(ඩී.ජී.සුගතපාල)
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් ඇසුරු කර ඇති සමීපතමයින් සහ ඔවුන් බැලීමට පසුගිය දිනවල එම කඳවුරට ගිය ගාල්ල දිස්ත්‍රික්කයේ පිරිස් සොයා ගැනිම සඳහා පොලිස් බුද්ධි අංශ දිස්ත්‍රික්කය පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.
එම කඳවුරේ රැඳවියන් පිරිසකට කොරෝනා ආසාදනයවීම නිසා මෙම පියවර ගෙන ඇත.
පසුගිය වසර දෙක ඇතුළත ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාසවල අධිකරණ මගින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මෙම කඳවුරේ පුනරුත්ථාපනයට යවා තිබේ.
ඒ අනුව ඔවුන් බැලීමට ගිය පිරිස්වල තොරතුරු සොයාගැනීම සඳහා බුද්ධි අංශ කටයුතු කරගෙන යයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන පුනරුත්ථාපන මධ්‍යස්ථානයකි.
2025 නොවැම්බර් මස 04
529
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1686
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කන්දකාඩු කඳවුරට ගිය පිරිස් සොයා ගාල්ලේ මෙහෙයුමක්