IMG-LOGO

2025 පෙබරවාරි මස 18 වන අඟහරුවාදා


රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා

රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයටත් විෂය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාටත් රටේ ජනතාවගේ ප්‍රශංසාව හිමි විය. මාධ්‍ය හරහා ද එම පියවර අගය කරනු ලැබිණ. එහෙත් ඒ අවස්ථාවේදී සියලුදෙනාම පෙන්වා දුන් වැදගත් කාරණාවක් වූයේ මිල පහළ දැමීම හේතුවෙන් නිසි ප්‍රමිතියට නැති බාල ඖෂධ රට තුළට පැමිණීමට තිබෙන ඉඩකඩ අහුරා දැමීම ද අවශ්‍ය බවය. එසේම රෝගියකුගේ කැමැත්තට අනුව මිල වැඩිවුවද ඕනෑම අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීමට තිබෙන අයිතිය රැකදිය යුතු බවය. එහෙත් එය එසේ සිදුනොවන බවට තොරතුරු හෙළිවෙමින් තිබීම කනගාටුදායක බව පෙන්වාදීමට කැමැත්තෙමු.

එවැනි එක් තොරතුරකින් හෙළිවන්නේ දරුණු රෝගාබාධ කිහිපයකටම ලබාදෙන රොසපින් (Rocephin) මිලිග්‍රෑම් 1000 නමැති අත්‍යවශ්‍ය ඖෂධය මෙරටට ගෙන්වීම නතර කිරීමේ දැඩි අවදානමක් මතුව ඇති බවය. විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් කර ඇති මේ අනතුරු ඇඟවීම සෞඛ්‍ය ඇමැතිවරයාගේත් රජයේත් ක්ෂණික අවධානයට යොමුවිය යුතු යැයි අපි දැඩි ලෙස කියා සිටිමු. අත්‍යවශ්‍ය ඖෂධයක් මිලදී ගැනීමට නොමැති වීම යනු නිසැකවම රෝගීන් ලක්ෂ ගණනාවක් බරපතළ අමාරුවකට ඇද දැමීමකි. මේ පිළිබඳ ප්‍රවෘත්තිය හෙළිකරන අපගේ ‘ලංකාදීප’ පුවත්පත රොසපින් ඖෂධය මෙරටට ආනයනය කරන ඖෂධ සමාගමෙන් ද මේ පිළිබඳව විමසා තිබිණි. එහිදී එකී සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍යංශය නියම කළ මිලට එම ඖෂධය ලබාදිය නොහැකි වීම හේතුවෙන් එය ගෙන්වීම ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නතර කිරීමට සිදු වී ඇති බවය. මේ සම්බන්ධයෙන් රජය නොපමාව අවධානය යොමු කළ යුතු බව අප කියන්නේ අදාළ ඖෂධය මෙරට රෝගීන් ලක්ෂ ගණනාවකගේ ගැලවුම්කාරයා වී ඇති බැවිනි. ලෙඩකට බෙහෙත් ගැනීම ප්‍රමාද වීම මරණය ඉක්මන් කරවීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

රොසපින් ඖෂධය මෙනින්ජයිටීස්, ටයිෆොයිඩ්, නියුමෝනියාව සහ බැක්ටීරියා ආසාදිත දරුණු රෝග රැසකට රජයේ පිළිගත් විශේෂඥ වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන ප්‍රතිකාරයකි. දැනට ද ඖෂධය වෙළෙඳ පොළේ හිඟයක් පවතින බව කියයි. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු වන්නේ රොසපින් අත්‍යවශ්‍ය ඖෂධයක් වශයෙන් සියයට 80ක්ම භාවිතයට ගනු ලබන්නේ පෞද්ගලික අංශයේ රෝහල්වල රෝගීන් සඳහා බවය. විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කරන ආකාරයට ස්විට්සර්ලන්තයෙන් ආනයනය කරන ගුණාත්මක බවින් ඉහළ සහ මිල වැඩි ඖෂධයක් වන රොසපින් වසර 30කට අධික කාලයක් මෙරට රෝගීන් සඳහා නියම කෙරුණු බෙහෙතකි. මෙම බෙහෙත මේ වනවිට රටේ හිඟ වී තිබෙන්නේ රජයේ ඖෂධ මිල නියාමන ප්‍රතිපත්තිය හේතුවෙන් එහි මිල ගණන් අධික ලෙස පහළ දැමීමය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ අදාළ සමාගම ඖෂධය ආනයනය කිරීම සීමා කිරීමය. ඉදිරියේදී හෝ තම ගැටලුවට විසඳුමක් නැතිවුවහොත් එය ගෙන්වීම අතහැර දැමීමට සිදුවන බව ද සමාගම කියයි.

මෙහිදී ඖෂධ සමාගම කියන්නේ බොරු කතාවක් බවත් රොසපින් නැතිනම් වෙළෙඳ පොළේ ඇති එයට විකල්ප ඖෂධ වර්ග භාවිතයට ගත හැකි බවත් කියා සැබෑ ගැටලුව මඟහැරීමට ක්‍රියා නොකරන්නැයි අපි රජයෙන් සහ සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් දැඩිව ඉල්ලා සිටිමු. විකල්ප ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳව සහතික විය නොහැකි බව ද එවැනි විකල්ප ඖෂධවලින් රෝගීන්ට අතුරු ආබාධ ඇතිවිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර එය එසේ නොවන බවට ඔප්පු කර පෙන්වන තුරු රටේ ජනතාව පිළිගන්නේ විශේෂඥ වෛද්‍යවරුන් කරන ප්‍රකාශය බව ද මෙහිදී පෙන්වා දෙමු. මාධ්‍ය සාකච්ඡාවක් තබා එය එසේ නොවන බව ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නැත. මුළු රටේම අවශ්‍යතාවක් වන ඖෂධයක් ගෙන්වීම නතර කර දැමීම බරපතළ විපාක ඇති කළ හැකි බව සඳහන් කළ යුතුය. රොසපින් ඖෂධය මෙනින්ජයිටීස් වැනි දරුණු රෝගාබාධ සඳහා කලට වෙලාවට ලබාදිය නොහැකි වුණොත් ඇතැම් විට අන්ධභාවය, බිහිරිභාවය පවා ඇතිවිය හැකි අතර ජීවිත අවදානම ද ඉහළ යන බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ. එවැනි පිළිගත් වෛද්‍ය මතවලට අභියෝග කරමින් කාලය කා දමනවාට වඩා අවශ්‍ය වන්නේ රොසපින් ඖෂධය ගෙන්වීමට තිබෙන බාධා වහාම ඉවත් කිරීම බව සඳහන් කරමු.

ඖෂධ මිල නියාමනය ක්‍රියාත්මක කිරීමෙන් පසුව හෘද රෝගීන් සඳහා නියම කෙරෙන ‘ස්ටෙන්ට්’වල මිල පහත දැමීමට මීට පෙර රජය ක්‍රියා කළේය. පෞද්ගලික රෝහල්වල ලක්ෂ ගණන් වන ස්ටෙන්ට් එකක මිල තුනෙන් එකකටත් වඩා අඩු කළ බව ද ප්‍රකාශ කෙරිණි. එහෙත් පසුව දැනගන්නට ලැබුණේ එලෙස මිල අඩු කෙරුණු ස්ටෙන්ට්වල ගුණාත්මකභාවය ගැන සහතික කළ නොහැකි බවය. නිසි ප්‍රමිතියට අනුව සැකසුණු ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ස්ටෙන්ට් එතරම් අඩු මිලකට ලබාදිය නොහැකි බව ද සඳහන් විය. එහිදී ද බොහොමයක් දෙනා පෙන්වා දුන්නේ රජයේ ප්‍රතිපත්තිය අනුව මිල අඩු කළ ස්ටෙන්ට් ලබා ගැනීමට රෝගියකුට තිබිය යුතු අයිතිය වැඩි මිලක් ගෙවා ගුණාත්මක බවින් ඉහළ ස්ටෙන්ට් මිලදී ගැනීමට ද තිබිය යුතු බවය. ඖෂධවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය පිළිබඳව විවාදාත්මක තත්ත්වයක් පවතින විට රෝගියාගේ අයිතිය රැකදීම සෞඛ්‍ය අමාත්‍යංශයේ යුතුකම බව අපගේ විශ්වාසයයි.

පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලැබීමට එන්නේ ද මේ රටේ පොදු මහජනතාවමය. ඔවුන්ට ද ඉහළම ප්‍රමිතියකින් යුත් ඖෂධ වැඩි මිලක් ගෙවා හෝ ලබාගැනීමට තිබෙන අයිතියට බාධා කිරීම පිළිගත නොහැකි තත්ත්වයකි. රජයේ රෝහල්වල ද අත්‍යවශ්‍ය ගුණාත්මක ඖෂධ ලබාගැනීමට නොහැකි නම් එවැනි බෙහෙත් වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත පිටින්ගෙන ඒමට අවස්ථාව තිබේ. රොසපින් සම්බන්ධයෙන් ද අපට කියන්න තිබෙන්නේ රටටම බලපාන ඖෂධයක් බැවින් එය අවහිරයකින් තොරව මිලට ගැනීමට රෝගීන්ට අවස්ථාව ලබාදිය යුතු බවය. මේ රටේ බොහොමයක් රෝගීන් මවුන්ට් එළිසබෙත් වැනි අංගසම්පූර්ණ ඉහළම පෙළේ ජාත්‍යන්තර රෝහල්වල ප්‍රතිකාර ගැනීමට තරම් වාසනාවන්ත නැත.



අදහස් (3)

රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා

Push Friday, 01 March 2019 08:29 AM

බෙහෙත් කියන්නේ ආයුධ ළඟට තියන ලොකුම ජාවාරම. ඒ වෙනුවෙන් එයාලා ඕනෑතරම් වියදම් කරනවා. සමහර දොස්තරලා ඉන්නේත් සමාගම් වල සාක්කුවේ බව අපි අහලා තියෙනවා. මේක ලියපු කෙනාට සමාගම්වලින් ගානක් හම්බවෙලාද දන්නේ නෑ. ලිව්ව කෙනා නම දාලත් නෑ. සමහරවිට සමාගමකින්ම ලියලා එව්වද කියලත් හිතෙනවා.

:       134       125

daya Friday, 01 March 2019 11:10 AM

බී12 සිරප්වලට මොකදවුනේ?

:       0       58

Cisco Tuesday, 05 March 2019 07:09 AM

කොහෙද මිල අඩු කරලා තියෙන්නේ. වෙළෙඳපලේ තියෙන ගුණාත්මක බවයෙන් උසස් බෙහෙත්වල (වැඩි) මිල හා ගුනාත්මකබවින් අඩුම බෙහෙත්වල (අඩු) මිල බලල මැද මිලක් නියම කරලා තියෙනවා. මෙනිසා මිල වැඩි බෙහෙත් වෙලේදපොලෙන් ඉවත්වෙලා. සැබවින්ම වෙලා තියෙන්නේ අඩු (ගුණාත්මක බැවින් අඩු) මිල බෙහෙත් වලට වැඩි මිලක් අපි දැන් ගෙවනවා.

:       7       23

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

අයවැය විමසුම් ඇසකින්
2025 පෙබරවාරි මස 18 416 1

ජාතික ජන බලවේග ආණ්ඩුවේ මංගල අයවැය පාර්ලිමේන්තුවේදී ඊයේ ඉදිරිපත් කරනු ලැබීය. ඒ 2025 වර්ෂය වෙනුවෙනි. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛනය නිරීක්ෂණය කිරීම


කොටඋඩ යන සංවර්ධන ව්‍යාපෘති
2025 පෙබරවාරි මස 17 228 0

මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබෙන්නේ ඉන්දියානු ප්‍රකෝටිපති ගෞතම් අදානි විසින් ආරම්භ කරන ලද ‘‘අදානි ග්‍රීන් එනර්ජි සමාගම’’ පසුගිය දිනක ශ්‍රී ලංකාව


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 178 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


දේශපාලක ප්‍රතිඥාවල යථාර්ථය
2025 පෙබරවාරි මස 16 112 0

අද රටේ තිබෙන්නේ අතීතය ගැන කතා කරන්නට බිය වන විපක්ෂයක් හා වර්තමානය ගැන කතා කරන්නට බියවන ආණ්ඩු පක්ෂයකි.


අදානි සුළං බල ව්‍යාපෘතිය - වුණේ මොකක්ද?
2025 පෙබරවාරි මස 14 1272 2

මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 136 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 340 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 151 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 1010 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site