IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


තංගල්ලේ 14 ක් නිරෝධායනයට

(අනීෂා මානගේ)
 
තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු 12 දෙනකු සහ වෙළෙදසැල් දෙකක හිමිකරුවන් අද (12) නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි.
 
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවය කරන තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොවිඩ් -19 ආසාදනය වී ඇතැයි අද (12) අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
 
මෙම පුද්ගලයා ඉකුත් 5 වැනිදා නිවාඩු ලබා තංගල්ල නිවෙසට පැමිණ දින කිහිපයක් තංගල්ල නගරයේ සංචාරය කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.
 
මෙම පුද්ගලයාගේ නිවැසියන් 7දෙනකු, අසල නිවෙසක 5 දෙනකු සහ මොහු ගමන් කළ බවට හඳුනාගත් වෙළෙදසැල් දෙකක හිමිකරුවන් දෙදෙනකු මෙලෙස නිරෝධායනය කිරීමට පියවර ගෙන තිබිණි.
 
මොහු තංගල්ල ධීවර වරායට, තංගල්ල නගරයේ වෙළෙදසැල් හතරකට, සුපිරි වෙළෙද සංකීර්ණයකට සහ ස්වංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් වෙත ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජගත් ගජධීර මහතා කීය.
 
ඒ අනුව තවදුරටත් මෙම ස්ථාන වෙත ගමන් කළ පුද්ගලයන් සොයා ඉදිරියේදී නිරෝධායනය කිරීමට පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.



අදහස් (3)

තංගල්ලේ 14 ක් නිරෝධායනයට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 02:52 AM

කුඩු, ගංජා බොන්නන්, පුනරුත්ථාපනය කිරීමේ දී ඉන්දියාව හරහා මේ වෛරසය ඔවුන්හට පැමිණෙන්නට ඇතැයි සිතීමට පුළුවන් නේද ..? කේරළ ගංජා පසුගිය කාලයේ අත්අඩංගුවට ගත් හැටි අපට මතකයි. මේ ගංජා සමග වෛරසය පැමිණියා වෙන්නට පුළුවන් නේද... ? මේ ගැන එතරම් උනන්දුවක් නොදැක් වූ නිසා වෛරසය සමාජගත වුණා නොවේද .. ? දැන් ඉතින් නිරෝධායන නීති හරිහැටි ක්‍රියාවේ යොදවා ජනතාව ආරක්ෂා කරගැනීමට සියලු කටයුතු සකස් කිරීම ඉතා වැදගත් ....

:       1       238

[email protected]Monday, 13 July 2020 06:54 AM

ඔව් සමිත, මේ මොලේ නැති දේශපාලුවන් වැඩේ අනාගත්තා. බලයට, පෙරේතකමට සෞඛ්‍ය අංශවල නිර්දේශයන් ගණන් ගත්තේ නැහැ. ඒ වගේමයි සෞඛ්‍ය අංශත් වැරැද්දක් කරලා තියෙනවා. කෝවිඩ් මර්දනයට සහ පාලනයට පිළිපැදිය යුතු නිර්දේශ " නීතිගත කලේ " නැහැ. ඒ නිසා කිසිවෙකුට විරුද්ධව නීතිය හමුවට යන්න බැහැ...

:       0       1

kamal Monday, 13 July 2020 07:53 AM

නිරෝධායනය විතරක් කරලා මදි.. පී.සී.ආර්. පරීක්ෂණ කළ යුතුයි. වයිරසය ශරීරයේ තිබුණත් රෝගලක්ෂණ පෙන්නුම් නොකළහොත් එම පුද්ගලයා නැවත සමාජගත වීමේදී අවදානම් තත්වයක් ඇතිවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site