IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සූර්ය බලශක්ති කර්මාන්තයේ ප්‍රශ්න

අද අප අත් විඳින විදුලි බල අර්බුදය පළමු හෝ අවසන් අවස්ථාව නොවේ. දීර්ඝ කාලයක සිට නියං සහිත කාලයේදී මේ අවාසනාවන්ත තත්ත්වයට අපි මුහුණ දී සිටිමු. එහෙත් මෙතරම් බරපතළ තත්ත්වයක් මෑත කාලයේ උද්ගත නොවීය. එසේ තිබියදී බලධාරීන්ට මෙයට තිරසාර විසඳුමක් ලබාගැනීමට නොහැකිවීම අභාග්‍යයකි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් වරින් වර අවධාරණය කර ඇති අවස්ථාද එමටය. රටක විදුලි අර්බුදයක් ඇති නොවන්නට විදුලි උත්පාදන විකල්ප හඳුන්වා දීම වගකිවයුත්තන්ගේ යුතුකමකි. සාර්ථක විකල්ප ක්‍රමෝපාය හඳුන්වා දී තිබුණේ නම් අද පවතින විදුලි අර්බුදය සිදු නොවනු ඇත. 

සූර්ය බලශක්ති විදුලිය ලබාදීම රටටම හොඳ විකල්පයක් බව එම කර්මාන්තකරුවෝ පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් කියන කතාවක් අප පත්‍රයේ මාර්තු 26 වැනිදා කලාපයේ පළවිය. එ​ෙහත් අදාළ ආයතනවල ඇල්මැරුණු ක්‍රියාකාරකම් නිසා මෙයට විසඳුම් ලබාගැනීම ගව් ගණනාවක් ඈතට ගොස් ඇත. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ක්‍රියාකලාපය ඊට බලපාන ප්‍රබල හේතුව බව සූර්ය බලශක්ති කර්මාන්තකරුවෝ කියා සිටිති. සෝලා ව්‍යාපෘති 700 ක් සඳහා ඉදිරිපත් කර ඇති අයැදුම්පත්වලට අනුමැතිය ලබාදීම වසර දෙකක සිට ප්‍රමාදයක් පවතින බවද ඔවුහු පවසති. නිසි කලට අවසරය ලබා දුන්නේ නම් අද පවතින විදුලිය කැපිල්ල සිදු නොවන බවට සූර්ය බල ශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ මතයයි. ඔවුන්ගේ හඬ අප පුවත්පත මගින් පසුගිය 26 වැනිදා සවිස්තරව හෙළිකර තිබිණි.

රටක සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අතර ප්‍රධානම තැනක් හිමිවන්නේ විදුලි බලයටයි. විදුලිය කප්පාදුවක් යනු සංවර්ධනය ද කප්පාදුවක් වීමක් වැනිය. අද ශ්‍රී ලංකාව ද ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගමන් කරන රටකි. ඒ අනුව විදුලිය කැපීම රටේ ඉදිරි ගමනට බාධාවක් බව පුන පුනා කිව යුත්තක් නොවේ. වරෙක විදුලිය කැපීම දේශපාලන පෙරැළිවලට ද හේතු වූ බව සඳහන් කළ යුතුය. එ​ෙහත් මේ අර්බුදය දේශපාලන දෘෂ්ටි කෝණයකින් බැලිය යුත්තක් නොවේ. මේ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය නොපමාව යොමුවිය යුතුම කරුණකි. 

බලශක්ති ව්‍යාපෘති අයැදුම්පත් සඳහා ගාස්තු වශයෙන් රුපියල් කෝටි 10ට අධික මුදලක් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට ගෙවා ඇති බව ද බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා කියයි. හේතු ඉදිරිපත් නොකර අයැදුම්පත් ප්‍රතික්ෂේප කිරීමද ගැටලු සහගතය. එසේ ප්‍රතික්ෂේප කරන්නේ නම් පොලී සහිතව එම මුදල් ආපසු ලබාදිය යුතු බව ඔවුහු කියා සිටිති. මේ සඳහා අනුමැතිය ලබා දුන්නේ නම් මෙගාවොට් 1480ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි. ප්‍රමාදයකින් තොරව අනුමැතිය ලබා දුන්නේ නම් දිවා කාලයේ විදුලිය විසන්ධි කිරීම සම්පූර්ණයන්ම නතර කළ හැකිව තිබිණැයි අපට උපකල්පනය කළ හැකිය. 
විදුලිය විසන්ධි කරන හැම අවස්ථාවකදීම පීඩාවට පත්වන්නෝ රටක පහළ මධ්‍යම පාන්තික ජනතාවයි. විශාල ව්‍යාපාර හිමි ධනපති පන්තිය විදුලි ජනක යන්ත්‍ර යොදා ගැනීමෙන් හෝ තම විදුලිය අවශ්‍යතා සපුරා ගැනීමට සමත් වුවත් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් බොහෝ දෙනකුට එසේ කිරීමෙන් ඔවුන්ගේ ව්‍යාපාර කඩා වැටීමේ අවදානමක් පවතී. අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවනට ද විදුලි කප්පාදුව බලපෑම ජාතියේ අවාසනාවකි. 

ඕනෑම දෙයක් “අද නොවේ හෙට” යන සාම්ප්‍රදායයික රාමුව තුළ කටයුතු කිරීමට මෙරට දේශපාලනඥයන් වගේම ඇතැම් නිලධාරීන්ද හුරුවී සිටීම මෙවැනි අර්බුදවලට බලපාන බව පෙනේ. මෙය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට පමණක් සීමා වූවක් නොවේ. සෙසු රාජ්‍ය ආයතන ගත්ත ද ඉන් බොහොමයක තත්ත්වය මෙපරිදි වෙයි. බලධාරීන් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමට කටමැත දෙඩවූව ද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී දක්නට ලැබෙන්නේ පසුගාමී තත්ත්වයකි. රටක යටිතල පහසුකම් ක්‍රියාකාරීත්වය ශීඝ්‍රගාමී විය යුතු බව අපේ විශ්වාසයයි. 21 වැනි ශතවර්ෂ​යේ ​ෙලා්කය වේගයෙන් ඉදිරියට ගමන් කරනවිට ශ්‍රී ලංකාව ඉබි ගමනක යන්නේ නම් අපට රටේ සංවර්ධනය ගැන සුබවාදී බලාපොරොත්තු තබාගත නොහැකිය. 

විදුලිබලය පමණක් නොව සන්නිවේදනය, මාර්ග වැනි සියලුම යටිතල පහසුකම් ලබාදීම, නඩත්තුව, වේගවත් විය යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියා කළ යුත්තේ දුර දක්නා නුවණින් විනා දේශපාලන වාසි අපේක්‍ෂාවෙන් නොවන බව ද සිහිපත් කළ යුතු කරුණකි. ඒ සඳහා අපට ඇති සම්පත් නිසි කළමනාකරණය විය යුතුය. ඝර්ම කලාපීය රටක්වන අපට සූර්යාලෝකය අඩුවක් නැත. ජලය හිඟවන කාලවලදී සූර්යතාපයෙන් විදුලිය ජනනය කිරීමට ව්‍යාපෘති ගොඩනැ​ෙඟන්නේ නම් එය ජාතියේ වාසනාවකි. අපට විකල්ප හා සම්පත් නැතුවා නොවේ. අද අපට අවශ්‍ය වන්නේ එම සම්පත් මනාව කළමනාකරණය කොට රට ඉදිරියට ගෙන යාමයි. විදුලි බලයට පමණක් නොව සියලු යටිතල පහසුකම් සම්බන්ධයෙන් විකල්ප ගැන බලධාරීන්ගේ දැඩි අවධානය යොමු විය යුතු කාලය එළැඹ ඇත.



අදහස් (4)

සූර්ය බලශක්ති කර්මාන්තයේ ප්‍රශ්න

Rohan Friday, 29 March 2019 11:06 AM

මේක රටේ අවාසනාව. උන් ඉන්නේ පගාව ඉල්ලන්න විතරයි. මාෆියාව සහ පගාව විසින් සියල්ල අඩපන කර ඇත.... තවත් මොනව බලපොරොත්තුවෙන්නද? බලන්න ඕනේ හොරකම් කරන උජාරුව

:       4       272

Perukum Sunday, 31 March 2019 05:27 AM

මේ රටේ දවසකට සූර්ය බල ශක්තිය කොයිතරම් ප්‍රමාණයක් අපතේ යනවද? එයින් එක් දස ලක්ෂයෙන් පංගුවක් උපයෝජනය කළොත් මුළු රටේ විදුලි අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් බව විද්‍යාඥයින්ගේ මතයයි. ඒක ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් සෑම සුළු පාරිභෝගිකයෙකුටම එක සූර්ය පැනලයක් බැගින් නොමිලයේ දීමෙන්... ඒත් ඒක කරන්න බලධාරීන් අකමැති ඇයි? හේතුව නොකීවාට හිතාගන්න පුළුවනි.

:       0       169

Sampath Monday, 01 April 2019 03:19 AM

ආයෙත් කළොත් කොමිස් හම්බවෙන්නේ නැහැනේ....

:       0       3

Thilak Monday, 01 April 2019 04:32 PM

1 කොමිස් = 5mg හෙරොයින් ලෙස පාර්ලිමේන්තු පනතකින් හා ගැසට් නිවේදනයක් මගින් බලාත්මක කල යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

පාඩම් නොලත් ද්‍රවිඩ ජාතික දේශපාලනඥයෝ
2024 අප්‍රේල් මස 25 24 0

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා උතුරු-නැගෙනහිර දෙමළ ජනතාව වෙනුවෙන් හින්දු ආගමික ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යැයි උතුරේ හින්දු මූලධර්මවාදී කල්ලිය


බදු ආදායම් ඉලක්ක ඉබිගමනේ
2024 අප්‍රේල් මස 25 149 0

අය වැයෙන් ඉලක්ක කළ ආදායම අඛණ්ඩව තිස් තුන් වැනි වතාවටත් අහිමි වී ඇති බවට මේ දිනවල වාර්තා වෙමින් තිබේ. මෙයින් පෙනෙන්නේ මේ අර්බුදය අද ඊයේ ඇති වූවක් නොවන බව


සහල් සහනාධාරයෙනුත් ගසා කන සමාජ ද්‍රෝහියෝ
2024 අප්‍රේල් මස 25 10 0

අප රටේ ඇතැම් සිදුවීම් දෙස බලන විට මේ රට තව වසර කීයක් පවතී දැයි සැක සිතෙන තරම්ය. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ එම ව්‍යාපෘතියෙහි ඇත්ත අරමුණ හා මුඛ්‍ය


සත්‍යය නොදකින අභාග්‍යය
2024 අප්‍රේල් මස 24 274 0

මේ සතියේ සඳුදා (22) එක්තරා පුවත්පතක පළවූ ලිපියක මාතෘකාව වී තිබුණේ “ලංකාවේ පවුල්වලින් සියයට 60 ක ආදායම පහළට - දරිද්‍රතාව සියයට 11 සිට සියයට 26 දක්වා නැගලා” යනු


ආදායම් ඉලක්ක වැරැදීමේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 24 195 0

අපේ රටේ ආදායම සහ වියදම ගළපාගැනීම හැමදාමත් බරපතළ ගැටලුවකි. රට ආර්ථික වශයෙන් දරුණු අර්බුදයකට මුහුණදීමේ ප්‍රධානම හේතුවක් වූයේද එකී අය-වැය පරතරය පියවා ගැ


තම රැකවරණය තමන්මය
2024 අප්‍රේල් මස 23 243 0

ආරක්ෂාව යන වචනය පුළුල්ව අර්ථ විවරණය වන්නකි. බුද්ධ ධර්මයෙන් මේ සඳහා ලබා දී ඇති ප්‍රමුඛත්වය ත්‍රිපිටකය තුළින් මැනවින් ප්‍රකට වේ. තථාගත බුදුරජාණන් වහන්ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site