(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ අලෙවි නියොජිත ආයතනයක් වසා දමා එහි සේවය කළ 14 දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල් නිවෙස් නිරෝධායනයට ලක් කිරිමට පැල්මඩුල්ල සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.
පැල්මඩුල්ල සන්නස්ගම කලාපය බාර මහජන සෞඛ්‍ය පරික්ෂක කසුන් බණ්ඩාර මහතා එම වෙළෙඳ අලෙවි නියෝජිත ආයතනය දින 14 ක කාලයක් වසා දමන ලෙස අද (14) උපදෙස් දුන්නේය.
පැල්මඩුල්ල නාරංගොඩට පැමිණි කන්දකාඩු නිලධාරියාගේ සොහොයුරාගේ පෙම්වතිය මෙම අලෙවි නියෝජිත ආයතනයේ සේවය කර ඇතැයි ද ඇය කන්දකාඩු නිලධාරියාගේ සොහොයුරා හමුවී ඇතැයි ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසති.
පැල්මඩුල්ල නාරංගොඩ මෙම නිලධාරීයාට ආසාදිත නොවෙන බවට පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය සේවා වෛද්‍ය කාර්යාලයට දැනුම් දි තිබුණත් අද දැනුම් දී තිබුණේ එම නිලධාරීයාට කොව්ඩ් 19 ආසාදිත බවයි.
ඒ නිසා ඔහුගේ සමිපතමයින් නිරෝධායනය කිරිම පැල්මඩුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව රත්නපුර ලෙල්ලොපිටිය ප්‍රදේශයේ වෙළෙද නියෝජිත අලෙවිසැළක් වසා දමා එහි සේවක සේවිකාවන් නිරෝධායනයට යොමු කිරිමට පියවර ගනු ලැබුහ. ඔවුන් සමග 40 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ .
2025 දෙසැම්බර් මස 04
289
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
413
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෙල්ලොපිටියේ ආයතනයක් වසා 14 ක් නිරෝධායනයට