ඍතු වෙනස් වීමත් සමඟ නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය වෙනස් නොවන බවත් එම නිසා සැහැල්ලුවට නොගන්නා ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
උත්තර ධ්රවයේ රටවලට ග්‍රීෂ්ම ඍතුව පැවතියද නව කොරෝනා වයිරසය පැතිර යෑම හෝ එහි ව්‍යාප්තියේ වෙනසක් නොවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.
නව කොරෝනා වයිරසය, උණ සෙම්ප්‍රතිශ්‍යාව මෙන් ඍතුවල වෙනස්වීම් සමඟ වෙනස් නොවන බවත් හෙතෙම කීය.
‘‘මිනිස්සු තවමත් ඍතු වෙනස් වීම ගැන හිතනවා. අපි තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. මේක අලුත් වයිරසයක්. මේ වයිරසය හැසිරෙන්නේ වෙනස් විදියකට’’ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරිනියක වන මාගරට් හැරිස් කීවාය.
වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් බොහෝ පිරිසක් එක්රැස් වීමෙන් වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවත් දැඩි පරෙස්සමෙන් සහ විමසිල්ලෙන් කටයුතු බවත් ඇය අවධාරණය කළාය.
වයිරසයේ පළමු රැල්ල දෙවැනි රැල්ල යනාදිය සම්බන්ධයෙන් ද ඇය විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූවාය.
‘‘මේක අති විශාල ලොකු රැල්ලක්. එය සැරෙන් සැරේ උස් පහත් වෙනවා. රැල්ලේ සැර අඩුවැඩි වෙනවා. කරන්න පුළුවන් හොඳම දේ එය පාලනය කරගැනීමයි. රැල්ලේ සැර අඩු කරගැනීම’’ යැයි ද තවදුරටත් කීවාය.
රොයිටර්
055
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොවිඩ්-19 ලොකු රැල්ලක් - ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි
tharindu Friday, 31 July 2020 02:36 AM
මේ අයගේ බයිලා... මිනිස්සු ලක්ෂ ගාණක් මැරෙනකම් මාස්ක් දාන්න ඕනෑ නැහැ කිව්වා. මොලේ අබ ඇටයක් තරම් තියෙන මිනිහෙක්ට තේරෙන දේ මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ලංකාවේ සෞඛ්‍ය බලධාරිනුත් ඊට දෙවැනි නැහැ. අර චීනුන් කියපු විදිහට මුල ඉඳලාම මාස්ක් දාගෙන හිටියා නම් ඇමෙරිකන්කාරයෝ ඔච්චර මැරෙන්නෙත් නැහැ. ඒ අයගේ පණ්ඩිතකම නිසා වෙච්චි විනාසේ මුලු ලෝකයටම හොඳ ආදර්ශයක්.. දැන්වත් අපි එකඑකාට ඕන විදිහට වැඩකරන එක නතර කළොත් හොඳයි.