IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ජනපති - සජිත් එකඟතාවක

ජනමත විචාරණයක් හරහා කැමැත්ත විමසීමෙන් පසුව පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන් වුවමනා වී තිබේ. ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයන් සදහන් කළ පරිදි මේ සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ අදහස් විමසීමට ද ජනපතිවරයා කටයුතු කර තිබේ. එසේ කිරීමේ හැකියාවක් තිබෙන බවද නීතිපතිවරයා පෙරළා දැනුම් දී ඇත.

කෙසේ වෙතත් ජනපති සිරිසේන මහතාගේ නීති උපදේශකයින් දරන්නේ එසේ නොකළ යුතුව ඇති බවට මතකයකි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනපතිවරයා තීරණය කළ ද, ඒ අරබයා පැනනැගී තිබෙන බාධක ගණනාවක් ජය ගැනීමට ද ඔහුට සිදුවේ. ඒ අතරින් ප්‍රධානම වන්නේ දේශපාලන පක්ෂවල සහාය, විශේෂයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවල සහාය, ඒ සදහා ලබාගැනීමයි. ජනපතිවරයා ගන්නා මෙවැනි තීරණයකට ඔවුන්ගේ සහාය නොලැබෙන බවක් පෙනෙන්නට තිබේ.

ගෙවුණු සති කිහිපය පුරාම ජනපති සිරිසේන මහතාගේ සිත අරක් ගෙන තිබුණේ මෙම කාරණයයි. 

එය කොපමණවීද යත්, ඔහු පසුගිය 3 වැනිදා සන්ධ්‍යාවේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා හමුවිය. විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වුනේ ද එදිනමය. පීඩාවට පත්ව සිටින ජනතාවට ආර්ථික පැකේජයක් හරහා සහන සැළසීමේ ක්‍රමයක් පවතින්නේ ද පිළිබදව සාකච්ඡා කිරීම අරමුණු කරගෙන එම හමුව පැවැත්වුන ද, පාර්ලිමෙන්තු මැතිවරණයක් පැවැත්වෙන්නේ ද යන්න සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහගෙන් විමසා සිටීමට රාජපක්ෂ මහතා එය අවස්ථාවක් කරගත්තේ ය.

“තවම ඒ ගැන තීරණයක් අරගෙන නැහැ” යයි අගමැතිවරයා දුන් පිළිතුර විය.

ජනපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර හමුවක් පැවැත්වුනේ විශේෂකොටම පශ්චාත් පාස්කු ඉරිදා සංහාර තත්ත්වය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමටය. දැනට පැවැත්වෙමින් තිබෙන විමර්ශන සම්බන්ධයෙන් සහ ආරක්ෂක අංශවල සිදුකරන්නට යන වෙනස්කම් සම්බන්ධයෙන් ජනපතිවරයා, විපක්ෂ නායකවරයාව දැනුම්වත් කළේය. 

ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකු සහ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු වන සිසිර මෙන්ඩිස් මහතාව එම තනතුරින් ඉවත් කිරීමට දැනටමත් පියවර ගෙන තිබෙන බව ජනපතිවරයා පැවසුවේය. මෙන්ඩිස්ට ප්‍රථම මෙම තනතුර හෙබවූයේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධරයන්ය. 

බුද්ධි අංශයේ නිලධාරියකු ලෙස කටයුතු කර දීර්ඝ කාලීන අත්දැකීම් ඇති මේජර් ජෙනරාල් චූලා සෙනෙවිරත්න මහතා ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත්වූ පළමු නිලධරයා වේ. ඔහු අද වන විට විශ්‍රාමිකය. ඔහුගෙන් පසුව එම තනතුරට පත්වූයේ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ මේජර් ජනරාල් කපිල හෙන්දවිතාරණ මහතාය. ජනපති සිරිසේන මහතා දැන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස අභිනවයෙන් පත්කර තිබෙන්නේ මේජර් ජනරාල් රුවන් කුලතුංග මහතාය. බුද්ධි කටයුතු සම්බන්ධයෙන් පුහුණුව ලබා තිබෙන හෙතෙම ශ්‍රී ලංකා යුද හමුදා සැහැල්ලු අවි රෙජිමෙන්තුවේ අණදෙන නිලධාරියා ද වේ.

සිය පූර්වතමයා සමග පැවැති සාකච්ඡාවේදී වසරාවසානයේ පැවැත්වීමට නියමිත ජනපතිවරණයට ප්‍රථමයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවස්ථාව සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා අවධානය යොමු කළේය. මේ සම්බන්ධයෙන් තමා නීතිපති අදහස් ද විමසූ බව ඔහු කීවේය.

රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ අතර, ඒ වෙනුවට ඔහු ජනපතිවරයාට වෙනත් ප්‍රශ්න රාශියක් යොමු කළේය. රටේ සිදුවෙමින් පවතින දේ සැළකිල්ලට ගැනීමේ දී පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම දැන් අත්‍යාවශ්‍ය කාරණයක් වී තිබෙන බවත්, අපේක්ෂා ඉටුකරන රජයක් බලයට පත්කර ගැනීම සදහා ජනතාවට අවස්ථාවක් සළසාදිය යුතුව තිබෙන බවත්, ජනපතිවරයා පැවසුවේය. 

කෘතහස්ථ දේශපාලඥයකු වන රාජපක්ෂ මහතා මෙම අවස්ථාවේ දී සිය දේශපාලන විඥානය අනුව යමින්, මේ සම්බන්ධයෙන් තමාට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයින්ගේ අදහස් විමසීමට සිදුවන බව කීවේය. වසරාවසානයේ පැවැත්වීමට නියමිත ජනපතිවරණය, ඒ අයුරින්ම පැවැත්විය යුතුව තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දැඩි ස්ථාවරයයි.

සිරිසේනගේ කොස්ඇට බාලා දෙන්න මෙතනට ඇවිල්ලා නැහැ, එම පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයෙක් පැවසුවේ ය.
පාර්ලිමේන්තු මැතිවරණයකින් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වනු ඇතැයි තිබෙන විශ්වාසය, පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට ජනපති සිරිසේන මහතා මුල් කරගෙන සිටින ප්‍රධාන සාධකයයි. එවැන්නක් හමුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට අවස්ථාවක් නොලැබෙනු ඇතැයි ද, එය පක්ෂයේ දැඩි අර්බුදයක් ඇතිවීමට මගපාදනු ඇතැයි ද, ජනපතිවරයා විශ්වාස කරයි. කොටින්ම කියතොත්, අගමැතිවරයාට එදිරිව ඔහු දියත් කර තිබෙන සටනට දැන් හිමිව තිබෙන්නේ ජාතික මට්ටමේ ප්‍රමුඛතාවයකි. 

පක්ෂ නායකත්වය වික්‍රමසිංහ මහතාගෙන් වෙනකෙකුට පවරා දී, එම නව නායකයා පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්කිරීමේ වුවමනාව තිබෙන පිරිසක් ද එක්සත් ජාතික පක්ෂයේ සිටින බව රහසක් නොවේ. මේ අරබයා අවධානයට ලක්ව තිබෙන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් දෙදෙනෙකි. 

පළමුවැන්නා සජිත් ප්‍රේමදාස මහතාය. ඔහුට සහාය දැක්වීමට ජනපතිවරයා විවෘතවම ඉදිරිපත්ව සිටින අතර, එසේ වුවත් එවැනි සහායක් ලබාගැනීම ප්‍රේමදාස මහතාට දේශපාලන හංස ගීතයක් වනු ඇත. 

කතානායක කරූ ජයසූරිය මහතා දෙවැන්නාය. ඔහු මේ වන විට දිගින් දිගටම සිවිල් සමාජ සංවිධාන මෙන්ම කොළඹ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව පවා හමුවෙමින් සිටී. එමෙන්ම, පක්ෂයට වුවමනාවක් තිබේ නම්, එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමා සූදානම් බව ද, ජයසූරිය මහතා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර තිබේ.

වචනය හා ක්‍රියාව අතර බොහෝ අඩුලුහුඬුකම් පවතින බැව් ප්‍රත්‍යක්ෂ කරමින්, ජනපති සිරිසේන මහතා ගෙන එන්නට යන අලුත්ම තුරුම්පුවට තිබෙන්නේ සාර්ථකවීමට වඩා අසාර්ථකවීමේ ලකුණුය. එහි ලා වඩාත්ම වැදගත් වන්නේ දේශපාලන පක්ෂවල සහාය ලබාගැනීමය. විපක්ෂයට නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙයට එකහෙළාම විරුද්ධත්වය දක්වනු ඇති අතර, එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ හැසිරීමද නොකිවමනාය. 

සියල්ලට ඉහළින් තිබෙන ප්‍රධානම පැනය වන්නේ ජනපති සිරිසේන මහතාගේ නායකත්වය යටතේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඔහුගේ මෙම නව සැළසුමට සහයෝගය දක්වනු ඇති ද යන්නය. යන්තම් පසුගිය සතියේ එම පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් 23 දෙනෙක්, එළැඹෙන ජනපතිවරණයේ පක්ෂයේ ජනපති අපේක්ෂකයා විය යුත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යැයි සදහන් කර, ඔවුන්ගේ අත්සනින් යුත් ලිපියක් ජනපතිවරයාට භාරදීමට කටයුතු කිරීමට එයට හේතුවය. එයින් අනතුරුව තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ජනපතිවරයා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබිණ. නමුත් එය සිදුවූයේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස දැන් සිටින්නේ අතිශය කෝපයට පත්වය.

මෙසේ ලිපියක් සම්පාදනය කිරීමට තුඩු දුන්නේ පසුගිය මස 28 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ දී, එක්සත් ජාතික පක්ෂයෙක් ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් කරන්නේ නම් එම අපේක්ෂකයාට තම සහාය හිමිවන බවට ජනපතිවරයා ප්‍රකාශයක් සිදුකර ඇතැයි රාවයක් පළවීමය. 

මෙය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතිශය කෝපගැන්වීමට හේතුවක් වූ අතර, වහාම ජනපතිවරයා හමුවූ ඔවුහු කියා සිටියේ සිය දේශපාලන අනාගතය ගැන තීරණයක් ගැනීමේ අයිතිය හරි නම් ඔවුන්ටම ලබාදිය යුතුව තිබෙන බවය. එවැනි ප්‍රකාශයක් සැබැවින්ම සිදුකර තිබුණත්, ජනපතිවරයා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හමුවේ එසේ සිදුනොකළ බව තරයේම කියා සිටි අතර, එය ඉහත සදහන් කළ ලිපිය සම්පාදනය කිරීමට මග පෑදීය. 

පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අවස්ථාව ලබා දීමට කැමැත්ත පළකරන බව දන්වා එම ලිපියට අත්සන් යෙදූ ඔවුහු, පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසද ජනපතිවරයාට බල කර සිටියහ. නමුත් මේ දක්වාම එවැන්නක් සිදුව නොමැත. දැන් අපේක්ෂිත ජනමත විචාරණයට දේශපාලන පක්ෂ බහුතරයක් විරෝධයක් දක්වනු ඇති වාතාවරණයක, ජනපතිවරයා තවදුරටත් හුදකලාවීමේ අවදානමක් පැන නැග තිබේ. 

කෙසේවුවත් ජනමත විචාරණයක් පැවැත්වීමට ජනපතිවරයා අතිශයින් උනන්දු අතර, එයට හේතුව වෙනත් කාරණයකි. එය නම් පාස්කු ඉරිදා සංහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පාර්ලිමෙන්තු තේරීම් කාරකසභාවක් පත්කිරීමට එක්සත් ජාතික පෙරමුණු රජය පියවර ගැනීමත්, එම තේරීම් කාරකසභාව හමුවේ අනාවරණය වෙමින් තිබෙන කාරණා හමුවේ තමා දිනෙන් දිනම අපහසුතාවට පත්වෙමින් සිටීමත් සැළකිල්ලට ගෙන, ජනමත විචාරණයක් හරහා එක්සත් ජාතික පෙරමුණු රජයට එකට - එක කිරීමට දැන් එළැඹ තිබෙන්නේ තම වාරයයැයි හැගීමක් ඔහුට තිබීමය. 

පසුගිය 7 වැනිදා පැවැති හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, මෙම පාර්ලිමෙන්තු තේරීම් කාරකසභාව පත්කර තිබෙන්නේ පාස්කු ඉරිදා සංහාරයේ දුෂ්ඨයා තමා බව පෙන්වීමටයැයි ඔහු චෝදනා කළේය. මේ පසුපස සිටින්නේ අගමැති වික්‍රමසිංහ බව ද ඔහු කීවේ ය.

එය රාජ්‍ය නායකයා ලෙස තමාව අපහසුතාවයට පත්කිරීමට ගන්නා උත්සාහයක් ලෙස ද ජනපති සිරිසේන මහතා හඳුන්වාදුන්නේය. 

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව ඔහුට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒම අරබයා තැබුනු  මුල් පියවරක් ලෙස ද සැළකිය හැකි බවද ජනපතිවරයාට සමීප වෙනත් ආරංචි මාර්ගයන් සදහන් කළ අතර, අවැසි තරම් කාලයක් පැවතුනද, නුදුරේදීම ජනපතිවරණයක් පැවැත්වීමට නියමිත නිසා, ජනපතිවරයාට එරෙහි දෝශාභියෝගයක් ඉදිරිපත් කිරීම දුෂ්කර විය හැකි බවද, එම ආරංචි මාර්ගයන් වැඩිදුරටත් පැවසුවේය. මෙවන් වාර්තාවලට තවත් තටු ලැබුණේ වැඩබලන අමාත්‍යවරුන් පත්කිරීම ව්‍යවස්ථාවිරෝධී බව සදහන් කර අගමැතිවරයා, ජනපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමත් සමගය.

ඔබ සියලුදෙනා 2015 ජනපතිවරණයේ දී මට සහාය දුන්නා. දැන් ඔබ සියලුදෙනා මට ද්‍රෝහීවෙමින් සිටිනවා, ඔහු පැවසුවේ ය.

“මාව ඉවර කරලා තියෙන්නේ. දැනටමත් මම ඉවරයි” ජනපතිවරයා කීවේ ය.

අගමැතිවරයා අදහස් දක්වමින්, පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව අහෝසි කිරීම අපහසු විය හැකි වුවත්, ජනපතිවරයාගේ අදහස් එහි සාමාජිකයන් වෙත දන්වා, යම් යම් ක්‍රමවේදයන් ගොඩනඟා ගැනීමට අවස්ථාව තිබෙන බව පෙන්වා දුන්නේය. 

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාද ජනපති සිරිසේන මහතා හා එකඟ වෙමින්, පාර්ලිමේන්තු තේරීම් කාරකසභාව මේ ආකාරයට ක්‍රියාත්මක වෙමින් තිබීම අසාධාරණ බව පැවසුවේ ය.

‘ද සන්ඬේ ටයිම්ස්’ දේශපාලන තීරුව ඇසුරිනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර



අදහස් (16)

ජනපති - සජිත් එකඟතාවක

Sumith Jayasekara Wednesday, 19 June 2019 10:51 AM

මොහු ජාතික නායකයෙක් නොවේ. දූපත් මානසිකත්වෙයෙන් පෙලෙන කිසිම විචාරයක් නැති පුද්ගලයෙක්. මෛත්‍රිපාල එක්ක ඉඳගන රනිල්ට අංචි අදින එක තමයි කරන්නේ...

:       302       1205

චමින්දThursday, 20 June 2019 01:06 AM

සුමිත් ජයසේකර හරි. මොහු රටේ අනාගතය වෙනුවෙන් කරන කිසිම වැඩක් නැත. මුඩුක්කු ආකාරයට පොඩි පොඩි ගෙවල් හදා දුන්නාට රටටවෙන සෙතක් නැත. රටේ දියූණුවට කරන කිසිත් නැත.

:       198       740

shan Wednesday, 19 June 2019 10:55 AM

හොඳ වැඩේ... රටත්, ජනතාවත් විනාශ කළ අය වහාම එලවා දැමීමට ජනතාව පෙළ ගැසිය යුතුයි. මෙවන් නායකයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසි කලක බිහිවී නොමැත. ශ්‍රී ලංකාවට ශාපයක් වී හමාරයි. තව දුරටත් රට විනාස නොකර ජනපතිවරණයක් හෝ දෝෂාභියෝගයක් ගෙන මේ පිලලය රටින් ඉවත්කර දමන ලෙස ජනතාවට කියා සිටිමි..

:       79       1361

nali Wednesday, 19 June 2019 03:28 PM

මේ දේශපාලකයන් අතර අනාගතයේ රටට වැඩක් කරන කොන්ද පණ ඇති අවංක මිනිස් පුළුටක්වත් අපට නම් පෙනෙන්නේ නැත.

:       20       211

Chanak los angeles Thursday, 20 June 2019 03:19 AM

ප්‍රේමදාසගේ පාලනය දන්නවානම් මිනිසුන් සජිත් දිහා බලන්නේවත් නැහැ .

:       105       1101

waruna Thursday, 20 June 2019 04:48 AM

එජාපයේ සමහර මන්ත්‍රීන් මොහු වටා එක්වී ඇත්තේ ඇමති කම් බලාගෙනය. සමහරු ප්‍රේමදාස මහතාව මාකට් කොට චන්දය ලබා ගත හැකිය යන සිතිවිල්ල මත සහය දෙන බව පෙනේ. සජිත් ට කිසිසේත්ම ජාතික නායකත්වයකට තිබිය යුතු සුදුසුකම් හා පරිනත බවය ඔහු සතු නොවෙන බැවින් රටේ ජාතක නායකත්වයකට නුසුදුසුය. ජනාධිපති තුමා සමග එක්වී ඇතේද ඔහුගේ අපරිණත බව නිසයි. මොහුගේ අනුගාමිකයට කිවයුතේ වර්තමාන තරුණ පරම්පරාව ප්‍රේමදාස මහතා ගැන නොදනී. මොහු ගැන ඔවුන්ගේ යහපත ආකල්පයක් නොමැත. අනුගාමිකයන්ට කිව යුත්තේ රට ගැන සිතා කටයුතු කරන ලෙසයි.

:       42       520

max Thursday, 20 June 2019 08:06 AM

මෛත්‍රී මහතා 2015 දී තමාට නොගැලපෙන කඳවුරකට හේත්තු වීම මගින් වර්තමානය වන විට මුළු මහත් රටත්, පෞද්ගලිකව ඔහුත් විශාල ප්‍රපාතයකට වැටී ඇත. එහි තව තවත් ගැඹුරට බැසීම වලකාලීමට නම් ඔහු විසින් කල යුත්තේ කිසියම් හෝ ජාතිකවාදීන් පිරිසක් යූ ඇන් පියෙ සිටිනවා නම් ඔවුන් ද කැටුව, මහින්ද මහතාගේ ද ආශීර්වාදය ඇතිව ගොඨභය මහතා ජනපති කරවීමට කර උර දීමයි. වර්තමානයේ වැටී ඇති නරා වලෙන් රට ගොඩ ගැනීමට සමත් ජාතිකවාදී නායකයෙක් ඇත්නම් ඒ ගොඨභය රාජපක්ෂ පමණි.

:       1150       614

BishanFriday, 21 June 2019 12:38 PM

ඇමෙරිකාවේ පුරවැසිභාවය හිමි ජාතිකවාදියෙක්. බලන් කඩතුරා හැර දෑසේ..!

:       366       627

chandanaSaturday, 22 June 2019 04:55 AM

සම්පූර්ණ ඇත්ත. ත්‍රස්තවාදයටත් හොඳ උත්තරයක් දෙයි. හොඳ පරිපාලකයකුත් වෙයි. ඒ බව එතුමා ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා විශ්වාස කරන්නත් පුළුවන්. ත්‍රස්තවාදයට විරුද්ධ නම්, බෝමබ පිපිරෙනවට කැමති නැත්නම්, සියළු දෙනා සාමයෙන් සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න කැමති නම් ජාති ආගම් භේධයකින් තොරව සියළු දෙනා එතුමාට සහාය දෙන්න. එතුමා අපිට සාමකාමී රටක් හදල දෙයි. එහෙම හදල දීලු රටක්නේ අපි 2015 දී රැවටිලා විනාශ කර ගත්තේ. 2015 කරපු පරණ පව් හෝද ගන්න, රටට ජාතියට ණය ගෙවන්න ඊළඟට එන ඹ්නෑම මැතිවරණයකදී නිහඬවම පෙරට එන්න. ඡන්දය දෙන්න.

:       333       6

nali Thursday, 20 June 2019 06:45 PM

අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා ............!!!!

:       5       1160

චන්දනSaturday, 22 June 2019 05:14 AM

ඔබ කාටත් කරදරයක් නැතුව ජීවත් වන කෙනෙක් නම් කොටි ත්‍රස්තවාදය පරාද කරපු 2009 වර්ෂයෙන් පස්සේ 2015 වෙනකම් ඔබට ඔය වගේ අසරණ කමක් දැනිලා තියෙනවද කියලා අවංකවම සිතා බලන්න. කොතැනද වැරදුනේ...? ඒ වැරැද්ද හදාගන්න. අසරණ වුණා කියලා හිත හිත තැවිතැවී ඉන්න කොට අපි නොදැනීම තව තවත් වල පල්ලට යනවා. ලස්සන වචන, ලස්සන න්‍යායන් වලින් අපිව රවට්ටලා අපේ ඡන්දයේ වටිනාකම විනාශ කරලා අපිවත් විනාශ කරන ක්‍රියාමාර්ග හොර රහසේම ක්‍රියාත්මක වෙනවා.

:       11       118

de silva Thursday, 20 June 2019 09:10 PM

ජනාධිපතිතුමා ජනාධිපතිවරනෙට කලින් ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකිරීමත් , බැඳුම්කර හොරු ගැන බොරුවට මාධ්‍ය සංදර්ශන පැවැත්වීම හැර ඔවුන්ට නීති මගින් දඩුවම් කිරීමට කිසිම සැලකියයුතු ක්‍රියාමාර්ගයක් නොගැනීමත් , රටේ ආරක්ෂක ඇමති ලෙස තමන්ට පැවරුන වගකීම් ඉටු කිරීම පැහැර හරිම නිසා රට ත්‍රස්තවාධි ප්‍රහාරයට ලක්විය ඉහත සදහන් කරුණු නිසා ආර්ථිකය කඩාවැටි ජනතාව පිඩාවට පත්වී ඇත. එමනිසා ජනතාව අද ඔහු සමග උරණව ඇත. එදා ඔහුට චන්දෙ දුන් ලක්ෂ 62 න අද ඔහු සමග සිටින්නේ 5% ට අඩු ප්‍රමාණයකි. ජනපති සජිත්ට සහයෝගය දැක්වුවහොත් සජිත්ට ලැබෙන ඡන්ද ටිකත් නැතිවනු ඇත .

:       0       566

maheshika Friday, 21 June 2019 06:47 PM

මේ රට කරන්න පුළුවන් කෙනෙකුට දීලා මකබෑවිලා යන්න. බලය තහවුරු කරගන්න ක්‍රම සහ විදි හොයහොයා ඉන්නේ නැතුව වෙලාවට මැතිවරණ තියන්න. රට පුරා වනාන්තර එළිකර කර හුණ්ඩු ගෙවල් හදන මහා සංවර්දන වියාපාරයේ මහා ඔලමොට්ටලුන් බලයට ගෙනෙන්න හිතනවානම් දෙනාගේම වල කපා ගැනීමක්...

:       0       555

ලොකු අය්යා කටාර් Sunday, 23 June 2019 12:39 AM

හරි කණගාටුයි සජිත් ගැන. ලැබෙන ඡන්ද ටික විනාශකර ගත්ත ඔය වගේ පොටෝ දාලා.ඔය පොටෝ එක දැක්කම මල පැන්න. සජිත් ට ඡන්දෙ දායිද. අපෝයි කරුමයක තරම.

:       0       120

de silva berlin Sunday, 23 June 2019 01:28 PM

මහා පක්ෂ දෙකේම නායකයෝ දෙතුන්දෙනා කරන්නේ සුළුපක්ෂ ටික පිරිවරාගෙන ඡන්දෙට කලින් බොරු පොරොන්දු දීලා අපිව රවටලා බලේ අරගෙන අපිව ටිකෙන් ටික සූරාකන එක... මේ රට ගොඩගන්න ඕනේ නම් ඔය දේශපාලන පක්ෂ දෙක, තුනටම නැති නාගානන්ද කොඩිතුවක්කු, කුමාර සංගක්කාර, කාදිනල්තුමා වගේ රට, ජාතියට ආදරය කරන දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති කෙනෙක් නිර්පාක්ෂික ජනපති ලෙස පත්කරගන්න ඕනේ... ඊට පස්සේ පාර්ලිමේන්තුව විසුරවලා දමලා, විද්වත් හොර බොරු නැති කණ්ඩායමක් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට පත්කරගෙන මධ්‍යම යුරෝපයේ, උතුරු ඇමරිකාවේ සහ ජපානයේ තිබෙන ආකාරයට නීතියේ අාධිපත්‍යය රටේ ස්ථාපිත කරන්න ඕනේ... නඩුකාරවරු වැඩියෙන් බඳවාගෙන අල්ලස් නඩු, ඉඩම් නඩු, මිනීමැරුම් නඩු ඇතුළු සියලුම නඩු වර්ග යුරෝපයේ සිදුවන පරිදි මාස කිහිපයකින් තීන්දුව දෙන්න ඕනේ.. නැතුව අපි පසුගිය අවුරුදු 70දී කළා වගේ මහපක්ෂ 2-3 දේශපාලකයන් මාරුවෙන් මාරුවට බලයට ගෙනඑමින් ඉදිරියටත් ඔවුන් පසුපස ගියොත් තව අවුරුදු 10-15කින් අපේ රට සෝමාලියාවේ තත්වයට වැටෙනු ඇත.

:       0       25

mara Sunday, 23 June 2019 03:25 PM

මානසික රෝගීන් පිස්සන්කොටුවට යැවිය යුතුයි. රාජාද්‍රෝහී වැඩක්. කරපු තරමක් කරේ ව්‍යවස්ථා උල්ලංගනය කිරීමයි. අධ්‍යාපනයේ අඩුපාඩුව මැනවින් පෙන්නුවා. 80%ම දේශපාලකයන් මේ වගේම නූගතුන්ය. සාමාන්‍ය පෙළ අසමත්ය.

:       0       19

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

එදා - මෙදා දේශපාලන විවාද
2024 අප්‍රේල් මස 20 10 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මේ වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර ආර්ථික වශයෙන් රට ගොඩ නැඟීම පිළිබඳව විවාදයකට එන්නැයි සමඟි ජන බලවේගයේ හා ජාතික


අපේ රට ජාත්‍යන්තරයට ගෙනගිය ලාංකීය පුත්‍රයෙක්
2024 අප්‍රේල් මස 20 15 0

මෙරටින් බිහි වූ විශිෂ්ට ලංකා පුත්‍රයෙක් මිහිමවට සමුදී අද නොඑන ගමන් යන්නේය. ඒ මෙරට විශාලතම රාජ්‍ය නොවන සංවිධානය බිහිකර ශ්‍රී ලාංකීය සමාජය සංවර්ධනය උදෙ


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 157 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 303 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 361 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 95 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site