IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


රනිල් වෙනස් වෙයි

 

සැබවින්ම අයවැය අවසන් වූ වහාම සිය විපක්ෂනායක නිල කාමරයට ගිය රනිල් වික්‍රමසිංහ මහතා තම පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ කෙටි වේලාවක් ගතකර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති තේ පැන් සංග්‍රහයට ගියේ ජනාධිපතිවරණ සිහිනය ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටම බාරදී හිස් අතින් මෙනි. මා අදටත් විශ්වාස කරන්නේ එම අයවැය ඉදිරිපත් කළ අපේක්ෂකත්වය පිළිබඳ සිතා බැලීමට තරම් මනෝවිද්‍යාත්මක කම්පනයක් ව්‍යාපෘති කෙසේ වෙතත් රතන හාමුදුරුවන්ගේ පිවිතුරු හෙටක් ව්‍යාපෘතිය වෙත යම් නම්‍යශීලී බවක් දක්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙන්ම රාජිත ඇමතිතුමා ඇතුළු පිරිස සමඟ එක්ව තමන්ට ද එකඟ විය හැකි මහින්ද පැරදවිය හැකි ප්‍රායෝගික පොදු අපේක්ෂකයකු සොයන්නට උත්සුක වූවා යැයිද සිතිය හැක.

මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ සැලකීමේදී අතිශය චිත්තාකර්ෂණීය ලෙස එහි පිටකවර සැකසුමේ සිට සමස්තය නිර්මාණය වී තිබිණි. අන්තර්ගතය ද එලෙසමය. පළමුවරට “මෛත්‍රී පාලනයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනය දුටු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සම්පාදකයෝ තුෂ්නිම්භූත වූවා වැනිය. ප්‍රතිපත්ති ප්‍රකාශනය එතරම් සිත් ඇදගන්නා සුලු‍ ආකාරයට කවර නිර්මාණය ඇතුළු “ආර්ට්වර්ක්” සිදුකළේ සදහම් සෙවණේ පැය 24 ම එක ලෙස වැඩකළ මධුශංක රත්නායක මල්ලී විසිනි. ඉඩ ලද සෑමවිටම මම ද ඔහු අගය කළෙමි. චිත්ත ධෛර්යය ලබාදුනිමි. මෙහි ඇති තවත් සුවිශේෂී තත්ත්වයක් නම් අපි “මෛත්‍රී පාලනයක්” එළිදක්වන තුරුම ඒ පිළිබඳ කිසිදු අදහසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති සම්පාදකයන් සතුව නොතිබීමය.


නොවැම්බර් මස අග සිට ජනාධිපතිවරණය පැවැති ජනවාරි 8 දින ඇඳිරි වැටෙන තුරු සමස්ත කාලය ගත්විට අපගේ දෛනික ජීවිතයේ වැඩිම කාලයක් ගතවූයේ මෛත්‍රී ඇමතිතුමාගේ විජේරාම නිවසේ හා සදහම් සෙවණේය. සදහම් සෙවණ පිළිබඳ මීට පෙර ද සඳහන් කළෙමි. පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාගේ මාධ්‍ය මෙහෙයුමේ ඉතා වැදගත්ම කොටසක් බාරව සිටියේ ධනුස්කය. ඔහු යටතේ පූර්ණකාලීනව තරුණ මල්ලිලා 15 දෙනකු පමණ වගකීම් සහගතව කටයුතු කළහ. ඒ අතරින් සුවිශේෂිම කාර්යභාරයක් ඉටුකළේ පෙර කී පරිදිම මධුශංක මල්ලීය. සමස්ත ජනාධිපතිවරණ ක්‍රියාවලියේ ‘ආර්ට්වර්ක්’ වැඩ කටයුතුවලින් බහුතරය නිර්මාණය වූයේ ඔහුගේ නිර්මාණාත්මක සහජ කුසලතාව තුළිනි. මධුශංකට අමතරව ලාල්. සුභාෂ්, සමීර, නදිත්. නිරංග, කසුන්, නවීන්. හසිත, ඩිලංක, කැලු‍ම්, ප්‍රභාත් හා අසේල පැය 24 පුරාම අඛණ්ඩව එම කාර්යයන්හි උපරිම කැපවීමෙන් ක්‍රියා කළහ.


මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක ප්‍රතිපත්ති ප්‍රකාශනය විහාරමහාදේවී උද්‍යානයේදී පොදු අපේක්ෂක ඇතුළු නායකයන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වෙන්නේ දෙසැම්බර් 19 වැනිදාය. මෙම කෙටි උත්සව අවස්ථාවට අදාළව න්‍යාය පත්‍රයක් සැකසුණ අතර එහි ඇතුළත් වූ කථා 3 ක් අවසානයේ දී කපාහැරීමට සිදුවූයේ උත්සවය පැවති කාලය තුළ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධිවීම නිසාය. සාමාන්‍යයෙන් කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම කෙටි උත්සව අවස්ථාවට අදාළව න්‍යාය පත්‍රයක් සැකසුණ අතර එහි ඇතුළත් වූ කථා 3 ක් අවසානයේ දී කපා හැරීමට සිදුවූයේ උත්සවය පැවති කාලය තුළ එම ප්‍රදේශයේ විදුලිය විසන්ධිවීම නිසාය. සාමාන්‍යයෙන් කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම ප්‍රදේශයට අතිශයින්ම හදිසි අවස්ථාවක දී හැර සාමාන්‍ය තත්ත්වයක් යටතේ විදුලිය විසන්ධි නොවූවද එදින එම වේලාවටම විදුලිය විසන්ධි විය. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නැවුම් නිමාව හා එහි අන්තර්ගතය නිසාම සමස්ත රටෙහිම අවධානය ඒ වෙතට යොමු වූ අතර බලාපොරොත්තු වූ මට්ටමට වඩා වැඩි මාධ්‍ය ආවරණයක් හා සමාජ කතිකාවක් සමඟ පිළිගැනීමක්ද ඊට ලැබුණු බව පෙනෙන්ට තිබුණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයත් සමඟ දින 100 ට වැඩ සීයක් වැඩසටහන ද එළිදැක්වුනි. මෙයට මුල්වූයේ මංගල ඇමතිතුමාය. ඊට අමතරව කළු පොත ගොඩ නැගීමට ද එතුමා මූලික විය. කළු පොත මඟින් රාජපක්ෂ පවුලේ හා ඊට සම්බන්ධ පිරිසගේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ චෝදනා හෙළිකර තිබුණි.


පෙරවරුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසුව සවස්වරුවේ අවිස්සාවේල්ලෙහි පැවති ජනහමුවක ද කථාකළ මෛත්‍රී ඇමතිතුමා සන්ධානයේ බොහෝ පිරිසක් තම තමන්ගේ හා අන් අයගේ චිත්ත ධෛර්යය වැඩි කරවීමේ අරමුණින් කියනු ලැබූ කථාවක් බවට පත්ව තිබූ ප්‍රකාශයක් “කොහොම හරි, කුමක් හරි කර දිනන කථාව වලංගු නෑ. ජනවාරි 8 වැනිදා මහින්ද ගෙදර යන්න සූද‌ානම් වෙන්න.” යනුවෙන් ප්‍රබල විශ්වාසයකින් යුක්තව ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්වීම පිළිබඳ මූලික අදහස ඉදිරිපත් වූ කල්හි ඒ වන විට ආණ්ඩුවේ මහ මොළකරුවන් බවට විරුද‌ාවලිය ලබා සිටි බැසිල් ඇමතිතුමා සමග එක්ව ඔවුන් වටා සිටි සන්ධානයේ සමෘද්ධිමත් සමයේ හදිසියේ ශ්‍රී.ල.නි.ප යට ඇතුළු වී ආණ්ඩුවේ සෞභාග්‍යයෙන් ඔදවැඩී සිටි විශ්වවිද්‍යාල කිහිපයකින් පැමිණ එක්රොක්ව සිටි ප්‍රමාණික උගතුන් කිහිපදෙනාගේ අදහස වූයේ ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂ මහතා ලක්ෂ 23 කින්. 17 කින්. 13 කින් යන ආකාරයටත්, පසුව මෛත්‍රී ඇමතිතුමා පොදු අපේක්ෂකයා වීමෙන් පසු පරාජයේ මුවවිටට පැමිණි කල්හි ලක්ෂ 8 කින් දිනනවා. ලක්ෂ 5 කින් දිනනවා යනුවෙන්ද පවසා අවසානයේ උම්මග්ගයෙහි චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ටයා රැවටීමට සිතු මහඖෂධ පඬිතුමා 60 රියන් දිග නෙළුම් දණ්ඩ 80 රියන් කර මැන පෙන්නුවා සේ මේ නූතන ව්‍යාජ බුද්ධිමතුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හා බැසිල් ඇමතිතුමා ඉදිරියේ ගණන් හද‌ා පෙන්වමින් අවසානයේ සතර දෙසින්ම පරාජයේ සේයා මැවෙන කල්හි ඡන්ද ලක්ෂයකින් දිනනවා කීමෙන් පසුව එය ද යථාර්ථයක් සේ නොපෙනෙන කල්හි එක ඡන්දෙකින් හරි දිනනවා. කොහොම හරි දිනනවා යන ප්‍රකාශය දැඩිව සමාජගතකර එයද අපහසු සේ පෙනුණ කල ගහල හරි ගන්නවා යන මතවාදය සමාජය තුළ ස්ථානගත කළේය.


සර් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට මෙන්ම විටින්විට සිරිකොත එ.ජා.ප පක්ෂ මූලස්ථානයට ද මම අවස්ථා කිහිපයකදීම ගියෙමි. විශේෂයෙන්ම මංගල ඇමතිතුමා විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ මා දැනුම්වත් එක් අවස්ථාවකද පමණි.

 

එහෙත් මංගල සමරවීර ඇමතිතුමා සිරිකොත මූලස්ථානයේ සිට ක්‍රියාත්මක විය. දේශපාලනයේ සද‌ාකාලික හතුරෝද මිතුරෝද නැති වගට වන ප්‍රසිද්ධ කියමන සැබෑවක් බව මට හැඟු‍ණේ ද දැනුණේ ද මා සිරිකොතට ගිය පළමු දිනයේදීය.


සැබවින්ම විපක්ෂ නායක කාර්යාලයේදී මෙන්ම සිරිකොත මා සහභාගී වූ රැස්වීම්වලදී හුදෙක් පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමාගේ නියෝජිතයාට වඩා එහා ගිය ඇගයීමක් මා වෙත නිරායාසයෙන්ම හිමිවන බව මට දැනුණි. ඒ අන් කිසිවක් නිසා නොව සියලු‍ දෙනාටම ජනාධිපතිවරණය ජයගන්නා ආකාරය ප්‍රක්ෂේපණයකර පෙන්වන පුද්ගලයා මා වීමය. සැබවින්ම එම ජනාධිපතිවරණයේ එ.ජා.ප පාර්ශ්වයේ පූර්ණ කැපවීමකින් හා දැනුම, බුද්ධිය මෙහෙයවා කටයුතු කළ කිහිපදෙනා අතර මංගල ඇමතිතුමා ද ඉදිරියෙන්ම සිටියේය. ඔහු ජනාධිපති ධුරය සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු යැයි යන මතයේ දැඩිව සිටි අයෙකි. අවසානයේ දී අප සියලු‍ දෙනා එකඟ වූ ජනාධිපති ධූරයේ අනාගතය සම්බන්ධ ප්‍රකාශයට මංගල ඇමතිතුමා ද අනුකූලතාව දැක්වීය.


සිරිකොත දී කාවන් රත්නායක විසින් මට එක් සුවිශේෂී පුද්ගලයකු හඳුන්වා දෙනු ලැබීය. ඒ මහාචාර්ය ආශු මාරසිංහයි. තිස්ස අත්තනායක මහතාට පක්ෂයේ මහ ලේකම්වරයා වශයෙන් පැවරී තිබුණු සියලු‍ වගකීම් පසුව පැවරුණේ ආශුටය. ආශු මෙන්ම ක්‍රිශාන්ත කුරේද එ.ජා.ප මාධ්‍ය අංශය තුළ ක්‍රියාත්මක වූ තවත් ප්‍රබල චරිතයකි. එලෙසම අර්වින් වීරක්කොඩි ද පළමුවරට මට මුණගැසුණේ සිරිකොත තුළදීය.


අර්වින් මා පිළිබඳ ඒ වනවිටත් දැන සිටි අතර වික්ටර් අයිවන්, අර්වින් වීරක්කොඩිට ඊට මාස කිහිපයක සිටම මා පිළිබඳ කරුණු කියා තිබිණි. විශේෂයෙන්ම මීට පෙර සඳහන් කළ ඔක්තෝබර් මස අගදී සන්ධාන නායකයන්ගේ රෑස්වීමේ දී මා පිළිබඳ මතු වූ ප්‍රශ්නයේදී වික්ටර් අයිවන් මට යෝජනා කළේ “මලිත් ඔයාගෙ අනාගතයයි. ආරක්ෂාවයි දෙකම ගැන හිතල ඔයා මේ වෙලාවෙ යූ.එන්.පී එකට යන්න. මම දැනටමත් ඔයා ගැන යූ.එන්.පී. එකේ වගකිවයුත්තන්ට දන්වලයි තියෙන්නේ. ඔයාට යූ.එන්.පී එක තුළ විශාල ඉඩක් තියෙනවා.” එහිදී වික්ටර් තවදුරටත් කියා සිටියේ “ඔයාව මුණගැහෙන්න අර්වින් වීරක්කොඩි කැමැත්තෙන් සිටිනවා.” යනුවෙනි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් වන “​ෆීනික්ස්” ආයතනයේ හිමිකරු වන අර්වින් වීරක්කොඩි ද ජනාධිපතිවරණයට අද‌ාළව එ.ජා.ප. ප්‍රචාරක යාන්ත්‍රණය තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළේය.


දෙසැම්බර් මුල් සතිය වනවිට මා හට දිනයේ බොහෝ වේලාවක් විපක්ෂනායක කාර්යාලය තුළ ගතකිරීමට සිදුවිය. ඒ රනිල් වික්‍රමසිංහ මහතා අපගේ විග්‍රහය අධ්‍යයනය කිරීමෙන් පසුව යම් දේශපාලන උත්තේජනයකට පත්වීමත් සමඟ තම පක්ෂ යාන්ත්‍රණය හැකි ඉක්මනින් පණගැන්වීමට මගේ සහයෝගය ඉල්ලා සිටි නිසාය.


ඒ අනුව වික්‍රමසිංහ මහතා එතුමාගේ පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා මහත්මිය කැඳවා විපක්ෂ නායක කාර්යාලය තුළ පිහිටි ජෝන් අමරතුංග මහතාගේ කාමරය අප කණ්ඩායමට සූද‌ානම් කරදෙන ලෙස දැන්වීය. වික්‍රමසිංහ මහතා මට කියා සිටියේ මෛත්‍රී ඇමතිතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට නම් නිසැක වශයෙන්ම එ.ජා.ප.ය තවදුරටත් ග්‍රාමීය මට්ටමින් අවදි කළ යුතු බවය. ඒ සඳහා මේ අවස්ථාවේ දී තමා සමඟ සිටිමින් ඊට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස එතුමා ඉල්ලා සිටියේය. මේ වන විට වික්‍රමසිංහ මහතා එතුමාගේ පාර්ශ්වයෙන් අප සමග කටයුතු කිරීමට කාවන් රත්නායක මහතා පත්කර තිබුණි. විශේෂයෙන්ම වික්‍රමසිංහ මහතා මගේ විග්‍රහය අවස්ථා දෙකකදීම අධ්‍යයනය කළ අතර එහි වූ අතිශය තීරණාත්මක හා වැදගත් සාධක එතුමාගේ මනසට ධාරණය කරගනු ලබන ආකාරය මම හොඳින් නිරීක්ෂණය කළෙමි.

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (1)

රනිල් වෙනස් වෙයි

Raveendra Tuesday, 20 March 2018 02:48 PM

අනේ මෙයා... මේ ඇත්තටම වෙනස් වෙනවද..?

:       0       3

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site