IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පාස්කු දා ප්‍රහාරයට පෙර පල්ලි යද්දී දුරකතනය වාහනයේ අසුන යට තැබුවා

(*** මුදිතා දයානන්ද)

“පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනයේ පල්ලි යද්දි දුරකතනය නාදවීම අක්‍රිය කරලා (Silent Mode) මෝටර් රථයේ අසුන යට තැබුවා. පාස්කු දිනයේ ප්‍රහාරයෙන් පසු දුරකතනය අතට ගන්නා තුරු එයට ඇමතුම් ලැබී තිබු බව මම දැක්කේ නැහැ” යැයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (17) පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ මදූ ජයතිලක මහත්මිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ඊයේ සිදුකෙරුණ අතර එම අවස්ථාවේ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා එසේ පැවසීය.

නීතිඥ මදූ ජයතිලක මහත්මිය - ඔබ පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය ගැන දැන ගත්තේ ඥාතියෙකුගෙන් බව මේ කොමිසමේදී ප්‍රකාශ කර තිබුණා.
පිළිතුර – ඔව්. මම ඥාතියෙක්ගෙන් තමයි දැන ගත්තේ.

ප්‍රශ්නය - ජාතික බුද්ධි ප්‍රධානී ලෙස ඔබට ලැජ්ජාවක් දැනුණේ නැද්ද ඥාතියෙක්ගෙන් ඒ ගැන දැන ගන්නකොට. ඔබනේ ඒ අයටත් පණිවුඩය දැනුම් දිය යුත්තේ.
පිළිතුර - මම මොකටද ලැජ්ජා වෙන්නෙ? මට මේක මගේ කාර්යාලයෙන්වත් කියලා තිබුණේ නැහැ.

කොමිසමේ සභාපති - ඔබගේ කාර්යාලයෙන්වත් මේ පණිවුඩය කිව්වේ නැහැනේ. ඒක කියන්න ඔබේ දුරකථන ක්‍රියාත්මක කර තිබුණාද?
පිළිතුර - අක්‍රීය කර තිබුණේ නැහැ. ඒත් මම කලින් දවසේ පල්ලි යද්දී ඒ කියන්නේ විස්ස හවස හතරට පමණ එය සයිලන්ට් කරලා කාර් එකේ අසුන යට තියලයි ගියේ.

කොමිසමේ සභාපති - ඒක දිගටම සයිලන්ට් කරලාද තිබුණේ? එතකොට හදිසි පණිවුඩයක් කියන්නේ කොහොමද?
පිළිතුර - ඒක නිදාගන්න කොට මගේ ළගයි තියෙන්නේ. ඒ නිසා ඇමතුමක් ආවොත් මට ඇහෙනවා.

කොමිසමේ සභාපති - එහෙත් ඔබට ලැබුණ ඇමතුම් කිසිවක් ඔබ දැක්කේ නැහැනේ.
පිළිතුර - ප්‍රහාරයෙන් පස්සේ තමයි මම ඒවා දැක්කේ.

නීතිඥ ජයතිලක මහත්මිය - මම යෝජනා කරනවා ඔබ ඔබේ වගකීම පැහැර හැරි බවට. පිළිතුර - මම ඒක ප්‍රතික්ෂේප කරනවා.
ප්‍රශ්නය - අප්‍රේල් හතර වැනිදා ලැබුණ බුද්ධි තොරතුර රාජ්‍ය බුද්ධි ප්‍රධානී ඔබට හත්වැනිදා යොමු කළ ලිපිය ඔබට එය ලැබී තිබුණේ අට වැනිදා කියනවා. ඇයි ඔබට ඒක එදිනම නොලැබුණේ?
පිළිතුර - මට ලැබෙන ලිපි වෙනත් කිසිවෙක් විවෘත කරන්නේ නැහැ. හදිසි වැඩක් නැත්නම් මම සිකුරාදා ගෙදර ගියාම ආපසු එන්නේ සඳුදාට. ඒ තරම් වැදගත් තොරතුරක් නම් මගේ ගෙදර තියෙන්නෙත් කිට්ටුවමයි. ගෙදරට එවන්න තිබුණා.

ප්‍රශ්නය - නව වැනිදා බුද්ධි සමාලෝචන රැස්වීමේ න්‍යාය පත්‍රයට මේ තොරතුර ඇතුළත් කරන්න ඔබට ඉඩ තිබුණා. ඇයි ඔබ එසේ නොකළේ?
පිළිතුර - රාජ්‍ය බුද්ධි ප්‍රධානීගේ තොරතුරක් මේක. ඒක එයාගේ අවස්ථාවේ කතා කරන්න තිබුණා.

ප්‍රශ්නය - ඔබ න්‍යාය පත්‍රයේ තුන්වැනි අංගය ලෙස අරන් තිබෙන්නේ ජාතික ආරක්ෂාව බලපාන වෙනත් වැදගත් කරුණු කියලා මාතෘකාවක්. එයට යොදා තිබෙන්නේ විදේශ වලින් පැමිණෙන සිසුන් ගැන ප්‍රශ්නයක්. ඔබට පුළුවන්කම තිබුණා මේක නිලන්ත කතා නොකළා නම් එම අවස්ථාවේ හෝ කතා කරන්න.
පිළිතුර - මේ තොරතුර ලැබුණේ නිලන්තට. ඔහු තමයි තොරතුරුකරු සමග කතා කළේ. ඒ නිසා එය විස්තර කළ හැක්කේ ඔහුටයි.

කොමිසමේ සභාපති - අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩියේ සිදුවූ බයිසිකලයක් පුපුරුවාහැරීමේ සිදුවිම ගැන ජයවර්ධන මහතා දැනුම් දුන්නාද?
පිළිතුර - කිව්වා.

කොමිසමේ සභාපති - එසේ නම් ඔබට එහි බරපතල කම දැනුණේ නැද්ද?
පිළිතුර - එවැනි පිපිරීම් නිතර සිදුවෙනවා. බයිසිකලයක් පුපුරලා නැතත් ග්‍රේනේඩ් වැනි දේවල් පුපුරලා තිබෙනවා.

කොමිසමේ සභාපති - ග්‍රේනේඩ් පිපිරීමයි යතුරුපැදියක් පුපුරුවා හැරීමයි අතර වෙනසක් ඔබට දැනෙන්නේ නැද්ද?
පිළිතුර – නෑ. මම ඒ තරම් ඒ ගැන හිතුවේ නැහැ.

කොමිසමේ සභාපති - ඔබට ග්‍රේනේඩ් පුපුරණකොටත් රාජ්‍ය බුද්ධි ප්‍රධානි දැනුම් දෙනවාද?
පිළිතුර - නැහැ.

කොමිසමේ සභාපති - එහෙම නම් මේක දැනුම් දුන්නේ විශේෂ හේතුවක් නිසා කියලා හිතුනේ නැද්ද? අඩුම තරමින් මට මොකටද මේක එව්වේ කියලා අහලා බැලුවෙත් නැද්ද?
පිළිතුර - නැහැ. මට එහෙම හිතුනේ නැහැ.

කොමිසමේ සභාපති - ඔබ අප්‍රේල් 12 විදේශගත වුණාද?
පිළිතුර - ඔව්.

කොමිසමේ සභාපති - ඒ රාජකාරි කටයුත්තකටද?
පිළිතුර - නැහැ.

කොමිසමේ සභාපති - ඔබට අටවැනිදා අර වගේ බුද්ධි තොරතුරක් ලැබී තිබියදීත් මේ වෙලාවේ විදේශ ගතවීම සුදුසු නැහැ කියලා හිතුනේ නැද්ද?
පිළිතුර - නැහැ. මට ඒ තරම් බරපතළ කමක් ගැන දැනුවත් කර තිබුණේ නැහැ. මම ආරක්ෂක ලේකම් සමගත් කතා කරලයි ගියේ.

 



අදහස් (10)

පාස්කු දා ප්‍රහාරයට පෙර පල්ලි යද්දී දුරකතනය වාහනයේ අසුන යට තැබුවා

sarath perth Friday, 18 September 2020 07:42 AM

නුසුදුසු අයට වගකීම් පැවරීම් නොකළ යුතුව තිබුණා.

:       0       154

PradeepFriday, 18 September 2020 08:23 AM

මොනවා කරන්නද..? ඒ අවධියේ මුළු රාජ්‍ය පාලනයේම සිටියේ නුසුදුසු අයනේ..

:       1       129

BamunuarachchiSaturday, 19 September 2020 01:51 AM

වගකිව යුතු නිලධාරියෙක් තමයි ෆෝන් එක සයිලන්ට් දාලා සීට් එක අස්සේ දාලා තියලා කියනවා මම වගකීම පැහැර හැරියේ නැහැ කියලා. එවෙලේම අැක්ෂන් ගන්න ඕනේ.. පණිවිඩේ ආවා නම් මිනිහා ඇක්ෂන් ගන්නේ පහුවෙනිදා. එතකොට බබා හම්බවෙලා ඉවරයි. මෙවැනි නිලධාරින් එවලේම සේවයෙන් පහකරන බලය 20න් ජනාධිපතිට ලැබෙන්න ඕනේ.

:       0       0

Prabha Friday, 18 September 2020 08:59 AM

මේ කටඋත්තර කෙතරම් වගකීම් විරහිතද? මීට වඩා හොඳයි, ඔය තනතුරට තඩි ගවයෙකු දැම්මා නම්..

:       0       237

සෑම් Friday, 18 September 2020 10:48 AM

මේ කොමිසමේයි, පසුගිය පාර්ලිමේන්තු කොමිසමේයි පටන්ගැන්මේ ඉඳන් සම්පූර්ණයෙන් සිද්ධිය අහන කොට ඕනෑම මොලයක් තියන කෙනෙකුට පෙනෙනවා.. බුද්ධි අංශයේ වගකිව යුත්තන්ගේ හැසිරීම අහම්බයක් නොවන වග... ඔක්කොම කාගේ හරි සැලැස්මකට තමයි වැඩ කරලා තියෙන්නේ. හිටපු ජනාධිපතිත් ඇතුළුව... මෙයා අප්‍රේල් 12 රට යන්නත් ඇත්තේ තව කාගෙන්හරි උපදෙස් ගන්න වෙන්න ඇති. සිරිසේනත් රට පැන්න ඔක්කොම වෙන්න ඉඩහැරලා. මේවා ඔක්කොම ප්ලෑන්. අපිව ගොනාට අන්දන්න බැහැ. සිරිසේනයව පාර්ලිමේන්තු අරන් ආවේත් නිකන් නෙමෙයි. කරපු උදව්වට... ඕක පිටිපස්සේ ඉන්නේ අනිවාර්යයෙන්ම රජ පවුල.

:       148       509

PradeepSaturday, 19 September 2020 05:22 AM

ඔබ කියන ලෙසට එවක එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ පාලනයක් තිබුණත් ඔවුන් සියල්ලම වැඩකටයුතු කර තිබෙන්නේ රජ පවුලේ අයට වුවමනා විදියට.. එහෙමද?

:       0       6

AsankaSaturday, 19 September 2020 07:05 AM

ඔව් සත්තකින්ම...

:       0       1

BamunuarachchiSunday, 20 September 2020 11:38 AM

මෙතන ලියන අයගෙන් කාටද රාජ ෆෝබියාව තිබෙන්නේ? ඕක සනීප වෙන්න කාලයක් යනවා.

:       0       0

Bamunuarachchi Saturday, 19 September 2020 11:16 AM

අපි මෙපමණ කල් දැනගෙන සිටියේ තාත්තා පල්ලි යන්න එපා කිව්ව කතාව විතරයි. දැන් බලනකොට නංගිත් කියලා තියෙනවා පල්ලියට විතරක් නොවෙයි අහවල් හෝටලේට යන්නත් එපා කියලා..කොමිසමේදී එළියට ආවා. හංගගෙන ඉන්න බැරිවෙලා...

:       0       0

Bamunuarachchi Sunday, 20 September 2020 11:35 AM

වගකිව යුතු නිලධාරියෙකුගේ ගොබ්බ කතාවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 134 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1237 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 169 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 373 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site