IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොන්ත්‍රාත්කරුවන්ගේ හඬට විසඳුම් නැද්ද

‘‘කොන්ත්‍රාත්කරුවෝ හාන්සියි, ආණ්ඩුවෙන් කෝටි 700ක පොල්ලක්’’

ඒ පෙබරවාරි 01 වැනිදා අප පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතක සිරස්තලයකි. ඉන් කියැවුණේ රජයේ ඉදිකිරීම් වෙනුවෙන් ආණ්ඩුව විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවනු ලැබිය යුතු රුපියල් කෝටි 700කට අධික මුදලක් නොගෙවීම නිසා කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන් දහස් ගණනක් දැඩි අසීරුතාවයට මුහුණ දී සිටින පුවතකි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති අතුල ප්‍රියන්ත ගලගොඩ මහතා හෙළි කළ කරුණු මත පදනම්ව ඒ පුවත ලියැවී තිබිණි. ගලගොඩ මහතා කියන ආකාරයට ඒ සංගමයේ සාමාජිකයන් අතරින් අති විශාල බහුතරය කුඩා පරිමාණ කොන්ත්‍රාත්කරුවෝය. සංඛ්‍යාත්මකව ඒ ගණන 2500කට වැඩිය. මධ්‍ය පරිමාණ සාමාජිකයන් පිරිස 150ක් පමණ වන අතර, මහා පරිමාණ සාමාජිකයන් ගණන 35කි. අප මේ ඉලක්කම් සඳහන් කළේ ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු සමාගම් පිළිබඳ යථාවබෝධයක් ලබාදෙනු පිණිසය. ඉදිකිරීම් කර්මාන්තය පවතින්නේ කෙබඳු සමාගම් මත ද යන්න මේ ඉලක්කම්වලින් අනාවරණය කර ගත හැකිය.

මහා, මධ්‍ය හා කුඩා යන සියලුම ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් බරපතළ අර්බුදයකට මුහුණ පා සිටින බව ඒ සියල්ලෝම නිතර නිතර කියා සිටිති. ආණ්ඩුවෙන් මුදල් ගැනීමට යාමේදී දේශපාලකයන්ගේ හා රජයේ නිලධාරීන්ගේ හිරිහැරවලට ගොදුරු වෙතැයි බියෙන් ඇතැම් කොන්ත්‍රාත්කරුවෝ තමන් මුහුණ දී සිටින ප්‍රශ්‍්න ප්‍රසිද්ධියේ හෙළි නොකළ ද අප්‍රසිද්ධියේ හෙළිකරති. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ හෙළි කළේ ආණ්ඩුව කුඩා හා මධ්‍ය පරිමාණ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන්නට ඇති මුදල රුපියල් කෝටි 700කට අධික බවය. 2018 ජූලි මාසයේ සිට මෙතෙක් ඒ කොන්ත්‍රාත්කරුවන් 2650කට අධික පිරිසට ආණ්ඩුව සත පහක්වත් ගෙවා නැති බව ද සභාපතිවරයා කියයි. ඒ තොරතුරු දැන ගන්නා පුරවැසියන්ගේ හදවත්වල නිරායාසයෙන් පැන නගින ප්‍රශ්‍්නය වන්නේ ඉදිකිරීම් කර්මාන්තය මේ අයුරින් පවතින්නේ කෙසේ ද යන්නය.

ඉදිකිරීම් සඳහා ගල්, වැලි, සිමෙන්ති, යකඩ, ඇලුමිනියම්, තීන්ත සහ ටයිල් පමණක් නොව, විදුලි හා නාන කාමර උපාංග ද අත්‍යවශ්‍යය. කොන්ත්‍රාත්කරුවන් පමණක් නොව නූතන ලංකාවේ බොහෝ පුරවැසියන්ද ඒවා ලබාගන්නේ ණයටය. මාස හතක් තිස්සේ කොන්ත්‍රාත්කරුවන්ට සත පහක් ලැබී නැතැයි කීමෙන් අනාවරණය වන්නේ ඉහත කී ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නන්ද මේ වන විට උග්‍ර අර්බුදයකට මුහුණ දී සිටින බවය. කොන්ත්‍රාත්කරුවන් සේවකයන්ට වැටුප් හා අනිවාර්ය දීමනා දිය යුතුමය. එදිනෙදා නඩත්තු කළයුතුමය. ගොඩනැගිලි ද්‍රව්‍ය සපයන්නෝද එසේම කළ යුතුය. ඒ ද්‍රව්‍ය තමන්ට සපයන පුද්ගලයන්ට හා ආයතනවලට ඔවුන් මුදල් ගෙවිය යුතුය. එහෙත් ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන්ට නිසි වෙලාවට මුදල් නොගෙවීම නිසා වැටුප්, එදිනෙදා නඩත්තු සේම ණය වාරික හා ණය පොලිය ගෙවා ගැනීමට නොහැකිව ඒ සියල්ලන්ම අද ඇදවැටී සිටින්නේ බරපතළ අර්බුදයකටය.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියන හැටියට අද ඔවුනට ණය ගැනීමට කිසිම තැනක් නැත. එසේම කිසිවකු ණය දෙන්නේ ද නැත. ඊට ​ෙහ්තුව ගත් ණය නොගෙවීමය. ආණ්ඩුව කොන්ත්‍රාත්කරුවන්ට පොලු තැබීමේ අර්බුදය අප්‍රේල් මාසය දක්වා ඇදීගියහොත් මෙය අර්බුදයක් නොව ව්‍යසනයක් වනු නිසැකය. අප්‍රේල් මාසයේ එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්ද වන විටත් මේ ප්‍රශ්න නොවිසඳී තිබුණොත් මෙය බරපතළ විය හැකි බවට ගලගොඩ මහතා අනතුරු අඟවන්නේ ඇතැම් කොන්ත්‍රාත්කරුවන් දැනටත් සියදිවි නසා ගන්නා තැනට පැමිණ සිටින බව පෙන්වා දෙමිනි.

ආණ්ඩුව තමන්ට ලැබිය යුතු මුදල් නොගෙවීම නිසා දැන් තමන්ට කිසිවකු ණය නොදෙන බව කියන ඒ මහතා, ණය ගැනීම සඳහා උගසට තැබූ තම ඉඩම්, නිවාස හා වාහන බැංකුවලට සින්නවීමේ අත්‍යාසන්න අනතුරක් උදා වී ඇති බව ද කියයි. ණය නොගෙවීම නිසා ඇතැම් බැංකු හා මූල්‍ය සමාගම් කොන්ත්‍රාත්කරුවන් 1000කට ආසන්න පිරිසක් අසාධු ලේඛනගත කර තිබෙන බවට ගලගොඩ මහතා කරන හෙළිදරව්වෙන් අනාවරණය වන්නේ ඒ කොන්ත්‍රාත්කරුවන් කිසිවකුට මින් ඉදිරියට කිසිම බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් ණය නොදෙන බවය. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කිරීමට ගොස් තම ඉඩම්, ගෙවල් හා වාහන බැංකුවලට සින්න වී තම නම් කළු ලැයිස්තුවලට වැටුණු කල මේ මිනිස්සු මොනවා නොකරන්නෝද? ගලගොඩ මහතා කියන්නේ ඇති විය හැකි ඒ සමාජ ප්‍රශ්නය ගැන ඇමැතිවරුන්ට හෝ රජයේ ඉහළ නිලධාරීන්ට වගක් නැති බවය. රජයේ ඇතැම් ඉහළ නිලධාරීන්ගේ නාඩි වැටෙන්නේ් නැති බව ගලගොඩ මහතා කියන්නේ ඉවසා බැරිම තැන නොවේද?

කොන්ත්‍රාත්කරුවන්ට මෙවැනි ව්‍යසනයක් උදාකළේ ආණ්ඩුවම බව ඒ කොන්ත්‍රාත්කරුවන්ගේ ස්ථාවරයයි. ඔවුන් එසේ කියන්නේ ආණ්ඩුවට මුදල් නැතිව තිබියදී කොන්ත්‍රාත් පිරිනමා තමන් අමාරුවේ දමා ඇති හෙයිනි. රජයේ ​කොන්ත්‍රාත් පිරිනැමීමේ පිළිගත් ක්‍රමවේදය වන්නේ මුදල් තිබෙන හැටියට වරින් වර කොන්ත්‍රාත් පිරිනැමීමය. එහෙත් මේ කළමනාකරණ විශාරදයන් අතේ සතේ නැතිව රුපියල් මිලියන 10,000ක ව්‍යාපෘති එකවර පිරිනමා තිබේ. මේ අර්බුදයට හේතුව එය බව කියන්නෝ අප නොව කොන්ත්‍රාත්කරුවෝය. මෙවැනි අර්බුද ඇති නොවනු පිණිස මීට කලකට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුදල (Construction Seetors Development Fund) නමින් ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ට ණය දෙන ක්‍රමයක් ක්‍රියාත්මක විය. ඒ අරමුදලෙන් ණය දුන්නේ සියයට නවයේ (9%) පොලියටය.

ණය ගන්නා කොන්ත්‍රාත්කරුවන් ඒ ණය ගෙවන විට යළි යළිත් ණය දීමේ හා ගැනීමේ හැකියාව ඒ අරමුදලට තිබිණි. එහෙත් කළමනාකරණ විශාරදයෝ ඒ අරමුදල ද අකා මකා දැමූහ. එහි විපාක විඳීමට සිදුවී තිබෙන්නේ කොන්ත්‍රාත්කරුවන්ටය.
අද ඔවුන් ණය ගන්නේ සියයට විසි අටේ (28%) පොලියටය. ගිනි පොලියට ගත් ඒ ණය වාරික හා ණය පොලිය ගෙවීමට යළි යළිත් තව තවත් ණය ගැනීමට කොන්ත්‍රාත්කරුවන්ට සිදුවී තිබේ. එය පැහැදිලිවම ණය උගුලකි. එහි නිර්මාතෘවරු කළමනාකරණ විශාරදයෝ නොවෙත් ද? ආණ්ඩු කරන්නෝ නොවෙත්ද? කොන්ත්‍රාත්කරුවන් අමාරුවේ දමන්නෝ ද ඔවුහුමය.

 



අදහස් (5)

කොන්ත්‍රාත්කරුවන්ගේ හඬට විසඳුම් නැද්ද

sara Monday, 11 February 2019 05:45 AM

රටේම කොන්තරාත්තු චීනෙට යවන්නනේ අපේ දියවන්නා හල කිඹුලන් උත්සාහ කරන්නේ... කොන්ත්‍රාත්කරුවන් 7%-8% සුළු ලාභයක් තියලා කොන්තරාත්තු ගත්තහම, කල්යන ප්‍රොජෙක්ට් වලින් ලැබෙන සොච්චමක් නැහැ. අන්තිමේට කොන්ත්‍රාත්තුකරුවන්ගේ මහන්සියෙන් ප්‍රයෝජන ගන්න අහක ඉන්න බැංකු... ආණ්ඩුවේ සල්ලි පරක්කුයි කියලා එයාලා පොලි අඩු කරන්නේ වත් නැති කරන්නේවත් නැහැ. මේක දරුවෝ නැති, පවුලක් නැති, කොටින්ම ගෙදර කන්න කටවල් නැති ඇමතිලා ඉන්න ආණ්ඩුවකට තේරෙන්නේ නැහැ...

:       0       21

raviTuesday, 12 February 2019 05:15 AM

අපේ රටේ තාම ... ගෙයක් දොරක් .. ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදාගන්න කාර්මික දැනීමක් තියන බාස්ල ..ඉංජිනේරුවෝ .. බිහිවෙලා නැහැ...... ඉන්න තරමක් , ඉන්නේ හොරු .. ගොඩනැගිල්ල නිමකිරීමට තියන ගල්ටිකයි වැලිටිකයි යකඩ කූරුටිකයි .. විකුණගෙන කාලා ගොඩනැගිල්ල වෙනුවට මොකක්හරි අට්ටාලයක් තමයි හදන්නේ ... ඉතින් ඒ.. හින්ද තමයි අපිට ශක්තිමත් ගොඩනැගිල්ලක් හදාගන්න චීනයට , කොරියාවට , ඉන්දියාවට .. කොන්ත්‍රාත්එක දෙන්න වෙලා තියෙන්නේ .. කියන්න කණගාටුයි එත් මේක තමයි සත්‍යතාවය .

:       45       31

samWednesday, 13 February 2019 08:32 AM

දන්නේ නැති ඒවා කියන්නේ නැතිව ඉන්න රවී. දැන් ලංකාවේ හදපු උස ගොඩනැගිලි කීයක් කඩා වැටිලා තියෙනවද. ?? ගණන් කරලා තියෙනවද..අමාරුවෙන් ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙලේ පෞද්ගලික සමාගම් සියල්ල බහුතරයක් වෙන රටවලට නොදෙවෙනි වෙන්න වැඩ කරනවා.දැන් වසර ගණනාවක් තිස්සේ ගොඩනගා ගත්තු ප්‍රමිති පාලනය හොඳ හැටි. හැම එකකම ඇදක් හොයන ඔයාල වගේ අය පිටරට ගිහින් බලල එන්න.කොහොමද ප්‍රමිතිය සහ ඒ වෙනුවට වැය කරන වියදම් .

:       0       5

de silva berlin Tuesday, 12 February 2019 10:48 AM

හැමදාම කොන්ත්‍රාත් කාරයන්ගේ ගෙවීම් රජය නිලධාරීන් නිසිවේලාවට කරන්නේ නැහැ , කොන්ත්‍රාත් කාරයන්ට ඇමතිලගෙන් පටන්ගත්තම ඉංජිනේරුවන් , තාක්ෂණ නිලධාරීන් සිට කාර්යාල කාර්ය සහයක දක්වා කොමිස් මුදල් පගාව දෙන්න වෙලා තිබෙනවා ගෙවීම් ලබාගන්න , ඉතින් කොහොමද ඔවුන්ට කියල ප්‍රමිතියක් ඇති ගොඩනැගිලි හදව ගන්නේ ?

:       0       22

සංජීව Thursday, 14 February 2019 05:07 AM

මමත් ඔය වලේ වැටිලා සල්ලි ගන්න බැරිව සැහෙන කරදර වින්ද බැරිම තැන අතැරලා දාල වෙන රටකට ඇවිත් රැකියාවක් කරලා දරු පවුල රැකගෙන ඉන්නව. නැවත ලංකාවට ආවත් ඒ ගැන හිතන්න අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 281 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 86 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 290 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 880 5

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්දේ සැබෑ අරුත හඳුනාගෙන කටයුතු කරමු
2024 අප්‍රේල් මස 11 197 1

සිංහල–දෙමළ අලුත් අවුරුදු මහා සංස්කෘතික මංගල්‍යයට දින දෙකකි. සාමය, සමගිය, සතුට හා සෞභාග්‍යය කැටිව එන වසන්තය පිළිගැනීමට ගම් නියම්ගම් නගර ජනපද වෙනසකින් ත


පාතාලයට අවි සපයන්නන් අල්ලා දඬුවම් දිය නොහැකිද?
2024 අප්‍රේල් මස 10 357 1

පාතාලයන්ට මෙතරම් අවි කොහෙන් ද? මේ ඉකුත් සමයේ නිතර නිතර කතා බහට ලක්වූ මාතෘකාවකි. අන්ධයා අලියාගේ ස්වරූපය කියා පෑ හැටි සිහිපත් කෙරෙන උත්තර ඒවාට ලැබුණා මිස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site