ඡායාරූපයේ වමේ සිට දකුණට ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ තරසර අංශයේ විශේෂඥ ජෙයරාජසිංහම් අයිංගරාජ්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි තරසර අංශයේ ප්‍රධානී චරිත රත්වත්තේ, පානදුර මූලික රෝහලේ වෛද්‍ය ලසිත් එදිරිසූරිය, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍යවරියගේ පෞද්ගලික ලේකම් කාංචන ජයරත්න සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස්.
මෑත ඉතිහාසයේ අසීරු අවස්ථාවකට අප සැම මුහුණදෙමින් සිටින තත්වයක් තුළ Covid -19 වෛරසයට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන යන සටනට සහායවෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම දිවයිනේ රෝහල් 20 කට කඩිනමින් අවශ්‍ය කර තිබෙන ඔැකැ ඵැාසජසබැ උපකරණ සහ විසඳුම් සැපයීමට පියවර ගෙන ඇත. උසත්ස රවුටර, ජංගම දුරකතන, ස්ථාවර දුරකතන සහ වෛරසය ආසාදනයවීම අවම කිරීමට උපකාරී වන දුරස්ථව රෝගීන් අධීක්ෂණය කළ හැකි විශේෂ කැමරා පද්ධතියක් පරිත්‍යාග කෙරුණු උපකරණ අතරට අයත් වේ.
COVID-19 වෛරසය ආසාදනයවීම අවම කරමින් එය තවදුරටත් ව්‍යාප්තවීම මර්ධනය කිරීම සඳහා රජය විසින් අනිවාර්ය කර ක්‍රියාවට නංවා ඇති ආරක්ෂක පියවර අනුගමනය කිරීම සඳහා රෝහල් කාර්ය මණ්ඩල වෙත සහායවීමට මෙම සම්බන්ධන විසදුම් පරිත්‍යාග කෙරිණි. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කෙරෙන රෝහල්වල කාර්ය මණ්ඩලය එම වෛරසයට නිරාවරණයවීම වැළැක්වීම වෙනුවෙන්ද ඉහත පරිත්‍යාගය සිදු කරන ලදී. මෙලෙස පරිත්‍යාග කරන ලද කැමරා පද්ධති සහ WiFi රවුටරවල ආධාරයෙන් වෛද්‍යවරුන්ට ඉතා පහසුවෙන් හුදෙකලා කරන ලද රෝගීන් අධීක්ෂණය කිරීමේ හැකියාව ලැබේ. මීට අමතරව හදිසි අවස්ථාවල සිදුකරන මෙහෙයුම් සඳහා පහසුකම් සැලසීමට හැකියාව ලැබෙන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග අංශය වෙත ස්ථාවර දුරකතනද ලබාදෙන ලදී. තවද COVID-19 වෛරසය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර, විස්තරාත්මක කරුණු සහ නවතම තොරතුරු වෛද්‍යවරුන්ට යොමුකළ හැකි ීඵී සේවාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හඳුන්වාදීමද සිදුවිය. වසංගතය ප්‍රජාව අතර ව්‍යාප්තවීම වළක්වාගැනීම සඳහා සිදුකරන ක්‍රියා සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමටද මෙම සේවාවට හැකියාව පවතී.
මෙම පරිත්‍යාගය ඩයලොග් ආසිආටා පීඑල්සී හි තවත් මූලාරම්භයක් වන අතර, COVID-19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටන හා සමාගම එක්වීමේ පියවරක් වශයෙන්ද සැලකිය හැකිය. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධවිය හැකි බවට සහතිකවීම සඳහා දරන උත්සාහයේ කොටසක් ලෙස මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවටe-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care iy e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද පියවර ගෙන ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්
2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩයලොග් රෝහල් 20 කට වීඩියෝ තාක්ෂණයෙන් යුත් Tele Medicine උපකරණ පරිත්‍යාග කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය බල
maheshika Tuesday, 14 April 2020 09:05 AM
ඔය පරිත්‍යාගය කරන්න ඔය හැමෝම එක තැනකට රස කරන්නම ඕනෙද ?කාමරේ ඉදිරිපිට මෙහෙම රඟ දක්වන කාලයක් නොවෙයි මේ .මීටර් 2 ක දුර තියාගන්න