටයුතු අඳුර වැටෙන්නට පෙර අහවර කොට නිවසට පැමිණීම පුරුද්දක් කරගත් ව්‍යාපාරිකයා මාස 3-4 සිට නිවසට පැමිණෙන්නට වූයේ රාත්‍රී දහයේ කණිසමත් පසුවූ විටය.
තිදරු මවක වූ ව්‍යාපාරිකයාගේ බිරියට මේ වෙනස්වීම ප්රහේළිකාවක් විය. පසුව බිරිය මේ පිළිබඳව විපරම් කර බලන්නට විය. වැඩි දිනක් යන්නට මත්තෙන් සැමියාගේ ප්‍රමාදය සොයා ගන්නට නිවසට කොටුවී සිටි බිරියට හැකිවිය. සැමියාගේ මේ ක්‍රියා කලාපයට නැවතීමේ තිත තබන්නට තීරණය කළ බිරිය දිනක් රාත්‍රී 8.30 පමණ වැඩිමහල් දරුවන් දෙදෙනාට රූපවාහිනිය නරඹන්නට සලස්වා මාස තුනක් පමණ වූ අත දරුවා රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් කෙලින්ම නතර වූයේ නගරයේ ප්‍රසිද්ධ අවන්හලක් තුළය.
බිරියට ලැබුණු ඔත්තුව හරියටම හරිය. මිතුරන් කිහිප දෙනෙකු සමග ව්‍යාපාරික සැමියා මධු විතෙන් පදම් වෙමින් සිටියේය.
බිරිය අත දරුවා සමග ගොස් කෙලින්ම සිට ගත්තේ සැමියා අසලය. මත්පැන් වීදුරුව අත දරාගෙන සිටි සැමියාට බිරිය දුටු ගමන් හීන් දාඩිය දමමින් නැගිට්ට වුණේ ඉබේටමය. කෙලින් සිටගන්නට බැරිව සිටි සැමියා අත තිබූ වීදුරුව වෙව්ලන්නට විය.
මිතුරන් දෙසවත් නොබලා හෙමින් සිරුවේ ගොස් ත්‍රිරෝද රථයට නැගුණු ව්‍යාපාරික සැමියා සුවච කීකරු ගෝලයකු ලෙස නිවසට පැමිණියේ සුපුරුදු ජීවිතයට නැවතීමේ තිත තබමිනි.
(මඩුල්ල සේනක බණ්ඩාර සහ මොනරාගල අතිරේක කේ.එම්.පී. බණ්ඩාර)
සිය අතුරුදන් සැමියා ගැන හෝඩුවාවක් දැනගැනීමට දේවාලයකට ගිය බිරියට එම දේවාලය තුළදී සැමියා හමුවීමේ සිද්ධියක් සබරගමුව පළාතේ එක්තරා ගමකින් වාර්තාවේ. සිද්
පවතින ආර්ථික අගහිඟකම් හමුවේ නෑදෑ පිරිවර මැද වැයබර අඩුකර ගැනීමට තැනට උචිත නුවණ පාචිච්චි කළ නිවෙස් හිමියකු පිළිබඳව පුවතක් කලාවැව අවට මහවැලි ජනපද ගම්මා
සිසුන්ගේ කෑම පැකැට්ටුවෙන් රෙදි ගලවා ගත් අපූරු ගුරුවරයකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් අසන්නට ලැබේ. පාසලේ පැවති ක්‍රීඩා උත්සවය සඳහා සහභාගී වන සි
විහාරස්ථානයක සල්පිල් වෙන්දේසියක දී තරුණ තරුණියන් තරග වැදී මිලට ගත් භාණ්ඩයක් නොවටිනා දෙයක් වීමෙන් වූ අලකලංචියකි. මෙය වාර්තා වන්නේ දකුණේ ගම්මානයකිනි.
සුද්දන්ගේ ක්‍රමයට සුද්දාට ආචාර සමාචාර කරන්න ගොස් සුද්දාගේ කළු බැල්ලියගෙන් හොඳම ආචාර සමාචාරයක් ලැබ ජීවිතය අනූනවයෙන් බේරාගත් කළු සුද්දකු පිළිබඳව අ
සාදයේදී පදම වැඩිවූ මිතුරාට අමුතු රසාස්වාදයක් ලබා ගැනීමට අමුතුම සුප් එකක් පානය කරන්නට සලස්වා හිරේ විලංගුවේ නොවැටී අනූනවයෙන් බේරුණු මිතුරන් පිරිසක් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අත දරුවාත් බිරියත් රැගෙන බාර් එකට ඇවිත්
චින්තක Tuesday, 10 January 2017 08:04 AM
මාස 3-4 ක් යනකම් මධුවිතේ ගඳවත් මේ බිරිඳට දැනුනේ නැද්ද? (නි)
මලික් Thursday, 12 January 2017 09:22 PM
දරුවාට යමක් කමක් තවම නොතේරෙන එක හොඳයි
ඉන්ද්‍රා Tuesday, 10 January 2017 10:49 AM
බිරිඳ හොඳ ඉවසීමෙන් වැඩකළ නිසා බේරුනා (නි)
එඩ්වඩ් Tuesday, 10 January 2017 11:58 PM
බිරිඳට ගරුකරන හොඳ සැමියෙක් (නි)
සෝමරත්න Wednesday, 11 January 2017 03:36 AM
මේවා බොරු රඟපෑම්. කොච්චර බිවුවත් යටිහිත සීරුවෙන්. මැරෙන්න තියන බය තියනවා. යටිහිත අවදියෙන්. හොඳටම බිවුවොත් සිහිය නැතුව වැටෙනවා. බීලා කරන්නේ යටිහිතේ තියන අදහස්. වීරෝයෝ වෙන්නේ බිවුවම. මේ කතාවේ ස්වාමියා ගොඩක් හොඳයි. එමනිසා බිරිය සමඟ ගෙදර ගියේ. (නි)
ලක්ෂි Tuesday, 10 January 2017 06:26 AM
සුවච කීකරු ස්වාමි පුරුෂයෙකු නිසා මේ වැඩේ ගොඩින් බේරුනා,නමුත් පිරිමි බොනතැන්වලට බලෙන් කඩාවදින්න එපා. එ් වෙලාවට ඹවුන් ඉන්නෙ හරි සිහිකල්පනාවෙන් නොවේ. (බ)