IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක් ඇතුළු 15 ක් නිරෝධායනයට

(කුෂාන් ජයර්ධන)

කොරෝනා ආසාධිතයකු සේවා ලබා ගැනීමට පැමිණ ඇතැයි හෙළි වීමත් සමඟ පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයින් 10 දෙනෙකු ඇතුලු 15 දෙනෙකු අද 14 දහවල් වනවිට ස්වයංනිරෝධායනයට යොමුකළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාරයාලය පවසයි.
 
ගල්කිරියාගම රණව ප්‍රෙද්ශයේ පදිංචි කරුවකු වන එම ආසාධිත පුද්ගලයා කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්තථාපන මධ්‍යස්ථානයේ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරන අයෙකි.
 
 ඔහු ආසාධිතයකු බවට සිදුකරන ලද පීසීආර් පරීක්ෂනවලදී තහවුරු වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

එම තත්ත්වය අනුව ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් වන මව හා පියා මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබේ.
නිවාඩු ලබා පැමිණ සිටි අවස්ථාවේ ඔහු යම් රාජකාරී කටයුත්තක් වෙනුවෙන් පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යලයට ගොස් ඇති අතර එම අවස්ථාවේ ඔහු සමඟ සමීප සබඳතා පැවැත්වූ බව කියන පලාගල ප්‍රාදේශීය ලේකම්කාරයාලයේ නිලධාරීන් හා නිලධාරිණියන් දස දෙනෙකු ද නිරෝධායනයට යොමු කිරීමට පලාගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කර තිබේ.
 
 ඊට අමතරව එම අසාධිතයා සමඟ  සබඳතා පැවැත්වූ බව කියන බලලුවැව රණව කූරියගම පුබ්බෝගම උල්පතගම ඇතුලු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ඇතුලු පුද්ගලයින් 15කට වැඩි ප්‍රමාණයක් අද 14 දහවල් වනවිට නිරෝධායනයට යොමු කළ බව පලාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
තවදුරටත් ඔහුගේ ආශ්‍රිතයන්  ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින්  පලාගල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම  ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමු කරමින් සිටී.
 
 එබැවින් සවස් වනවිට එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය බලධාරීහු පවසති



අදහස් (0)

පලාගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ 10 ක් ඇතුළු 15 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 244 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 394 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site