IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රන්ජන්ට එරෙහිව පුරවැසියකුගෙන් පැමිණිල්ලක්

(අජිත්ලාල් ශාන්තඋදය)


රාජ්‍ය  අමාත්‍ය  රන්ජන්  රාමනායක  මහතා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ‍්‍රාමිකයන් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්‍ෂාවට හානිකර ප‍්‍රකාශ කරමින් ත‍්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප‍්‍රකාශය සම්බන්‍ධයෙන් පරීක්‍ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ලක් කළේය.
 
සිවිල් පුරවැසියෙක් ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමිව ඇති අයිතිය අනුව තමන් මෙම පැමිණිල්ල කළ බව නිස්සංක මහතා පැවසුවේය. ඔහු දැනට බොරැල්ල ප‍්‍රදේශයේ පදිංචිව සිටී.
 
‘‘රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ ෆේස් බුක් ගිණුමේ පසුගිය 13දා උදේ සජීවී සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. විශ‍්‍රාමික ගුවන් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකුත් ඊට එක්ව සිටියා. එහිදී ඔහු ත‍්‍රිවිධ හමුදාවේ ක‍්‍රියාකාරකම් විවේචනයට ලක්කළා. හමුදාවේ ඉහළ සාමාජිකයන් පහළ නිලධාරින්ට කරන බලපෑම් සහ ක‍්‍රියාවන් ගැන සඳහන් කළා. එවැනි දේවල් කීමෙන් ත‍්‍රිවිධ හමුදාව ගැන පුරවැසියන්ට අප‍්‍රසාදයක් ඇති කිරිමට රාජ්‍ය ඇමතිවරයා උත්සාහ කළා. හමුදාවට එන්න ඉන්න කෙනෙක් මේ කියන දේවල් ඇහුවම පසුගාමී වෙන්න පුලූවන්. ඒක රටේ අනාගත පැවැත්මට විශාල පහරක් වෙන්න පුලූවන්.’’


‘‘ඒ වගේම ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ඒ වැඩසටහනේ දි විවේචනය කරලා ආරක්‍ෂක ලේකම්වරයාට තර්ජනයත් කළා. ත‍්‍රිවිධ හමුදාවේ විනය පිරිහිලා කියලා හමුදාව රාජපාක්‍ෂිකභාවයෙන් මුදවා ගැනීමට බලපෑම් කළා. රටක හමුදාවට සිවිල් පුරවැසියන් වගේ ක‍්‍රියා කරන්න බෑ. ඒ අය රජයට පක්‍ෂව ක‍්‍රියා කළ යුතුයි. විනාඩි 43ක් විකාශනය වුණ මේ වැඩසටහන තුලින් ඔහු ත‍්‍රිවිධ හමුදාවේ මොරාල් එක නැතිවන ආකාරයට කතා කළා. ගුවන් හමුදාව දැඩි ලෙස විචේනය කළා.
 
පුරවැසියෙක් විදියට මේක රටට කළ මහා අපරාධයක් විදියට මම දකිනවා. ඒවිතරක් නෙවෙයි රටේ ආරක්‍ෂාවට විශාල තර්ජනයක්. ආරක්‍ෂක හමුදාවට මහජනයා ඉදිරියේ මුහුණ දෙන්න බැරි විදියට විචේනය කළා.’’
 
ඉනපසු එම සජීවී වැඩසටහන සංස්කරණය කර එදින සවස සිට රන්ජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ ප‍්‍රසිද්ධ කර ඇති බව ද පැමිණිලිකාර නිස්සංක මහතා කීවේ ය.
 
‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සිවිල් පුරවැසියාට ලබා දී ඇති බලතල අනුවයි මම ඒ පැමිණිල්ල දැම්මේ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ පැමිණිල්ල තාවකාලික පැමිණිල්ලක් ලෙස බාරගත්තා. මට ඒ බවට රිසිට්පතකුත් ලබා දුන්නා. සාක්කි ඉදිරිපත් කිරීමට සහ විධිමත්ව පැමිණිල්ල ඉදිරිපත් කිරීමට ඉදිරියේ දී මට දැනුම් දෙන බව ද පැවසුවා.’’ එල්.පී. නිස්සංක මහතා පැවසුවේ ය.
 
 
 



අදහස් (14)

රන්ජන්ට එරෙහිව පුරවැසියකුගෙන් පැමිණිල්ලක්

Mahee Wednesday, 27 February 2019 11:10 AM

මෙහෙම පුරවැසියොත් ඉන්නවා එහෙනම්! පුදුම වෙන්න දෙයක් නෑ. රටකට ආණ්ඩුවක් ලැබෙන්නේ එහි පුරවැසියන් අනුවය කියනවනේ...

:       2       91

රට බේරා ගැනීමට Wednesday, 27 February 2019 11:17 AM

මේ රටේ සිදුවන අසාධාරණ කියන එකම රජය පැත්තේ MP මොහුය. නීතිඥයන්ට, නඩුකාරයින්ට විරුද්ධව කතා කිරීම නිසා ඔහුට ඉහත ලෙසම සුපරිමාධිකරණයේ නඩුවකි. හමුදාවල සිදුවන අසාධාරණ කියන විට තව නඩුවක් දමාවි. නගහකන්ද කොඩිතුවක්කු සහ ආවා සමාජිකය-දෙරණ යූ ටියුබ් වල කියන දේ මෙම අසාධාරණයම වේ. අවුරුදු 71ක් පසුවී අප රට වේගයෙන් කොරියාව, ඉතියෝපියාව, බන්ගලිදේශය පසුකර සෝමාලියාව පසු කිරීමට සැරසේ. අපගේ දරුවන්ට යන කල? ජනගහනය කොටි 2 යි. හොරු සිටින්නේ ප්‍රධාන පක්ෂවල ඉහළ අය.., රජයේ සමහර ඉහළ තනතුරු දරන අය වේ. මේ සුළු පිරිස මුළු රටම කයි. නාගහකන්ද කොඩිතුවක්කු, සුගන්ධිකා නීතිවේදනීය, ආවා සමාජිකයා, රොහාන් පල්ලෙවත්ත, රන්ජන් රාමනායක, එකතු වුනොත් මේ රට බේරා ගැනීමට පුළුවන. මේ සඳහා දෙරණ සහ ලංකාදීපය එකතුවී රට හදන්න අලුත් පෙරමුණක් හදන්න.

:       26       2014

GP NISSANKAWednesday, 27 February 2019 02:56 PM

රාජ්‍යයේ ආරක්ෂාව බිද නොදැමිය යුතුය. ආරක්ෂක හමුදාවක ඉහලින්ම තිබෙන්නේ විනයයි. ආරක්ෂක හමුදාවක අභිමානය කව්රුන් හෝ විනාශ කරන්නේ නම් හෝ රාජ්‍යයේ පැවැත්මට බාධා කරන්නේ නම් මට කල හැකි දේ කිරීමට මා පසුබට වන්නේ නැහැ. මට පෙර මගේ රට. මගේ බිරිද දරුවන් පමණක් නොව සමස්ත වැසියන්ම සතුටින් සිටින්නට නම් මගේ රටෙි ත්‍රිවිධ හමුදාව පොලිසිය රැකීම අප කාගේත් වගකීමකි. හමුදාවද විනාශ වුවහොත් අප සියලු දෙනාටම සිදු වන්නේ පරදේශකයක යටත් වැසියන් වන්නටය. එය එසේ නොවිය යුතුය. දැන වුවත් නොදැන වුවත් වරද වරද නම් එය අදාල ආයතන වලට දැනුම් දීම මගේ යුතුකමය. ඒ පිලිබදව සොයා බැලීම හෝ යට ගැසීම අදාල ආයතන වල වගකීමකි.එසේම හොද වැඩ වලට හොදයි කියන්නද බිය විය යුතු නැත. නරකට නරකයි කියන්නටද එසේමය. නමුත් අප දැකිය යුතු සියල්ල දැකිය යුත්තේ තාර්කික පසුබිමක සිටය. මා මෙම පැමිණිල්ල කලේ කිසිදු දේශපාන පක්ෂයකට කඩේ යාමට නොවේ. රටේ ආරක්ෂක හමුදාවන් වලට එරෙහිව ඇගිලි දික් කල යුත්තේ මේ ආකාරයෙන් නොවේ. මේ ආකාරයෙන් ඇගිල්ල දික් කල විට හමුදාවේ මානසික මට්ටම බිද වැටේ. අප දැකිය යුත්තේ අප ජීවත් වන රට රැකිය යුතු ආකාරය දෙසයි.

:       567       294

බද්රානි Wednesday, 27 February 2019 04:24 PM

ඔබතුමා කළ ඒ ජාතික සේවයට සසර පුරාවටම, තව තවත්, වැඩි වැඩියෙන් නඩු කීමට අවස්ථා බහුලව ලැබේවා යයි පතමි!!!

:       103       35

MaheeWednesday, 27 February 2019 05:32 PM

අපරාධයක් කල අයෙකු නැතහොත් නීති කැඩූ අයෙකු හමුදාවේ කෙනෙකු හෝ පුජක පන්තියේ කෙනෙකු හෝ විනිශ්චය කරුවෙකු වීම නැතහොත් වෙනත් ඕනෑම උසස් යයි සම්මත සේවාවක හෝ ජන කොට්ටාශයකට අයත් වීම ඔහු සර්ව නිර්දෝෂී පුද්ගලයකු බවට පත් වන්නේද? හමුදා නිල ඇඳුමෙන් අපරාධ කල අය අපරාධකරුවන් වශයෙන් හැඳින්වීම වැරදිද? ඔවුන් හමුදාව තුල රඳවා ගැනීම නොවේද හමුදාවට ඇතිවන අගෞරවය? ගරු කලයුත්තේ හමුදාවට මිස, හමුදාව නමැති ආයතනය මිස ඒ තුල රැදී සිටින නුසුදුසු පුද්ගලයන්ට නොවේ.

:       0       61

avi Wednesday, 27 February 2019 12:18 PM

මේ පුරවැසියා පොහොට්ටුවෙන් නේද ..?

:       13       84

කරුණාපාල Wednesday, 27 February 2019 01:45 PM

පුරවැසියෝ කියලා කියා ගත්තට වැඩිපුරම ඉන්නේ බලු කුක්කෝ. මනුස්සයෙකුට පාරේ යන්න නැහැ... මොවුන් ඇඟට කඩා පනිනවා.

:       2       101

ප්‍රීති Wednesday, 27 February 2019 05:05 PM

අපරාදේ, GP NISSANKA මහත්තය විනෝදාංශයක් ලෙස, නඩු කියන බව කලින් දැනගෙන හිටියා නම් ඉඩම් නඩුවකටවත් පටලවා ගන්න තිබුනා.

:       2       54

රවිඳු Wednesday, 27 February 2019 05:16 PM

බඩ ගෝස්තරය වෙනුවෙන් නඩු කියන තියරිය, ලංකාවේ අධ්‍යාපන විෂය නිර්දේශයට ඇතුලත් කල යුතු නොවේද?

:       1       64

GP Nissanka Thursday, 28 February 2019 01:33 AM

ඔබ දෙපලටම ස්තුතියි. හැබැයි ඔබ කියන අයුරින් අනිත් දේවල් කරවන්න ඔිනි අපි නොවෙයි. නඩු කියන එක හෝ නොකියන එකට වඩා මම අහන්නේ දෙන්නගෙන්ම හැම දේකටම විදියක් තියෙනව නේද. අනික හමුදාවන් වල අසාධාරණ සිදු වෙනව නමි වැරදි කරන අය ඉන්නවනමි ඒකට තියෙනව වෙනම ක්‍රමයක්. ඒ විදියට කලා නමි හමුදාවට තියෙන ගරුත්වය එහෙමිම තියෙවි. ඒක ආයතිනක වශයෙන් බලද්දි වැරදි. සමහර විට මම මෙි කියන දේ නොතේරෙන්න පුලවන්. හැබැයි නැවතත් යුද්දයක් අාවොත් හමුදාව සිටිය යුත්තේ විනාශ නොවුනු හමුදාවක්. අනික යුද්දය තියෙන කාලේ හැම දුකක්ම වින්දේ හමුදාව. ජාතික ආරක්ෂාව ගැන සිතිය යුත්තේ අපි හැමෝමයි. මගේ මෙි පැමිණිල්ලේන් බලාපොරොත්තු වන්නේ හමුදාවන් වල චිත්ත දෛර්්‍ය විනාශ නොකල යුතුයි. එකක් දෙකක් වැරදි වුවත් ඒවා දෙසත් බලන්න අවශ්‍ය සිද්ධිමය කරැණු මතයි. නඩු කියන එක මට ප්‍රශ්නයක් නොවෙයි

:       45       10

Vijitha Thursday, 28 February 2019 02:07 AM

දෙවියන්වහන්සේ වරදක් කලත් වැරැද්ද වැරද්දමයි. ඉතින් මහජනයාගේ දැනගැනීම සඳහා ඒවා ප්‍රසිද්දියේ කීවම මොකද වැරැද්ද? හමුදාවල එහෙම අඩුපාඩු තියෙනවනම්, වැරදි තියෙනවනම් ඒවා නිවැරදි කරගන්න එක නේද කල යුත්තේ. එම වැරදි අඩුපාඩු පෙන්නලා දෙන අයට විරුද්දව නඩු කියන එක නෙවේ නේද කල යුත්තේ. එක අතකට බලන කොට මේක මහා පුදුම රටක්. කහ සිවුරක් දාගත් අයෙක් වරදක් කරලා දඬුවම් දෙනකොට එය බුද්ධ සාසනය විනාශ කිරීමක්. හමුදා නිල ඇදුමක් ඇදගත් කෙනෙක් මිනි මැරුවත් ඒවා නොසලකා හරින්න ඕන. මොකද එයා රට බේරගත්ත රණවිරුවෙක්. මෙහෙම මෝඩ සහ ආත්මාර්ථකාමී සිතුවිලි තියෙන රටකට අනාගතයක් තිබේද කියන එක ප්‍රස්නයක්

:       0       47

chandana Thursday, 28 February 2019 03:54 AM

හරිම සරලයි. රන්ජන්ගේ වැඩ වලට පෙනී සිටින නීතිඥයන් ඉන්නවා. ඒ නීතිඥයන්ගේ මතවාදය පතුරවන්න රන්ජන් ඉන්නවා. ඒ කිසි දෙයක් ගැන වැටහීමක් නැතුව මතුපිටින් පෙනෙන දේ බලන අය රන්ජන් හොඳයි කියනවා. අන්තිමට රට ඉවරයි. ඒ සත්‍යය තේරුම්ගත්ත පුරවැසියෙක් ඉදිරියට ඇවිත් තියෙනවා. මම ඉහතින් කිව්ව මතවාදය ගැන ගැඹුරින් කල්පනා කෙරුවොත් හැමෝටම තේරේවි.

:       28       8

neil Thursday, 28 February 2019 05:38 AM

සිවිල් පුරවැසියෙක් වෙන්න බෑ , සිවිල් වහලෙක් කිව්වනම් හරි

:       0       13

Weediyegedara niroshan Monday, 04 March 2019 06:57 AM

විශ්‍රාමික සෙබළුන් දැන් දුක කියන්න කෙනෙක් නැහැ රන්ජන්ට කියලා තියෙන්නේ ඒකනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4766 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4737 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8220 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3016 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 739 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12422 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site