IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


විජය ඩිජිටල් මීඩියා ‘ඇඩ් ස්ටුඩියෝ’ සමඟ අත්වැල් බැඳ ගනී

(වමේ සිට) ඩිජිටල් එක්ස් අලෙවිකරණ උප සභාපති උමේර් වොලිඩ් , ඩිජිටල් එක්ස් අධ්‍යක්ෂ ජනක රූපසිංහල, විජය ඩිජිටල් මීඩියා විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග සහ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප්‍රධානී ලංකා ප්‍රදීප් යන මහත්වරු ඡායාරූපයේ සිටිති.


 

ඩිජිටල් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන ස්ථානයක පසුවන, විජය පුවත්පත් ආයතනයේ ‘ඩිජිටල් මීඩියා’ අංශය, පසුගිය දා ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගත්තේය. ඒ, ඩිජිටල් තාක්ෂණයෙන් පිරිපුන්, අන්තර් ජාලය කේන්ද්‍රකොටගත් දැන්වීම්කරණයේ නිම් වළලූ පුළුල් කරමිනි.

‘විජය පුවත්පත් ආයතනයේ අප හැමවිටම අලූත් දේවල් ගැන උනන්දුයි. අලූත් තාක්ෂණයට අප සැමවිටම මුල් තැන දෙනවා. විශේෂයෙන්, අපගේ ව්‍යාපාරික කටයුතු ඉදිරියට ගෙන යෑමේදී. ඒ සඳහා නව තාක්ෂණය අලූත් විදියට භාවිත කළ යුතුයි. මෙය අප වටහා ගත් දෙයක්. ඇඞ් ස්ටුඩියෝ වැනි අප රටේ ආයතනයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකිවීම සතුටක්. ඔවුන් අපට අලූත් යෝජනා රැුසක් ඉදිරිපත් කළා. අප ඒ ගැන සෑහීමකට පත් වුණා. ඉදිරියේ දී අපගේ ඩිජිටල් මීඩියා සේවා භාවිත කරන සැමටම, අප දෙගොල්ලන්ගේ මෙම එකමුතුව වාසියක් වනු නිසැකයි. අප ඇඞ් ස්ටුඩියෝ ආයතනයේ පරිගණක කෘති‍්‍රම බුද්ධි වැඩසටහන් සමඟ සම්බන්ධ කර ගැනීමටත් අපේක්ෂා කරනවා’ යැයි ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ ඇති කරගත් නව එකමුතුව සම්බන්ධයෙන් අදහස් දක්වන විජය ඩිජිටල් මීඩියා හි විධායක අධ්‍යක්ෂ උදේෂ් ගුණතුංග මහතා පැහැදිලි කර තිබේ.

‘ලංකාදීප’, ‘ඬේලිමිරර්’, ‘ඬේලිඑෆ්ටී’ සහ ‘ලයිෆ් ඔන්ලයින්’ වැනි අතිශය ජනපි‍්‍රය ජනතා ප‍්‍රසාදයට පත් වෙබ් අඩවි රැුසක හිමිකරු වන්නේ විජය පුවත්පත් ආයතනයේ ‘විජය ඩිජිටල් මීඩියා’ ජාලයයි.

‘ඇඞ්ටෙක්’ සහ ‘මාර්ටෙක්’ වැනි නිෂ්පාදන හඳුන්වා දීමත් සමඟ ලෝකයේ දැන්වීම්කරණයේ පෙරැුළියක් සිදුවුණු බවත්, ඇඞ් ස්ටුඩියෝ ආයතනය පෙන්වා දෙයි. නවතම ‘ඇඞ්ටෙක්’ නිෂ්පාදන ශ්‍රී ලාංකික වෙළෙඳපොළට හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ඇඞ් ස්ටුඩියෝ ආයතනයයි. තම සමාගම, ‘විජය ඩිජිටල් මීඩියා’ සමඟ අත්වැල් බැඳ ගැනීම හරහා ශ්‍රී ලංකාවේ දැන්වීම්කරණ ක්ෂේත‍්‍රයේ නව පෙරළියක් ඇති කරාවි යැයි තමන් විශ්වාස කරන බව ‘ඩිජිටප් එක්ස්’ අධ්‍යක්ෂ ජනක රූපසිංහ පෙන්වා දෙයි.

‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනයේ අලෙවිකරණ උප සභාපති ලෙස කටයුතු කරන්නේ උමෙයා වොලිද් මහතා පෙන්වා දී ඇත්තේ ද ‘විජය ඩිජිටල් මීඩියා’ සමඟ අත්වැල් බැඳ ගැනීම, ඔවුන්ගේ නිෂ්පාදන සාර්ථක අයුරින් ඉදිරියට ගෙන යෑමට ශක්තියක් බවය. වෙනත් රටවල දැන්වීම්කරණයේ දී, මෙම නව තාක්ෂණය බොහෝ සෙයින් භාවිතයට ගන්නා බවත්, අපේ වෙළෙඳ ක්ෂේත‍්‍රයට මෙය කැපී පෙනන අසමසම අත්දැකීමක් වනු ඇති බවත් වොලිද් මහතා පවසා ඇත.

‘නව තාක්ෂණය භාවිතයට ගැනීමෙන්, දැනට අප සිදු කරන කටයුතු නව මානයකට යොමු කිරීමට හැකිවෙනවා. විජය ඩිජිටල් මීඩියා සැමවිටම නව තාක්ෂණය ගැන උනන්දුවක් දක්වනවා. නව තාක්ෂණය භාවිත කරමින්, ඉදිරියට යෑමයි අපේ අරමුණ. ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමෙන් අපට ඩිජිටල් මීඩියා දැන්වීම්කරණයේ දී පියවර ගණනක් ඉදිරියට යෑමට හැකිවේවි. එය අපේ හවුල්කරුවන්ටත්, පාර්බෝගිකයන්ටත් පහසුවක් වේවි. ඒ සමඟ නව අවස්ථා රැුසක් අපට උදාවේවි. ඒ වගේමයි මා ආඩම්බර වෙනවා මෙම සේවය අපේ යැයි කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ආයතනයකින් ලබා ගැනීමට අපට හැකිවීම ගැන.’ යැයි ‘ඇඞ් ස්ටුඩියෝ’ ආයතනය සම්බන්ධයෙන් විජය පුවත්පත් ආයතනයේ ඩිජිටල් මීඩියා මෙහෙයුම් ප‍්‍රධානී ලංකා ප‍්‍රදීප් මහතා අදහස් දක්වා තිබේ.



අදහස් (0)

විජය ඩිජිටල් මීඩියා ‘ඇඩ් ස්ටුඩියෝ’ සමඟ අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 269 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1618 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1506 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 917 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 508 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1618 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1506 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site