IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


බදුල්ලේ 116 ක් නිරෝධායනයට

(එෆ්.අස්ලම්)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට නිවාඩු ලබා පැමිණ නැවත රාජකාරියට වාර්තා කිරීමෙන් පසු කොවිඩ් 19 ආසාදිතයින් යැයි තහවුරු කරගත් බදුල්ල දිස්ත්‍රික්කයේ යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුගේ ආශ්‍රිතයින් 116 ක් නිරෝධායනයට ලක්කර තිබෙන බව  බදුල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් මාපා මහතා පැවසීය.

මෙලෙස කොරෝනා ආසාදිතයින් බව තහවුරු වී ඇත්තේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරතව සිටින බදුල්ල කැන්දගොල්ල , පස්සර පරමංකඩ සහ මහියංගනය සොරබොර ප්‍රදේශවල  පදිංචි තිදෙනෙකු බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මෙම තිදෙනාම නිවාඩු අවසන් කර යළි රාජකාරියට වාර්තා කිරීමෙන් පසු සිදුකළ පරීක්ෂණ වලින් කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබිණි.

මොවුන් අතරින්  බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ හමුදා සාමාජිකයා පසුගිය මස (09) වැනිදා නිවාඩු ලබා පැමිණ (19) වැනිදා පිටව ගොස් ඇති බවත් මහියංගනය සොරබොර ජනපදයේ පදිංචි හමුදා සාමාජිකයා ද ජුනි (6) වැනිදා පැමිණ (16) වැනිදා පිටව ගොස් තිබෙන බවත් පස්සර පරමහංකඩ ප්‍රදේශයේ පදිංචි හමුදා සාමාජිකයා මේ මස (3) වැනිදා පැමිණ (10) වැනිදා පිටව ගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

මෙම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් ඇසුරෙන් කොවිඩ් 19 වයිරසය පැතිර යාම වැළක්වීමට සෞඛ්‍ය අංශ උපරිමයෙන් පියවර ගෙන තිබෙන බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් 116ක් හඳුනාගෙන නිරෝධායනයට  ලක් කර තිබෙන බවත් කී අධ්‍යක්ෂවරයා පස්සර පරමහංකඩ ප්‍රදේශයේ පදිංචි නිවාඩු ලබා පැමිණි හමුදා සාමාජිකයාගේ ආශ්‍රිතයින් කෙරෙහි දැඩි අවදානයක් යොමු කර සිටින බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

හැකි සෑම විටම මුඛ ආවරණ පළදිමින් පෙර සිට කරගෙන ආ සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදිමින් කටයුතු කිරීම මේ අවස්ථාවේදී වැදගත් බවද හෙතෙම කියා සිටියේය.

 



අදහස් (0)

බදුල්ලේ 116 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site