IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


113 සොයද්දී පීඩනයෙන් මිදීමට රට පනිති

ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ප්‍රකාරව ගැසට් නිවේදනයක් නිකුත් කිරීම ආදී කටයුතු ව්‍යවස්ථානුකූලව ඉටු කිරීමට ජනපතිවරයා කටයුතු කර ඇතත් වසර හතර හමාරක් ගතවන තෙක් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නොහැකි බව යන කාරණය ඔහු නොසළකා හැර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නීතිඥවරු පෙන්වා දෙන්නෝ ය.

ඒ කාරණය හැරෙන්නට ඇයි එහෙනම් ඔහු අනෙක් කාරණා සියල්ල පිළිපැද තිබෙන්නේ ?  යයි එක්සත් ජාතික පක්ෂ නීතිඥ කණ්ඩායමේ එක් සාමාජිකයෙක් විමසා සිටියේ ය.

පසුගිය සෙනසුරාදා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුව විසිරුවීමට ජනපතිවරයා ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් ව්‍යවස්ථා අධිකරණය ලෙස ද පෙනී සිටින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට සැළසුම් සකස් කරමින් සිටියේ ය.

ජනපති සිරිසේන මහතාගේ සහ අගමැති රාජපක්ෂ මහතාගේ උපදේශකයින් ද, නායක දෙපළ ප්‍රමුඛ පක්ෂයේ ජේ්‍යෂ්ඨයින් ද පසුගිය සිකුරාදා රැස්ව ඉදිරියේ එන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. ඔවුන් නියෝජනය කරන පක්ෂවලින් සැදුම්ලත් සන්ධානයක් තැනීම සම්බන්ධයෙන් වූ පුළුල් එකගතාවයක් ඔවුහු එහිදී ඇතිකර ගත්හ.
කෙසේවුව ද එකිනෙකා අතර අදහස්මය වෙනස්කම් තවමත් ඇත. 

බැසිල් රාජපක්ෂ මහතාගේ කැමැත්ත වන්නේ පොහොට්ටුව ලකුණ යටතේ මැතිවරණයට අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන්නෝ අවධාරණය කර සිටින්නේ ඔවුන්ගේ අනන්‍යතාවය සුරක්ෂිත විය යුතු බව සහ ඔවුන්ගේ ලකුණ යටතේ තරග වැදිය යුතුව තිබෙන බවය. ඉරිදා මහනුවර සංචාරයක නියැළී සිටි ජනපතිවරයා කොළඹට පැමිණි පසු සඳුදා දිනයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබිණ. 
එක් සාකච්ඡාවක දී පෙන්වා දෙනු ලැබුවේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට රූපවාහිනී මාධ්‍ය කණ්ඩායම් එවීමට කටයුතු කරමින් සිටින ඇතැම් විදෙස් රටවල් ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව හුවා දැක්වීමට ක්‍රියා කරමින් සිටින බවය. එය සත්‍යයක් වන්නට හැකි වුවත්, අන්තර්ජාතික තලයේ ශ්‍රී ලංකාව කෙරේ මේ සා උනන්දුවක් ඇතිවීමට හේතුව වන්නේ ද පසුගිය දින කිහිපයේ වූ සිදුවීම්ය. 

විදේශයන්හි තානාපති කාර්යාලවලට ජනපති සිරිසේන මහතාම මැදහත්ව පත්කර ඇති නිලධාරීන් මෙන්ම මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් පවා තම රටේ ජනපතිවරයාට සහ අගමැතිවරයාට එරෙහිව ක්‍රියාත්මක ව්‍යාපාරයකින් ඔවුන් ගලවා ගැනීමට අපොහොසත් ව සිටිති. මේ හමුවේ පසුගිය රජය සමයේ සිදුවූ අතුරුදන් කිරීම්, ඝාතනය කිරීම් සහ පැහැර ගැනීම් නව එළියකින් කරළියට පැමිණ ඇති සෙයක් දැකගත හැකිය. 

ප්‍රතිඵලයක් ලෙස රටේ ආර්ථිකය, සංචාරක ක්ෂේත්‍රය ද ඇතුලුව ඉතාම අවදානම් සහගත තත්ත්වයකට පත්ව තිබේ. දැනටමත් සැළකිය යුතු හානියක් සිදුව අවසානය.

පසුගිය සතියේ සන්ඬේ ටයිම්ස් පුවත් පතට මෙන්ම සදුදා පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පැවැති ජන රැලියට එක්ව සිටි දස දහස් ගණනක් ජනතාව හමුවේ අතිශය විශ්වාස සහගතව පවසා සිටිය ද පාර්ලිමේන්තුවේ 113ක බහුතර කැමැත්ත තමන් වෙත දිනාගැනීමට ජනපති සිරිසේන මහතා අපොහොසත් විය. එක් අවස්ථාවක එය ඉතාම පහසුවෙන් දිනාගත හැකි මට්ටමක පැවැති නමුත් පසුගිය සතියේ වූ සිදුවීම් හමුවේ එය ක්‍රම ක්‍රමයෙන් දුරස්ථවී ගියේ ය. තම පාර්ශවය වෙත එකිනෙකා දිනාගැනීමට දැරූ උත්සාහයන් ව්‍යර්ථ වීම රටේ ඇතිව තිබූ දේශපාලන අර්බුදය නව මානයන් කරා ගියේ ය.

තිරය පසුපස වූ සිදුවීම් සැළකිල්ලට ගතහොත් ජනපතිවරයා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ සිලෝන ජනතා කොංග්‍රසයේ නායක රිෂාඞ් බදුර්දීන් යන මහත්වරුන් සමග සාකච්ඡා ආරම්භ කළ අවස්ථාවේ 113 ඉලක්කය පැවැතියේ අතේ දුරිනි. 

ශ්‍රී ලංකා මුස්ලිම් ජනතාවගේ දේශපාලන නායකයින් යැයි තමන් හදුන්වාගන්නා හකීම් සහ බදුර්දීන් දෙදෙන ජනපතිවරයා සමග පැවැති සාකච්ඡාවෙන් පසුව කොළඹ හෝටලයක දී එකිනෙකා හමුවී - ජනපතිවරයා ඉල්ලා සිටින සහාය ලබාදීමට දෙදෙනගෙන් එක් පාර්ශවයක් හෝ ඉදිරිපත් වීමට තිබෙන හැකියාව අවධානයට ගත් අතර, අවසන දෙදෙනම තීරණය කළේ සහාය දක්වන්නේ නම් ඒ සදහා දෙපාර්ශවයම ඉදිරිපත් විය යුතු බවත්, එසේ නොමැති නම් දෙපාර්ශවයම ඉන් වැළකී සිටිය යුතු බවත්ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 7 ක් සිටින අතර සිලෝන ජනතා කොංග්‍රසයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 ක් සිටී.

හකීම් මහතා සහ ජනපති සිරිසේන මහතා අතර පැවැති සාකච්ඡාව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ රජය අතර අත්සන් තැබෙනු ඇති අවබෝධතා ගිවිසුමක් මත පදනම් වූ බව සන්ඬේ ටයිම්ස් පුවත් පතට දැනගැනීමට හැකි විය. මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතා එම ගිවිසුමේ අන්තර්ගතය වී ඇත. 

සිරිසේන මහතා සහ ඔහුගේ හිතවාදීන් සැනසුමට පත්කර තිබූ කාරණයක් වූයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් තිදෙනෙක් රජය හා එක්වීමට කැමැත්ත පළකර තිබීමය. සයෙඞ් අලි සාහීර් මව්ලානා (ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පත්ව සිටින එකම සාමාජිකයා, අනෙක් සාමාජිකයෝ සියල්ල එක්සත් ජාතික පක්ෂය යටතේ පත්ව සිටින්නෝ වෙති), එච්.එම්.එම්.හාරිස් සහ තවත් අයෙක් ඔවුහු අතර වූහ. සිලෝන ජනතා කොංග්‍රසයෙන් දෙදෙනෙක් ද, අබ්දුල්ලා මහරුෆ් සහ එස්.එම්.මොහොමඞ් ඉස්මයිල්, රජය හා එක්වීමට කැමැත්තෙන් සිටියහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහමොළකරු වන බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස වූයේ මුස්ලිම් නායක දෙපළ ද ජනපතිවරයා ප්‍රමුඛ රජයට සහාය දැක්වීම සදහා දිනාගත යුතුව තිබෙන බවය. එතෙක් රජය හා එක්වන නව සාමාජිකයන්ට නව තනතුරුවල දිව්රුම් දීම ප්‍රමාද කළ යුතුව තිබෙන බව ඔහුගේ අදහස විය.

කොටින්ම සිලෝන ජනතා කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය එස්.එම්.ඉස්මයිල් නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතව සිටියේ ය. එක්සත් ජාතික පක්ෂය යටතේ සිලෝන ජනතා කොංග්‍රසයට ලබා දී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් හරහා පාර්ලිමේන්තුවට පත්ව සිටින ඔහු අග්නිදිග විශ්වවිද්‍යාලයට අනුයුක්තව සිටි සමයේ ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සාහ කළේ යැයි චෝදනා ලබා සිටින පුද්ගලයෙක් ද වේ.

ඉස්මයිල්ගේ දිව්රුම් දීම බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීමෙන් අවසාන මොහොතේ දී වැළැක්වුනු අතර, අනතුරුව ඉස්මයිල් සහ බදියුදීන් අතර හමුවක් පැවැත්විණ. තම අනුමැතිය නොමැතිව පක්ෂ සාමාජිකයකු රජයට එක්කර ගැනීමට උත්සාහ කළේ යැයි බදියුදීන් සිටියේ අතිශය කෝපයට පත්වය. ඒ නිසාම රජයේ දූතයින් පවා හමුවීම ඔහු ප්‍රතික්ෂේප කළේ ය. නමුත් ක්‍රමයෙන් ඔහුගේ කෝපය නිවී ගියේ ය.

නැගෙන පීඩනයෙන් ගැලවී ගැනීමට තිබෙන හොදම මාර්ගය විදෙස්ගතවීම බව මුස්ලිම් නායක දෙපළ තීරණය කළහ. එසේ වුව ද, තමන් සහාය දක්වන්නේ කුමන පාර්ශවයට ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඔවුන් ඒ දක්වාම එළැඹ නොතිබූ බව පැහැදිලි විය. නොවැම්බර් මස 12 වැනිදා, පාර්ලිමේන්තුව කැදවීමට නියමිතව තිබූ දිනයට දින 2කට පෙර නැවත දිවයිනට පැමිණි පසු ඔවුන් තම අවසන් තීරණය දැනුම්දීමට සූදානමින් සිටින බව රජයේ නායකයින්ට දැනගැනීමට ලැබිණ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායකත්වයට මුස්ලිම් නායක දෙපළගෙන් දැනගත හැකිවූයේ එක්සත් ජාතික පක්ෂයට ඔවුන් සහාය දක්වන බවට ගත් තීරණයේ කිසිදු වෙනසක් සිදුව නොමැති බවය. අවසන් ප්‍රතිඵලය කුමක් වුව ද, හකීම් සහ බදියුදීන් දෙදෙනා එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීමට තීරණය කළහොත් ඔවුන්ගේ පක්ෂවල දෙදරීමක් ඇතිවන බව නියත විය. මුස්ලිම් නායක දෙපළ මත සම්පූර්ණ විශ්වාසය තැබීම අවදානම් සහගත බව රජයේ නායකයෝ ද වටහාගත්හ.

බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ පක්ෂ දෙකහිම පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වූ 12 දෙනෙකුගේ කණ්ඩායමක් වසරේ ඕනෑම කාලයක යෙදිය හැකි, සෞදි අරාබියේ ශුද්ධවු මැකා නගරයේ වන්දනාවක යෙදීමට දිවයිනෙන් පිටත්ව ගියහ. මෙය වසරකට වරක් යෙදෙන හජ් වන්දනාවට වඩා වෙනස්ය.

මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ නැසීගිය එම්.එච්.එම්.අෂ්රෆ් මහතා ආදර්ශයට ගෙන මුස්ලිම් නායක දෙපළ කටයුතු කරන බවක් පෙනෙන්නට තිබිණ. 2000 වසරේ ඔක්තෝබර් මස පැවැති පාර්ලිමෙන්තු මැතිවරණයේ දී ඔහුගේ කැබිනට් සගයකු වූ ඒ.එච්.එම්.ෆවුසි සිදුකළ අදහස් දැක්වීමක් හමුවේ දෙදෙන අතර ගැටුමක් හටගත් අතර, ඔහුව සම්බන්ධ කරගැනීමට එවක ජනපතිනී කුමාරතුංග මහත්මිය උත්සාහ කළ අවස්ථාවේ ඇයට දීර්ඝ ලිපියකින් පිළිතුරු යැවූ ඔහු මැකා නගරයේ (උම්රා) වන්දනාවක ගියේ ය. 

නව රජයකට සහාය දෙන නමුත් කිසිදු අමාත්‍යධූරයක් භාර නොගන්නා බව ඔහුගේ ලිපියේ සදහන් විය. ඔහු නැවත මෙරටට පැමිණි වහාම ක්‍රියාත්මක වූ රජයේ දූතයෝ රාත්‍රියේ අවසන් භාගය පමණ වන විට අෂ්රෆ් මහතා සහ කුමාරතුංග මහත්මිය අතර හමුවක් සංවිධානය කිරීමට සමත් වූහ. එහිදී ඔහු රටඉදි පාර්සලයක් සහ මැකා නගරයෙන් ගෙනවිත් තිබූ ශුද්ධවු සැම්සැම් ජලය ඔහු ඇයට තැගි කළේ ය. දෙපාර්ශවය අතර ඇතිව තිබූ අනවබෝධය ඉන් අනතුරුව විසදා ගැනිණ.

පාර්ලිමේන්තුවේ රජයට හිමිව තිබූ ආසන සංඛ්‍යාව පෙර තිබූ 108 ක අගයෙන් 107 ක් දක්වා පහත බැස තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගැනීමට හැකිවිය. 2010 වසරේ දී එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ මනූෂ නානායක්කාර මහතා නැවතත් ඔහුගේ පැරණි නිවස වෙත පැමිණ සිටියේ ය. ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මේ වන විට සිටින්නේ සිංගප්පූරුවේය. 

මුස්ලිම් පක්ෂවලින් එක්වනු ඇතැයි පුරෝකථනය කර තිබූ සාමාජික සංඛ්‍යාව අනුව රජයේ මුලු සාමාජික සංඛ්‍යාව 112 ක් දක්වාම ඉහළ යන්නට ඉඩ තිබූ අතර, 113ක බහුතරය සම්පූර්ණ කරගැනීමට තවත් අවශ්‍යව තිබූයේ එක් අයෙකි. නමුත් තත්ත්වය පැවැතියේ ඉතාම අවිනිශ්චිත මට්ටමකය. 

තම පාර්ශවය නියෝජනය කරමින් සිටින ඇතැමෙක් එක්සත් ජාතික පක්ෂය හා එක්වනු ඇතැයි රජය බියපත්ව සිටියේ ය. එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ පී.හැරිසන් මහතා ද මේ වන විට සිටින්නේ සිංගප්පූරුවේය. පෙර අවස්ථාවක ඔහු ද තමන් වෙත දිනාගැනීමට නව රජයේ පාර්ශවකරුවෝ උත්සාහ කර තිබුණහ.

 



අදහස් (0)

113 සොයද්දී පීඩනයෙන් මිදීමට රට පනිති

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 257 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 407 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 233 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 636 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 755 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2854 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site