IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බැසිල් මෛත්‍රී ගැටුම එළියට

2012 අගෝස්තු මාසයේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයට අදාළ ප්‍රගති සමාලෝචන රැස්වීමක් මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඊට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගී නොවීය. කෙසේ වෙතත් මෙම රැස්වීම අතරතුරදී මැති ඇමැතිවරු බොහෝ පිරිසක් ඒ වන විට ක්‍රියාත්මක කර තිබූ මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ ව්‍යාපෘති විවේචනය කිරීමට වූහ. එය එපමණය. පසුදින පෙරවරුවේ අරලියගහ මැදුරට පැමිණෙන ලෙස මෛත්‍රී ඇමතිතුමාට පණිවුඩයකි. ඊට අනුව එහි ගියවිට ජනාධිපතිතුමා ආරම්භයේ සිටම ඉතා කේන්තියෙන් බැණවැදීම ඇරඹීය. 


පක්‍ෂයේ ලේකම් ආණ්ඩුවේ දූෂණ සොයනවා යනුවෙන් කියමින් තවදුරටත් දෝෂාරෝපණය කරන්නට විය. ඒ අසල සිටි පී. බී. ජයසුන්දර සමගද කියමින් මෙම බැණවැදීම සිදුකළේය. සැබවින්ම එදින එලෙස ජනාධිපතිතුමා මෛත්‍රී ඇමතිතුමාට බැණවැදීම එතුමාගේ මනසින් ඉවත් කළ නොහැකි කටුක සිදුවීමක් බඳුය. එපරිදිම තවත් අවස්ථාවක ශ්‍රීලනිපයේ නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළකට අදාළ සවිස්තරාත්මක යෝජනාවලියක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෛත්‍රී ඇමතිතුමා අරලියගහ මැදුරට ගියේය. තමා පක්ෂ ප්‍රතිසංවිධාන යෝජනාවලියක් සකසා ඇති බව කියූ විට එය ඇසූ ජනාධිපතිතුමා ‘මට ඕව වැඩක් නෑ. අපි හදනව වෙනම අලුත් එකක්’ යනුවෙන් පැවසීය. පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඉතා වේදනාවට පත්ව මෛත්‍රී ඇමතුමා යළි සිය නිවසට පැමිණියේය.

 

 

තවත් වරක් අනුරුද්ධ රත්වත්ත මහතා මියයාමෙන් පසුව හිටපු ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයට බැසිල් රාජපක්‍ෂ මහතා පත්කළ යුතුයැයි කියා සිටි මහින්ද රාජපක්‍ෂ මහතා ඒ සඳහා වන යෝජනාව මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කළ යුත්තේ මෛත්‍රී ඇමතිතුමාම බවද කියා සිටියේය. ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයේ වැඩ බාරගත් දිනයේ සිට බැසිල් රාජපක්‍ෂ මහතා ශ්‍රීලනිපයේ තනි අයිතිකරු වූවා සේ. ඔහුගේ එකම හා පරම අභිප්‍රාය වූයේ ශ්‍රීලනිප මහ ලේකම්වරයා නාමික ලේකම්වරයෙකු බවට පත්කිරීමය. ජාතික සංවිධායකවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ මහතා ඩාර්ලි පාරේ ශ්‍රීලනිප පැරණි ගොඩනැගිල්ලට ඇතුළු වූයේම නැත. ශ්‍රීලනිප ශාඛා සමිති ලියාපදිංචි කිරීමේ කාර්යයේ සිට ඉහළට සියලු වගකීම් ස්වේච්ඡාවෙන්ම ඔහු බාරගත්තා වැනිය. පක්ෂයේ ලේකම්වරයා වශයෙන් මෛත්‍රී ඇමතුමාට තම නිල මුද්‍රාව පමණක් ඉතිරිවන තත්ත්වයක් උදාවෙමින් පැවතුණි. මේ අතර දින කිහිපයකට වරක් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මෛත්‍රී ඇමතිතුමා කරනු ලබන ප්‍රකාශ පුවත්පත් හා වෙනත් මාධ්‍ය තුළින් අසා දුරකථනය මගින් එතුමාට බැණවදී.


‘අපි වවමු - රට නගමු’ වැඩසටහන 2006 දී කෘෂිකර්ම ඇමතිවරයා ලෙස මෛත්‍රීපාල ඇමැතිතුමා ඇරඹූ සාර්ථක වැඩසටහනක්. එමගින් කෘෂිකර්මාන්තය හා දේශීය ගොවිතැන පිළිබඳ නව ප්‍රබෝධයක් රට තුළ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය විය. එම වැඩසටහනේ සාර්ථකත්වය දුටු බැසිල් රාජපක්‍ෂ මහතා එයද තමා සන්තක කරගත්තේය. පසුකාලීනව ‘දිවි නැගුම’ ඇට වර්ග බෙදාදීම ලෙස කරළියට පැමිණෙන්නේ එයයි. මහාචාර්ය සේනක බිබිලේ ජීවිතයෙන් වන්දි ගෙවා නිමකිරීමට නොහැකි වූ ඖෂධ ප්‍රතිපත්තිය මෛත්‍රී ඇමැතිතුමාගේ අප්‍රතිහත ධෛර්යය මතින් යථාර්ථයක් වන සේයාව දුටුවිට බැසිල්  රාජපක්‍ෂ මහතා හා අරලිය ගහ මැදුර ඖෂධ සමාගම් වෙනුවෙන් පෙනී සිටියේය. සිගරට් පැකට්ටුවේ රූපමය අවවාදයෙහි ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්නයේදී සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස මෛත්‍රීපාල ඇමැතිතුමා අලුත්කඬේ අධිකරණයේ බංකු මත හිඳ සිටියදී බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ අරලියගහ මැදුර දුම්කොළ සමාගම වෙනුවෙන් පෙනී සිටියේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රංජිත් ජයතිලක මහතා සෑම දිනකම සවස 4 වනතුරු සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිට මෛත්‍රී ඇමැතිතුමාගේ දෛනික වැඩකටයුතු සඳහා බාධා පමුණුවමින් කාලය ගතකර සවස 4.00 සිට රාත්‍රිය වනතුරු බැසිල් රාජපක්‍ෂ මහතාගේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයට වී මෛත්‍රීපාල ඇමැතිතුමාට උසුළු විසුළු කළේය. සෞඛ්‍ය අමාත්‍යවරයා අසාර්ථක හා අකාර්යක්ෂම ඇමතිවරයකු බව රටට පෙන්වීම උදෙසා පිළිකා රෝහලේ සිට ග්‍රාමීය රෝහල් දක්වා ඖෂධ හිඟයක් මවා පෙන්වීය.


මේ අතර 2014 වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය තුළ දිස්ත්‍රික් සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් පැවති සියලු රජයයන් වෙන් කළ දැවැන්ත සංවර්ධන මුදල වෙන් කළේය. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ මුදල් සංකේතාත්මකව බාරදීම වෙනුවෙන් ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් මට්ටමින් නිල උත්සවයක් සංවිධානය විය. මෙම නිල උත්සවයේ සංවිධාන කටයුතු සිදු කරන්නේ ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අදාළ දිස්ත්‍රික් ලේකම්වරයා විසිනි. ඊට අනුව න්‍යාය පත්‍රය මේ සඳහා දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් කැඳවීම, රැස්වීම පැවැත්වෙන විශාල ප්‍රමාණයේ මඩුව සංග්‍රහ කටයුතු යන සියල්ල සිදුකරන්නේ කොළඹ මූලික කරගත් ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශයයි. මෙහි සහභාගිකයන් වන්නේ සමස්ත දිස්ත්‍රික් සංවර්ධන අමාත්‍යාංශයයි. රැස්වීමේ න්‍යායපත්‍රයට අනුව සම්පූර්ණ උත්සවය සභාවටම ඇත්තේ කථා දෙකකි. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා පිළිගැනීමේ කථාව සිදුකරන අතර ඉන් අනතුරුව නැගී සිටින බැසිල් රාජපක්‍ෂ ඇමතිතුමා සංවර්ධන ඉලක්කයන් පිළිබඳව පැයක දෙසුමක් පවත්වයි. එතැනින් උත්සව සභාව නිම වේ. මේ සෑම අවස්ථාවකදීම අදාළ දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍ය හා දිස්ත්‍රික් නායකයන් හුදු සහභාගිකයන් පමණි.


කෙසේ වෙතත් මීට අදාළ පොළොන්නරුවේ උත්සවයට මෛත්‍රී ඇමැතිතුමා සහභාගිකයකු ලෙස එහි ගොස් සිටියද බදුල්ලේදී නිමල් සිරිපාල ද සිල්වා රත්නපුරේදී ජෝන් සෙනෙවිරත්න හා මාතලේ දී ජනක බණ්ඩාර තෙන්නකෝන් යන දිස්ත්‍රික් නායකයෝ මෙම උත්සවය වර්ජනය කළහ.

මේ පිළිබඳ මෛත්‍රී ඇමතිතුමාගේ මතය වූයේ ඉන් ඉදිරියට පැවැත්වෙන මැතිවරණ ශ්‍රීලනිපයේ හෝ එජනිස යාන්ත්‍රණයකින් පරිබාහිරව රාජ්‍ය නිලධාරීන් පමණක් මෙහෙයවා සිදුකිරීම පිළිබඳ පළමු පෙරහුරු වැඩ සටහන වශයෙන් මෙය සැලකිය හැකි බවයි.


කෙසේ වෙතත් 2010 වසරෙන් පසු අරලියගහ මැදුර හා ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය එක්ව දෛනිකව මෛත්‍රී ඇමතිතුමාට එරෙහිව නිර්මාණය කළ ප්‍රශ්න බාධා කිරීම් හා කඩාකප්පල්කාරී ක්‍රියා මතින් එතුමා අඛණ්ඩව වසර 4ක් පමණ දැඩි මානසික වේදනාවකින් හා චිත්ත පීඩාවකින් කල් ගෙවීය. එතරම් විනෝදකාමී ජීවිතයකට අකමැති එතුමා ඉතා සරල හා අල්පේච්ඡ ජීවිතයක් ගෙවන අතරතුර මෙම ප්‍රහාරය අරලිය ගහ මැදුර හා ආර්ථික කටයුතු සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව දියත් කිරීම හමුවේ ඇමැතිතුමා පමණක් නොව සමස්ත පවුලම අර්බුදයක සිටියේය. මෛත්‍රී ඇමතිතුමා අමාත්‍යාංශයේ සිට පැමිණියද පක්‍ෂ කාර්යාලයේ සිට නිවසට පැමිණියද ඒ සැමවිට එකක් පරයා තවෙකෙක් ලෙසට සිත් රිදවීම්ය. සිය නිදියහනේ වැතිර ඒ පිළිබඳ කල්පනාවේ යෙදෙන කල එතුමාගේ බිරිඳ සහ දරුවන් ඒ තුළින් දැඩි මානසික කම්පනයකට ලක්වෙයි.


සැබවින්ම මෙලෙස කැටිකොට දැක්වූයේ නොවැම්බර් 21 වැනිදා සවස 3.15 පමණ රට ඉදිරියේ පෙනී සිටි පොදු අපේක්ෂකයා එවැනි තීරණාත්මක අභියෝගාත්මක හා අවදානම්කාරි තීරණයකට ප්‍රවිෂ්ටවීමට හේතු වූ කරුණු සාධක සිදුවීම් හා පෙලඹවීම් සිය දහස් ගණනක් අතරින් ඉතාමත් අල්පයක් පමණි. මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා බවට පත් කරවීම පිටුපස දැවැන්ත කාර්යභාරයක් අරලියගහ මැදුරද නිහඬවම සිදුකර ඇති ආකාරයයි.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

බැසිල් මෛත්‍රී ගැටුම එළියට

ඔබේ අදහස් එවන්න

කොලම

වෙල්ගමට පහර දුන්නැයි දෙදෙනකු අත්අඩංගුවට
2022 මැයි මස 27 4914 0

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට සහ ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්


සජිත්ගේ අලසකම්
2020 මාර්තු මස 28 14747 2

සජිත් ප්‍රේමද‌ාසට පමණක් නොව ප්‍රේමද‌ාස පවුලේ හැමටම ඉංග්‍රීසි භාෂාව ඉගැන්වූ රාජකීය විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ගුරුභවතෙකු ලෙස සේවය කළ වත්තල සාහීඩ් සර


පක්ෂ ඇතුළේ බල පොර
2020 මාර්තු මස 28 5780 0

‘‘ජාතියේ පියා’’ ලෙස විරුද‌ාවලී ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාත්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා 1952 මාර්තු 22 වැනි දින ගාලු මුව දොර ව්‍යායාම් ක


සාම කතා මැද මතුවූ කොටින්ගේ පාවෙන අවි ගබඩාව
2020 මාර්තු මස 28 529 0

‘‘කමක් නැහැ. ඔය ප්‍රදේශයේම රැඳී ඉන්න. අපට ලැබුණු තොරතුරු ඉතාමත් විශ්වාසනීයයි’’ ‘‘රොජර් (එසේ කරන්නම්) සර්’‘


ඇමතිවරුන්ගේ නොකෙරෙන වැඩ
2020 මාර්තු මස 14 1435 0

දිනක් මා දන්නා ඥාති සහෝදරියකගේ නිවසට ගොඩ වූයේ කලක් තිස්සේ අසනීපව සිටින ඇයගේ අම්මාගේ සුවදුක් සොයා බැලීම පිණිසය. මා එහි සිටි අවස්ථාවේ එම ඥාති සොයුරිය එක


යුද බිමේ ඔත්තුකරුවෝ
2020 මාර්තු මස 14 2556 0

2003 වසරේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේ නැවත වරක් L.T.T.E. ආයුධ නෞකාවක් නැගෙනහිර මුහුදු ප්‍රදේශයට ඒම පිළිබඳව සංඥා පණිවිඩයක් නාවික හමුදා මූලස්ථානයෙන් ලැබිණ. සෝ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site