IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ 98 ක් නිරෝධායනයට

(ක.ග. කරුණාරත්න)

වැලිකන්ද කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යට අබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ රාජකාරී කළ යුද හමුදා කාර්ය මණ්ඩලයේ 68ක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 30 ක් නිරෝධායනය සඳහා අද (10) යොමු කළ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා  අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.

යුද හමුදා සාමාජිකයින් පිරිස මින්නේරිය කටුකැලියාවේ පිහිටි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතටත් සෞඛ්‍යය කාර්ය මණ්ඩලය තම තමන්ගේ පෞද්ගලික නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහාත් යොමුකළ බව ඒ මහතා කීය.

මේ අතර දැනට කොරෝනා වැළඳී ඇති රෝගීන් බවට හඳුනාගෙන ඇති 252 දෙනා කන්දකාඩුවේ පිහිටා තිබෙන නිරෝධායන මධ්‍යස්ථාන කොවිඞ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස යොදාගෙන එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම පැවැසීය.

කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින සෙසු අයගේ පි.සි.ආර් පරීක්‍ෂණ වාර්තා අද(10) පස්වරුව වන විට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ,වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.



අදහස් (1)

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ 98 ක් නිරෝධායනයට

සමිත සේනක අලුත්ගමගේ. Friday, 10 July 2020 09:53 AM

පසුගිය කාලයේ නිතර දෙවේලේ ඇසුණු නිරෝධායනය යන වචනය නැවත ඇසෙන්නට පටන් ගත්තේය. මේ වචනය යළි නොඇසීමට ලැබේවායි සිතූ අපට නැවතත් එය ඇසෙන්නට පටන් අරන් ඇත. මත්ද්‍රව්‍ය කරුවන් හා ගංජා කරුවන් නිසා මේ තත්ත්වය නැවත ඇතිවිය. මත්ලෝලින් ගැන මීට වඩා පරිස්සමකින් යුතුව කටයුතු කිරීමට සෞඛ්‍ය අංශ මෙන්ම, ආරක්ෂක අංශ ද සිහි තබා ගත යුතු කරුණකි.

:       0       205

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 769 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site