
( ප්‍රින්ස් රත්නායක)
රත්නපුර ශික්ෂණ රෝහලේ පී.සී.ආර් . යන්ත්‍රය අක්‍රියවී ඇති බැවින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකළ නොහැකි තත්වයක් උදාවී ඇත.
ඒ අනුව බළන්ගොඩ 34 ඇතුළු ක සහ රත්නපුර දිස්ත්‍රක්කයේ 320කට ආසන්න ප්‍රමාණයකගේ පරීක්ෂණ කල් දැමීමට සිදුව තිබේ.
මේ අතර කෝවිඩ් ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ බළන්ගොඩ ප්‍රදේශයේ 6 ක අතුලු 34 ක ගේ පී.සී.ආර්. පරීක්ෂණ එළඹෙන 21 වැනිදා පැවැත්වෙන බව බළන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නූර්දීන් රිෆයිඩීන් මහතා පැවසීය.
මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට කොළඹින් කණ්ඩායමක් 21 වැනිදා පැමිණීමට නියමිත බවත් එම පරීක්ෂණ පැල්මඩුල්ලේදී සිදු කිරීමට නියමිත බව හෙතෙම සඳහන් කළේය.
මේ වන විට ආසාධිතයෙක් සමීපව ඇසුරු කළ 06 දෙනාගෙන් අයෙක් හමුදාවේ නියුතු අයෙකු බවත් ඔහු හමුදාවෙන් රැගෙන ගොස් ඇති අතර කොරෝනා ආසාධිතයෙක් සිටි තංගල්ල ප්‍රදේශයේ හෝටලයක සේවය කළ අයෙක් එම පුද්ගලයා ඇසුරු කිරීම හේතුවෙන් නිරෝධායනයට ලක් කර ඇත.
පළමු ඇසුරක් පැවැත්වූ 06ක් සහ ඔවුන් ගේ පවුල්වල පුද්ගලයන් 28ක් ඇතුලු 34 දෙනෙක් නිරෝධායනයට ලක් කර ඇත. මෙම පුද්ගලයන්ගේ පරීක්ෂණ රත්නපුර රෝහල් පී.සී,ආර් යන්ත්‍රය අක්‍රියවීම හෙතුවෙන් කොළඹින් මෙම පැමිණෙණ තෙක් සිටීමට සිදුව ඇති බවද වාර්තාවෙයි.
මේ අතර රත්නපුර මහ රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් 14 වැනිදා මෙම පී. සී. ආර් පරීත්ෂණ සම්බන්ධව වීමසීමක් කළ අතර රත්නපුර රෝහළ වෙත පරීක්ෂණ සඳහා පැමිණ නැති බවත් ඒ පිළිබඳව තොරතුරු නොදන්නා බවත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
247
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
396
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්නපුරේ පී.සී.ආර් යන්ත්‍රය අක්‍රීය වී පරීක්ෂණ කල්යයි
සීතා Wednesday, 15 July 2020 03:45 PM
මතක විදියට නම් රත්නපුරයට ඔය යන්ත්‍රය ලැබුණේ ව්‍යාපාරිකයින්ගේ පරිත්‍යාගයක් විදියට. ඒ රත්නපුරයේ පළමු ආසාධිතයා හඳුනාගත් පසුයි. එදින සිට අද වෙනවිට ගත වූ සුළු කාලය තුළ එලෙස යන්ත්‍රය අක්‍රිය වීමට හේතුව සොයා බැලිය යුතුයි. .
සමන්තThursday, 16 July 2020 01:40 PM
මේ පැත්තේ එක්ස්රේ යන්ත්‍ර මැණික් වැඩ නිසා අක්‍රීය වෙනවා කියලා කථාවක් අසා තිබුණා.. මෙම යන්ත්‍රයෙනුත් මැණික් වැඩ කරනවද කියලා පරීක්ෂා කරන්න...