IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සාම්ප්‍රදායික රාමුවේ සිට පාතාලය - කුඩු මඬින්න බෑ

සටහන-  චමින්ද මුණසිංහ

සමාජ පිළිලයක්ව පවතින පාතාලය මේ වනවිට ප්‍රමුඛ මාතෘකාවය. ඒ පාතාල නායකයකු වන මධුෂ් ඇතුළු පිරිස ඩුබායිහිදී අත්අඩංගුවට ගැනීමත් සමගය. කුඩු සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම ද මේ සමග බැඳී පවතින්නකි. එකිනෙකට සහසම්බන්ධ වූ මේ සාධක දෙක සමාජ භීතියක් නිර්මාණය කර තිබේ. තරුණ පරපුර විනාශය කරා ඇදගෙන යන ප්‍රධාන බලවේග බවට පාතාලය සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම පත්ව අවසන්ය. සමාජයට වින කරන කරුණු කාරණා රාශියක් මේ සමග බැඳී ඇති වග ද අමතක නොකළ යුතුය. මෙකී ප්‍රශ්නයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයක් වශයෙන් අපි බරපතළ උවදුරකට, අර්බුදයකට මුහුණ දී සිටින්නෙමු.

 

පාතාල නායක මධුෂ් ඩුබායි හි සිටිමින් නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණි. ඒ වගේම ලංකාවේ පාතාලය මෙහෙයවීම සිදුව ඇත්තේ ද ඔහු අතිනි. පුවත් වාර්තා පෙන්නා දෙන ආකාරයට මෙය මහා ජාලයක් බවට පත්ව ඇති ස්වරූපයක් හඳුනාගන්නට පුළුවන. පිටරටක සිටින පුද්ගලයකු මෙතරම් ශක්තිමත් ජාලයක් ගොඩනගනතෙක් වගකිවයුතු අංශ ඒ සම්බන්ධව සොයා නොබැලුවේද? එය නිතැතින් මතුවන ප්‍රශ්නයකි.

මෙරට නමගිය ඩුබායිහි විසූ පාතාල නායකයා එරට පොලිස් අත්අඩංගුවට හසුව ඇත්තේ තවත් ශ්‍රී ලාංකික පිරිසක් සමගය. නීතියේ රැහැනට හසුකර ගැනීමට අවශ්‍යව සිටි පාතාල නායකයකු ඩුබායි රටට ගොස් එහි ජීවත්වන අතරතුර තවත් ලාංකික පිරිස් එරටට ගොස් ඔහු හමුවීම, සාද පැවැත්වීමට හැකි පරිසරයක් තිබීම අදහාගත නොහැකිය. ඒ වගේම එය ප්‍රශ්නකාරීය. දරුණු නොවූ කුඩා කුඩා සිද්ධිවලට සම්බන්ධ අය සෙවීමට පසුගිය කාලයේ විශාල මෙහෙයුමක් දියත්ව තිබුණි. විශේෂයෙන්ම පසුගිය ආණ්ඩු කාලයේ සිටි අය ඉලක්ක කරගෙන මෙම මෙහෙයුම් දියත් වූ බව රහසක් නොවේ. ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඔවුන්ගේ සහාය ලබාගත්තේය.
මෙරට නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් එම රටවලට අවස්ථා ගණනාකවකදී ගිය බව මතකය. ඒ වගේම පොලිස් කණ්ඩායම් ද එලෙස කටයුතු කළ බව අපි දනිමු. ලෝකයම ආන්දෝලනයකට ලක් කරමින් කටයුතු කළ කාලයක නමගිය පාතාල නායකයකු හසුකර ගැනීමට ප්‍රමුඛත්වය දුන්නාද? ඒ වගේම මෙවන් පරිසරයක කලාකරුවන් ඇතුළු පිරිසක් සමග එකී පාතාල නායකයා සාදයක් පැවැත්වීම සමච්චලයට ලක්වන කරුණකි.

පොදුවේ කවුද, කුමක්ද යන සාධකවලට වඩා මෙහිදී පෙන්නුම් කරන වෙනත් පැත්තක් තිබේ. එනම් ඉහත කී ආකාරයේ පරිසරයක් ගොඩනැගෙන තරමට රටේ ආරක්‍ෂක තත්ත්වය, නීතිය හා සාමය පිරිහී ඇති බවය. පසුගිය කාලය පුරා මිනීමැරුම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අසන්නට තිබුණි. එයට සමගාමීව අනෙකුත් පාතාල ක්‍රියාකාරකම්වල වර්ධනයක් පැවැති බව තොරතුරු අධ්‍යයනය කරන ඕනෑම කෙනකුට පැහැදිලි වන්නකි. එතැනට රට තල්ලු වූයේ ආරක්‍ෂක තත්ත්වයේ පිරිහීමෙනි. නීතිය හා සාමය පිරිහීමෙනි. ඒ අනුව බලන විට පිළියම් යෙදිය යුතු ප්‍රශ්න ගණනාවකි.

මත්කුඩු ජාවාරම ජයටම කෙරෙන පසුබිම නිර්මාණය වන්නේ ද ඉහත කී වාතාවරණයේ ප්‍රතිඵලයක් වශයෙනි. මහා පරිමාණයෙන් මත්කුඩු අත්අඩංගුවට ගැනීම් පසුගිය මාස දෙක තුනේ දී සිදුවුණි. මත්කුඩු ජාවාරම ඇත්තේ නගරබදව පමණක් නොවේ. ගම්බද පාසල්වලට පවා මත්කුඩු ව්‍යාප්තව ගොසිනි. මෙය කිසිවකුත් නොදකින බරපතළ අනතුරකි. ළමා පරපුර මත් උවදුරට ගොදුරු වීමට ඉඩ තැබීම රටේම අනාගතය අගාධයට ඇද දැමීමකි. එනිසා පාලකයන් මේ හා සම්බන්ධ ආයතන මෙන්ම සාමාන්‍ය ජනතාව ද මේ පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතුය. මේ උවදුරෙන් ගැලවීමට සාමූහික ක්‍රියාමාර්ග ගත යුතුය. දැනටමත් දරුණු තැනකට තල්ලු වී ඇති මත්උවදුර මැඩීමට ශක්තිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාව මෙයින් පෙන්නුම් කරන්නකි.

ව්‍යාපාරිකයන්ගෙන්, සාමාන්‍ය ජනතාවගෙන් කප්පම් ගැනීම් පාතාලය හා සම්බන්ධ අනෙක් කාරණාවය. මේ නිසා ජනතාව මහත් පීඩනයකට පත්ව සිටීම කනගාටුදායක තත්ත්වයකි. මේ කාරණා වගකිවයුතු අංශවල අවධානයට ලක්වූවාද? එම පීඩිතයන් එයින් මුදාගැනීමට සුදුසු පියවර ගත්තාද? කප්පම් කල්ලි සමාජය පාලනය කරන පරිසරයක් නිර්මාණයවීමට ඉඩ නොතැබීම වගකිවයුතු අංශ සතු කාර්යයකි. කෙසේ වූවත් මේ සියල්ල හරහා පෙන්නුම් කරන්නේ සමාජ පිරිහීමකි.

මෙවන් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ ඇයි? එය මතු කළ යුතු ප්‍රශ්නයකි. ආරක්‍ෂක අංශ පාතාලය සහ කුඩු ජාවාරම්කාරයන් පසුපස පැන්නූ කාලයක් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාතාලය සහ කුඩු ජාවාරමේ අඩුවීමක් පෙන්නුම් කළේය. මෙයට උරදී ක්‍රියා කළේ පොලිසිය, බුද්ධි අංශ හෝ ආරක්‍ෂක අංශය. ඔවුන් මේවා කළේ ඔවුන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් උදෙසා නොවේ. ඔවුන් කළේ යම් රාජකාරියකි. ඒ රට, සමාජය වෙනුවෙනි. මෙම පිරිස තම රාජකාරිය හරියාකාරව ඉටු කිරීම හේතුවෙන් නමගිය පාතාලයන්ගේ ක්‍රියාකාරීත්වය බොහෝදුරට නැති වුණි. එයින් සමාජයට විශාල සේවාවක් සිදුවුණි. සහනයක් ලැබුණි. දැන් එම තත්ත්වය තුරන් වී පාතාල ක්‍රියා වැඩි වී තිබේ. එපමණක් නොව එදා පාතාලය, මත්ද්‍රව්‍ය මැඩීමට ක්‍රියාකළ නිලධාරීන් පසුපස හඹායාමක් සිදුවෙමින් තිබේ. ඔවුන් ඉලක්ක බවට පත් කරගෙන ඇති ආකාරයක් දැකගත හැකිය. මෙය බරපතළ කාරණාවකි.

අදාළ නිලධාරීන් සමාජය වෙනුවෙන් මේ කටයුතු කිරීමේ දී කුමන ක්‍රමවේද පාවිච්චි කළා ද යන්න සෙවීමට වඩා ඔවුන් කළේ රාජකාරියක් බව පැහැදිලිය. එහෙත් එම රාජකාරිය හේතුවෙන්ම ඔවුන් යම් අර්බුදකාරී තැනකට තල්ලු කරන විට යළිත් එම නිලධාරීන් කැපවීමෙන් ක්‍රියාකරාවිදැයි ප්‍රශ්නයකි. සමාජයෙන් පාතාලය, මත්කුඩු තුරන් කිරීමට නම් අදාළ ආරක්‍ෂක අංශවලට පූර්ණ බලයක්, නිදහසක් ලබාදිය යුතුය. එසේ නොකළහොත් මේවා පාලනය කළ නොහැකි තැනකට පත්වීම වැළැක්විය නොහැක. ඒ වනවිට විය යුතු විනාශය සිදුව අවසන් වන්නට පුළුවන. මේ සම්බන්ධයෙන් සමාජ අවධානය යොමුවිය යුතුය. ඒ වගේම මේ ක්‍රියාවලියට සම්බන්ධ වන ආයතනවලට අවශ්‍ය බලතල සහ ආරක්‍ෂාව නීතිය මාර්ගයෙන්ම ආරක්‍ෂාවක් නොදුන්නොත් එය අනාගත පරම්පරාවලට ද බලපාන සාධකයක් වනු ඇත.

පාතාලයට, මත් ජාවාරමට දේශපාලන බලපෑම් සබඳතා සම්බන්ධව ද කියැවෙමින් තිබේ. ඒ පිළිබඳ නිශ්චිතව කීමට මා දන්නේ නැත. දේශපාලන බලපෑම් හෝ දේශපාලන සබඳතා ද නැති නම් මේ ක්‍රියා මැඩීමට වැඩි උනන්දුවක්, වුවමනාවක් නැති ද යන ප්‍රශ්නය විමසිය යුතුය. එසේත් නැතිනම් පසුගිය කාලයේ පාතාල ක්‍රියා මැඩීමට හඹාගිය නිලධාරීන්ට අත්වන ඉරණම දෙස බලා මන්දෝත්සාහී වූවාදැයි සෙවිය යුතුය. තමන්ගේ ආරක්‍ෂාව සෑම අතින්ම සලසා ගැනීමෙන් පසු කටයුතු කරනවා විය හැකිය. එවන් පසුබිමක උනන්දුවක්, කැපවීමක් නැත. වැඩි වැඩ නොකරන්නට නිලධාරීන් තීරණය කරලාදැයි අපි නොදනිමු. කෙසේ වුවත් පාතාලය, මත් ජාවාරම සමාජ පිළිලයක් වී අවසන්ය. එය සැමටම පෙනෙන්නට ඇති යථාර්ථයයි.

පාසල් තුළත් මත් ජාවාරම කරන පරිසරයක මේ ක්‍රියා මුලිනුපුටා දැමීම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබේ. ඒ වෙනුවෙන් පෙරට එය සිවිල් සමාජයේ අයගේ පවා ආරක්‍ෂාව තහවුරු වන වැඩපිළිවෙළක අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබේ. සම්ප්‍රදායික රාමුවේ සිටිමින් මේ ක්‍රියාව කළ හැකි ද යන ප්‍රශ්නයට ද විසඳුමක් සොයාගත යුතුය. පාතාලය, මත්උවදුර මැඩීම ලෙහෙසි පහසු කරුණක් ද නොවේ. එයට සම්බන්ධවන අයට යම් අවදානමකට මුහුණදීමට සිදුවිය හැකිය. එනිසා යම් ක්‍රමවේද සහ රැකවරණය මේ අයට අත්‍යවශ්‍යය. පසුගිය ආණ්ඩු කාලයේ පාතාලය, මත්කුඩු මැඩීමට පියවර ගත්තේ දේශපාලන වාසියට හෝ අදාළ නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් නොවේ. එතැන තිබුණේ සමාජයමය අරමුණක් පමණි. එය ද අමතක නොකළ යුතුය.

 



අදහස් (30)

සාම්ප්‍රදායික රාමුවේ සිට පාතාලය - කුඩු මඬින්න බෑ

Rata Perata Thursday, 14 February 2019 07:15 AM

අදාළ පින්තූරයක් දාලයි තියෙන්නේ... මෙයාලා තමයි කුඩු කාරයින්, පාතාලය පෝෂණය කලේ..

:       215       520

BamunuarachchiSaturday, 16 February 2019 04:17 AM

එහෙම නම් පාතාලයයි, කුඩුයි මඩින්න පුළුවන් වන්නේත් ඒ ගොල්ලන්ට පමණයි කියලා මතක තියාගන්න. පාතාලයයි, කුඩුයි ගැන මෙලෝ හසරක් දන්නේ නැති අයට පාතාලයයි, කුඩුයි මඩින්න පුළුවන් කමක් නැති බව දැනගන්න ඕනේ. විසෙන් විස නැතිකරන බව අහලා තිබෙනවාද?

:       42       2

ධනුෂ්කSaturday, 16 February 2019 09:00 AM

ඔබතුමාට අවුරුදු 80 පැනලත් තාම කරුණු කාරණා වැටහෙන්නෑ වගෙයි. මහත්තයෝ ලංකාවේ පාලක පක්ෂ දෙකක් තියනවා. කවදාකවත් එ් පක්ෂ දෙකෙන් පත්වෙන පාලකයකුට මේ ලංකාවේ කුඩු, පාතාලය, අල්ලස, දූෂණය නැති කරලා විනයක් අැති රටක් හදන්න බෑ. මොකද එ් පක්ෂ දෙකම නඩත්තු වෙන්නේ, පාර්ලිමේන්තුවේ බලය රැකගන්නේ, ඡන්ද කරන්නේ ජාවාරම්කාර දේශපාලකයන් හා කුඩු මුදලාලිලා අතින්. මෙතුමා බැරිවෙලාවත් ජනධිපති වෙලා අල්ලස, හොරකම නැති කරන්න ගියොත් එ්කට එ් පක්ෂේ මැති අැමතිලා කැමතිවෙයිද? දෝෂාභියෝගයක් ගෙනැත් සම්මත කරයි දෙපැත්තම එකතු වෙලා. එ්ක දන්න නිසානේ මහින්ද මහත්තයා කරබාගෙන ඉඳලා පස්සේ කිව්වේ "හැමෝගෙම ෆයිල් මංගාව තියනවා කියලා".

:       1       23

yaha Thursday, 14 February 2019 10:39 AM

දැන් මේ මදුෂ් ඊයේ පෙරේද නෙමෙයිනේ ඉපදුනේ.... ඔයාලා තමා ඔහෙලගෙ වාසියට පාතාලය සහ කුඩු කියන ළදරුව අවුරුදු ගානක් තිස්සේ පෝෂණය කරලා හදා වඩා ගත්තේ...

:       52       181

smn Thursday, 14 February 2019 12:02 PM

මේ අයගේ කාලෙ මධුෂ් වැජඹි වැජඹී හිටියේ ලංකාවෙනේ. මිනිහ රට පැන්නේ මේ රජය ආවට පස්සේ කියලා 2015 දී කියන්නේ...

:       29       160

BamunuarachchiSaturday, 16 February 2019 04:34 AM

මෙයාලා බලයේ හිටියේ අවුරුදු 8 යි. ඒ 8ට තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි දෙමළ ත්‍රස්තවාදය. එය නැති කරන්න අවුරුදු 4 ක්ම ගියා. ඊට පසු යුද්ධයෙන් විනාශ වූ රට උතුර නැගෙනහිර සංවර්ධනය කරන්න කාලය ගියා. කුඩු සුද්ද කරන්න එක කුඩු කාරයින් පස්සේ ගිහින් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. පළමුව කුඩුවලට කිට්ටු සම්බන්ධකම් තිබෙන පොලිසිය සුද්ද කරලා ඉන්න ඕනේ. ඒ කාලේ පාතාලයෝ රටින් පැන සිටියා ආයුධ පෙන්වන්න යන්න වෙන නිසා. එසේම ඒ දිනවල මේ වගේ නිදහසේ රටට කුඩු ගලාගෙන ආවේ නැත. අද දිනපතාම කෝටිගණන්වල කුඩු අසුවෙනවා. ඒ මේ රජය සම්ප්‍රදායික ලෙස කුඩු සහ පාතාලය මර්දනයට යාමයි. පාතාලය සඟවපු ආයුධ සහ කුඩුකාරය සඟවපු කුඩු පෙන්වන්න ගෙනයනවා නම් කුඩු සහ පාතාලයෝ සුන්නත් දූලි කල හැක. රටින් පැන්න පාතාලයෝ මේ රජය බලයට පත්වූ විගසම රටට පැමිණි බව අපි කව්රුත් දන්නා කරුණකි.

:       146       50

Bangomunu.Saturday, 16 February 2019 07:53 AM

ඔය කාලේ තව මිනිසුන් රටේ හිටියා. සිදුවූ සියලු දේ අපද දන්නවා. ලොක්කෝ වෙනුවෙන් සොක්කෝ කියවති. ලොක්කෝ වැජඹෙති. සොක්කෝ කිච වෙති.

:       18       132

BamunuarachchiSaturday, 16 February 2019 04:52 AM

"මේ අයගේ කාලෙ මධුෂ් වැජඹි වැජඹී හිටියේ ලංකාවෙනේ. " ඒ නිසයි මෙතුමා කියන්නේ සම්ප්‍රදායික ක්‍රමයට කුඩු සහ පාතාලය මඩින්න බැරි බව... සම්ප්‍රදායික නොවන ක්‍රමවලින් පාතාලය මඩින්න ගියොත් ඔය ගොබ්බයින්ම තමයි මෙතන ලියන්නේ.. සුදු වෑන් කතා. එමනිසා නොදන්නා මගුල් කතා නොකර පාලන තන්ත්‍රයේ සිටිය රටට ආදරයක් ඇති අය කියනදේ සාවදානව අසා ඉඳිමු. කොක්කෙන් හෝ කෙක්කෙන් හරි පාතාලය සහ කුඩු නැති කලත් අපිට කමක් නැත. පළමුව කලයුත්තේ මානව හිමිකම් කතා කරන එන්ජීඕ කාරයින්ව මානව හිමිකම් පෙන්වන්න කියා රැගෙන යාමයි.

:       86       71

පිටිගල මිලානෝ Thursday, 14 February 2019 02:55 PM

මෙයාලට පක්ෂ කුඩු ව්‍යාපාරිකයාගේ දියුණුව තකා කළු තුෂාර වැනි පාතාලයන් රැසක්ව මරා දැම්මා.

:       123       210

ධනුෂ්කFriday, 15 February 2019 01:12 PM

මම කොළඹ ඉඳලා ගොඩක් දුර පළාතක පාසල් ගියේ... පාසල් ගිහින් ඉවර වුනේ 2009දී.. එතකොට අපට මතකයි... කොල්ලෝ කඩදාසි වලින් බීඩි ඔතලා බීලා අහුවෙලා ගුටි කනවා. එ් කාලේ කුඩු, කේරල ගංජා වගේ දේවල් තිබුනේ නෑ. අපි දන්නෙත් නෑ. හැබැයි අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ ළමයි කුඩු, ගංජා එක්ක පොලිසියටම අහු වුණා. ඔබතුමා කියන්නේ එතකොට එ් කාලේ ලංකාව අඟහරු ලෝකෙන් අැවිත් පාලනය කලා කියලද? අහලා නැත්තන් මෙන්න බයිලා...

:       1       46

Sapumal. Thursday, 14 February 2019 03:07 PM

මෙතුමා හිතන් ඉන්නේ මේ රටේ මිනිසුන් මැරිලා ඉපදිලා කියලා. ඒ කාලයෙනේ පාතාලය ඉහළින්ම රජකළේ... ලසන්ත, තාජුදීන් වැනි ඝාතකයන්ට රාජ්‍ය අනුග්‍රහය ලැබුණානේ. පාතාලයන්ගෙන් වැඩ ගත්තානේ. කුඩ්ඩන් බේරගන්න සමහරුන් රේගුවට ගියේ හෙලිකොප්ටරයෙන්නේ. තවත් දේ ඇතිතරම් කියන්න තියෙනවා. දැන් කතාකරන්නේ හරියට මේ අය තරම් සාධාරණ නීතිගරුක අය තවත් නැහැ වගේනේ. අනේද කියන්නේ...

:       176       387

BamunuarachchiSaturday, 16 February 2019 05:04 AM

හලෝ ගොබ්බ අදහස් දමන්න එපා. දැන් කතා කරන්නේ මේ කාලයේ සෑමදිනකම අසුවෙන කෝටිගණන්වල කුඩු සහ හන්දියක්, හන්දියක් ගානේ මිනීමරන පාතාලයින් ගැනයි. ලසන්තලා තමයි සම්ප්‍රදායික නොවන විදිහට පාතාලය නවත්වන්න ගියාම විරුද්ධ වුනේ. ලසන්තලා තාජුඩීන්ලා නැති වුණා කියලා රටට වූ පාඩුව මොකක්ද? මෙතුමා කියන්නේ සම්ප්‍රදායික ක්‍රමයට පාතාලය සහ කුඩු නැති කරන්න බැහැ කියලා. එ්ක ඇත්ත නේද? එහෙම නම් පළමුව පාතාලය සහ කුඩුකාරයින්ට සහයෝගය දෙන අය වැලිගම් යැවිය යුතුයි. එතකොට ලසන්නලා වගේ මිනිස්සු මානව හිමිකම් ගැන කතා කරාවි. ඒ අයවත් වැලිගම් යැවිය යුතුය.

:       212       20

Bangomunu.Saturday, 16 February 2019 07:45 AM

හලෝ බමුණු, වැදගත් විදිහට හැසිරෙන්න. කොයි වෙලාවෙත් ඉන්නේ ගෙදරින් බැනලා වගේ මල පැනලා. මැදමූලනෙන් වුණු වරදක් කියන්නම බැහැ. නහුතෙටම නගිනවා. නමින් බමුණු වුණාට වැඩ එහෙම නැහැ. උගත්කම පෙන්වන්න හැදුවට පේන්නේ නූගත්කමයි. සම්ප්‍රදායික ක්‍රමයට කරන්න වෙන්න ඇති හෙලිකොප්ටරයෙන් ගියේ. ඒ කාලේ හිටපු තව කෙනෙකු වරායට ලියුම දීලා කුඩු නිදහස් කරන්න කිව්වෙත් සාම්ප්‍රදායට කරන්න වෙන්න ඇති. කුඩු රජවරුන්ගේ ඉත්තෝ ලසන්තලා වගේ මිනිසුන්ගේ අගය කෙසේ දනිත්ද? ඒ ලිපියේ තියෙන අදහස් ගොබ්බයින්ට නම් තේරෙන්නේ නැහැ. ඒකනේ මල පනින්නේ... බමුණු, ඔයා නොදන්නා බව ඔයාම දන්නේ නැහැ. සැබෑ උගතෙකු ඔබ වගේ කිපෙන්නේ නැහැ. මැදමූලනලා කරන කොයි ජඩ වැඩෙත්, ඔබට හරි දේ හැටියට පෙනුනට හැමෝටම එහෙම නැහැ. වරදට අනුබල දෙන්නෝද, වරද ඉවසන්නෝද වැරැදිකරුවන් හා සමානය. ඔබ එවන් කෙනෙකි.

:       19       130

Ajith NissankaMonday, 18 February 2019 01:34 AM

ඔය රාජපක්ෂ වහල්ලු හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලා

:       15       1

ලේක්කෝ ගලබඩ Thursday, 14 February 2019 03:21 PM

ඔව් ඔව් පාතාලය මඩින්න නම් කුඩු ව්‍යාපාරිකයෙක්ට ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීකමක් දිය යුතුමයි. එහෙම නේද?

:       204       212

Susantha Los Angeles Thursday, 14 February 2019 04:46 PM

කුඩු මහා පරිමාණයෙන් පටන්ගත්තේ මේගොල්ලෝ.

:       158       268

suduputha Friday, 15 February 2019 03:21 AM

යුද්ධයක් ඉවර කරපු ලංකාවට කුඩු නැති කරන එක කජ්ජක්ද? යුද්දෙත් ඉවර කරන්න බෑ කියලානේ කිවුවේ. බොරු මත හදන්න එපා. ඕකත් හමුදායට දීලා බලන්නකෝ. එක මාසෙකින් මේක ඉවර කළ හැකියි. ඒක ඉවර කරලා කොහොමද දේශපාලුවන්ට ඡන්ද කරන්න සල්ලි එන්නේ කොහෙන්ද එහෙම උනාම

:       0       50

asanka Friday, 15 February 2019 11:43 AM

ලංකාවේ දේශපාලකයින් ඉන්නා තුරු, කුඩු කාරයින් තුරන් කළ නොහැකිය.

:       0       48

kamani - negombo Friday, 15 February 2019 10:45 PM

ඒ කාලේ මීගමුවේ ඉන්න පාතාල කුඩු ඇමැතිගේ කුඩු කිලෝ 95 ක් එස්.ටී.එෆ්. එකෙන් අල්ලාගත්තම... ඒ කාලේ රටේ ලොක්කා හෙලිකොප්ටරයකින් මීගමුවේ කුඩු ඇමැතියව බලන්න ඇවිත්... " මල්ලි බයවෙන්න එපා.." කියලා කිව්වා...

:       0       121

Bamunuarachchi Saturday, 16 February 2019 05:07 AM

"මල්ලි බයවෙන්න එපා.." කියලා කිව්වා... එහා කාමරයේ සිටි නිසා හොඳට ඇහෙන්න ඇති නේද?

:       182       9

Bangomunu. Saturday, 16 February 2019 08:02 AM

ගැඹුරු ජලය නිහඬය. නිසසලය. මහසයුර නිහඬ වුවත් නොගැඹුරු ගොඩ රැළ මහා සද්දෙන් හෝ...හෝ ගෑම සිරිතකි. අතීතයේදී මහින්ද මහතාට අපද ඡන්දය දී ඇත. ඒත් ඔබ මෙන් අප කාගේ හෝ වැරදි නිවැරදි සේ දකින්නේ නැත. හැඟීම් වලින් නොව බුද්ධියෙන් ලියන්න.

:       0       110

BamunuarachchiWednesday, 20 February 2019 04:50 AM

හරි වැරැද්ද තෝරන්නේ ඔබද. මෙතන වැරැද්ද රාජපක්ෂලාට පක්ෂ වීමද? රටම ව්‍යසනයක් වී තිබෙන රනිල්ට පක්ෂ වීම වැරද්දක් නොවෙයිද? ඔහේගේ හරි වැරැද්ද මනින මිම්ම මොකක්ද? රාජපක්ෂලාගේ පැත්ත ගත්තොත් වැරදී රනිල් ගේ පැත්ත ගත්තොත් ඒ පුද්ගලයා හරි එකද ඔය කියන්නේ. කොටළුවෙක් වෙන්න එපා හලෝ. නරකද නැවත වරක් ඉස්කෝලේ ගිහිල්ල හරි වැරැද්ද තොරණ හැටි ඉගෙන ගත්තොත්.

:       0       0

පිටිගල මිලානෝ Monday, 18 February 2019 10:45 AM

බමුණුඅාරච්චිලා වගේ අලුතෙන් බිහිවුණු වහල් පැලැන්තිය නිසා මහින්දලා හිතුවා එ් ගොල්ලෝ හැමදාම රජවෙලා ඉඳියි කියලා. ඒ නිසාම රටේ අභිවෘද්ධිය ගැන නොහිතා ඒ අයට අවශ්‍ය විදියට හිතු හිතු දේ කළා. අන්තිමට මහජනයා එයාව මැදමුලනේ ජනේලේ එල්ලුවා, සිංහාසනයෙන් බස්සලා පාර්ලිමේන්තුවේ බාලම පුටුවක් දුන්නා. ගෝඨාභය ආවත් ඉස්සෙල්ලාම කරන්නේ බමුනුආරච්චිලා වගේ හේතුවක් නැතුව ප්‍රශස්ති ගයන නූගත් වහල්ලු ඈත්කරන එක...

:       16       200

BamunuarachchiWednesday, 20 February 2019 04:30 AM

හලෝ 25 අවුරුද්දක් තිබුන යුද්දය නැතිකරලා අවුරුද්දට එක ගන්නේ රටට වැදගත් ව්‍යාපෘති මහින්දගේ ආණ්ඩුව කරන කාලේ ඔබ සිටියේ තාත්තා ගාවද. ඉපදුනේ ඊයේ පෙරේදාද? රටේ අභිවෘද්ධියට මහින්ද තරම් වැඩ කරපු කෙනෙක් ඉන්නවානම් කියන්න ඒ කවුද කරපු වැඩ මොනවාද කියලා. රනිල් ගොයියාගේ ආණ්ඩුව මේ අවුරුදු 4 ම රටට කරපු එක දෙයක් කියනවා හලෝ. මෙතන පලවෙනවානම් මම කියන්නම් මහින්ද රටට කරපු වැඩ කොටස. යුද්දය දිනීමේ සිට පාසල්වලට විද්‍යාගාර සැපයීම දක්වා ව්‍යාපෘති 30 ට අධික ගණනක් කර තිබෙනවා. රනිල් කරපු එක වැඩක් කියනවා හලෝ ගොබ්බ කතා නොකියා. රටේ අභිවෘද්ධිය කියන්නේ බැංකු කොල්ල කන එක නොවේ. රටේ මහා ජාතිය වන සිංහලයා ලාංකිකයා කියා ජාතිය දියාරු කොරන එක නොවේ.

:       2       2

ලේක්කෝ ගලබඩ Monday, 18 February 2019 11:31 AM

ගෝඨාභය මහත්තයා ආවොත් ඉස්සෙල්ලාම කරන්නේ බමුනුඅරච්චිලා වගේ රටටම කරදරයක් වී ඇති ගැලරි වහල්ලු ගෙනියන්න වෑන් එකක් එවන එකයි.

:       0       81

Jayantha Monday, 18 February 2019 01:13 PM

බමුණුආරච්චි කරන්නේ වහලෙක් සේ බොරුවට පෙනී සිටිමින් ගෝඨාභයගේ චන්ද කඩන එකයි.

:       0       30

BamunuarachchiWednesday, 20 February 2019 04:09 AM

රනිල්ට වහල් කම් කොරන ඒවුන් උන් වහලුන් බව නොදනී එතනයි පරශ්නය.

:       0       0

Nalaka Wednesday, 20 February 2019 02:25 AM

ඔවු ඔවු කුඩු මඩින්න වෙන්න ඇති කුඩු දුමියට උපදේශක තනතුරක් දුන්නේ.

:       0       0

Bamunuarachchi Wednesday, 20 February 2019 04:08 AM

ඝෝඨාභය මැතිතුමනී කොක්කෙන් හරි කෙක්කෙන් හරි කමක් නැහැ මෙරටට කොකේන් සහ අනිකුත් කුඩු ගෙන්වන එක සහ පාතාලය නවතා දමන්න. . හමුදාපති කියා තිබුනා අවසර ලැබෙනවානම් පැය 24න් පාතාලය නැති කරනවා කියලා. ඔබ බලයට පැමිණි විගස එම අවසරය දෙන්න. වැඩකට නැති ඊනියා සම්ප්‍රධායෙන් පිටට එන්න. පාතාලය රටින් පැන්නොත් පවුලේ එවුන් ඇපයට ගන්න. කොටි පවුල් තිබිච්ච තැනක් වත් නැහැ නේද. පිලිපීන ජනාදිපති ආදර්ශයට ගන්න.

:       0       0

smnWednesday, 20 February 2019 10:32 AM

' ඝෝඨාභය මැතිතුමනී……. ඔබ බලයට පැමිණි විගස එම අවසරය දෙන්න ..……. ' අපේක්ෂකත්වයවත් ෂුවර් නැහැ. මොන බලයට පත්වීමක් ගැනද බමුණු නන්දොඩවන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 135 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 270 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 350 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 80 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 527 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 289 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site