IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 12දෙනෙකු සුවය ලබා අද(08) පිටව ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට රෝහල්වල සිටින මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ක් දක්වා අඩු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

අද සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් දෙදෙනෙක්ද, වැලිකන්ද මූලික රෝහලෙන් 7දෙනෙක්ද, කාන්තන්කුඩි මූලික රෝහලෙන් තිදෙනෙක්ද සිටිති.

ඒ අනුව, සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 1967 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී සුවය ලැබූවන් අතර විදේශිකයන් කිසිවෙකු නොමැති බවද, ඊයේ දිනයේදී විදේශිකයන් 21දෙනෙකු හෝමාගම මූලික රෝහලෙන් සුවය ලබා පිටව ගිය බවද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. (එම විදේශිකයන්ද ඇතුළුව) රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 38දෙනෙක් සුවය ලබා  ඊයේ(07) දිනයේදී පිටව ගියහ.

අද උදෑසන වනවිට රෝහල් ගතකර ඇති කොරෝනා රෝගීන් බවට සැක සහිත රෝගීන් ගණන 56කි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන් ගණන 2081කි.



අදහස් (3)

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 103ට බසී

madusanka Wednesday, 08 July 2020 09:31 AM

"ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොරෝනා ආසාදිතයින් ගණන 20181කි." මෙය නිවැරැදිද?

:       28       1

rama Wednesday, 08 July 2020 11:15 AM

තව පාට කණ්ණාඩි 2ක් දාගෙන බලන්නකෝ... මීට වඩා වැඩි වෙලා පෙනේවි.. මේ තියෙන්නේ දැනට ප්‍රතිකාර ලබන ගණන ගොඩක් අය සනීප වෙලා ගිහින්...

:       0       0

rana Thursday, 09 July 2020 06:47 AM

ඩෙංගු හමාරයි අපිත් හමාරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site