IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි

(සිරංගිකා ලොකුකරවිට) 

උණවටුන උප දුම්රිය ස්ථානය හෙට (13) පෙරවරු කාලයේ වසා තැබෙන බව දුම්රිය දෙපා‍ර්තමේන්තුව පවසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කර නිවසට පැමිණ සිටිය දී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ හබරාදුව පදිංචිකරුවකු උණවටුන උප දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් සමීපව ඇසුරු කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය ස්ථානය වසා දැමීමට සිදුව ඇත.

උප දුම්රිය ස්ථානාධිපතිවරයා සෞඛ්‍ය අංශ විසින් අද (12) දිනයේ පී.සී.ආර් පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු ආසාදිතයකු නොවන බව ද තහවුරු වී ඇත.

එසේ වුව ද දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ඔහුට සෞඛ්‍ය අංශ වෙතින් උපදෙස් ලබා දී තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ මේ හේතුවෙන් උප දුම්රිය ස්ථානය වසා දැමූ බවයි.

එසේ වුව ද උණවටුන දුම්රිය ස්ථානයේ දුම්රිය නවත්වන බවත් එම දුම්රිය ස්ථානයෙන් දුම්රියවලට ගොඩවන පුද්ගලයන්ට කටුගොඩ දුම්රිය ස්ථානයෙන් හෝ ගාල්ල දුම්රිය ස්ථානයෙන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ පහසුකම් සපයන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (13) දිනයේ  උදෑසන උණවටුන දුම්රිය ස්ථානය විෂබීජහරණය කර යළි වෙනත් උප ස්ථානාධිපතිවරයකු යොදවා සාමාන්‍ය පරිදි සේවය පවත්වාගෙන යාමට කටයුතු කරන බව ද දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයකු කීවේය.

 



අදහස් (0)

උණවටුන දුම්රිය ස්ථානය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site