IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පිළියන්දල 113 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට

 

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)


කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රාජකාරියේ නිරත , යුද හමුදා නිලධාරියකු නිවාඩු පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය වැළඳුණු බවට තහවුරු වීමත් සමඟ ඔහු සංචරණය කළ පිළියන්දල  සමීපතමයින් හා සංචරණයට ලක් වූවක් 113 දෙනෙකු අද (16) පී.සී.ආර් පරීක්ෂණයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

මෙම ආසාදිතයා   රත්නපුර ප්‍රදේශයේ  පදිංචිව සිටින අතර , ඉකුත් 4 සහ 5 යන  දිනවල ඔහුගේ මව පදිංචි පිළියන්දල දැල්තර ප්‍රදේශයට පැමිණ ඇති අතර එහිදී පිළියන්දල නගරයේ රාජ්‍ය බැංකුවකට ,ගරාජයකට  ,ව්‍යාපාරික ස්ථාන තුනකට සහ නිවාස හතරකට ගොස් ඇතැයි පැවසේ .

ඒ අනුව එම ස්ථාන නිරෝධායනයට ලක් කොට එහි සේවය කළ 39 දෙනෙකු ඉකුත් 14 දා ස්වයං  නිරෝධායනයට  ලක් කළ බව වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා කීය .

පසුව එම ස්ථානවල  සමීපතමයන් හා  සංචරණය කළ වූවන්  113 පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණයේ දී සහ දැල්තර ප්‍රාථමික විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී මෙසේ පී.සී.ආර් පරීක්ෂණයට ලක් කෙරිණි.

ඒ අතර පිලියන්දල කැස්බෑව කහතුඩුව බොරලැස්ගමුව මොරටුව හොරණ බණ්ඩාරගම බෙන්තර  කඩුවෙල රත්මලාන  දෙහිවල මහරගම එගොඩ උයන සහ රාජාංගනය යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලට අයත් පුද්ගලයන් 113 මෙම පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය .

 



අදහස් (3)

පිළියන්දල 113 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට

de silva Thursday, 16 July 2020 08:48 AM

කඳවුරු වල සේවය කරන හමුදා නිලධාරීන්, මතුද්‍රව්‍ය නිවාරණ නිලධාරීන් නිවාඩුවට ගෙදර යන්න කළින් PCR පරීක්ෂණයට ලක්කරනවා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැ නේද?

:       315       433

Abdul Thursday, 16 July 2020 09:21 AM

මම දැනට ත්‍රිකුණාමලයේ නිරෝධායනය වෙමින් ඉන්නේ... මම දැකපු දෙයක් තමයි මෙහෙ නිරෝධායනය වන මිනිස්සු සත්තු ඉඳුල් කෑම දෙනඑක... මට පොඩි බියක් දැනෙනවා සත්තුන්ගෙන් අවට සිටින ගම්වාසීන්ට මේ කොරෝනා බෝවෙයිද කියන එකට... කන්දකාඩුවෙත් එහෙම වුණාද දන්නැහැ.

:       0       17

janahitha Thursday, 16 July 2020 10:14 AM

ගෙදර අයවද පළමුව pcr පරීක්ෂණයකට යැවුවොත් නරකද? නැතිනම් මේ මිනිසුන් ගෙදර යන්න කළින් ගෙදරට යන අතර මගදි ගෙට ඇතුල්වෙන්න කළින්, ගෙදරින් එළියට යන්න කලින් කෙළවරක් නැති PCR ....

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 266 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site