(හෝමාගම ප්‍රියන්ත ජයලත්)
බස්නැවතුම්පළේ සිටි කාන්තාවකට රහසඟ පෙන්නූ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරකඩ රණාල පාරේ පදිංචි වෙළඳ ව්‍යාපාරිකයකු බව පොලිසිය කියයි. එම පුද්ගලයා අතුරුගිරියේ සිට ගොඩගම දෙසට ලොරියකින් ගමන් කර සිට ඇති අතර අතුරුගිරිය ගොඩගම මාර්ගයේ අතුරුගිරිය පොලිස් ස්ථානයට ආසන්නව ගොඩගම දෙසට ගමන් කරන බස් රථ නැවතුම්පොළක සිටි කාන්තාවක් ආසන්නයේ සැකකරු ලොරිය නවතා බැස එම කාන්තාවට පෙනෙන ආකාරයට මුත්‍රා කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව එම කාන්තාව පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේදී තමන් දියවැඩියා රෝගියකු බවත් එම නිසා මුත්‍රා කිරීම සඳහා ඒ අසල නැවතුණු බවත් සැකකරු පොලිසියට පවසා ඇත.
සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කර ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති සංජීව මහානාම මහතාගේ උපදෙස් මත පැවැත්වේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ලොරියෙන් බැහැලා කතකට අමුතු දෙයක් පෙන්වලා