IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කොවිඩ් 19 අර්බුදය සහ 2020 දේශපාලනය - ලක් මවගේ අනාගතය කෙබඳු වේද?

ගෙවී යමින් ඇත්තේ අපගේ දෛනික ජීවිත නාට්‍යමය  ලෙස වෙනස් කරනු ලැබ ඇති පෙර නොවූ විරූ යුගයකි. මෙම අවිනිශ්චිතතාව අප කැළඹීමට ලක් කළද, කොවිඩ් 19 මුළු මහත් ලොවම අකර්මණ්‍ය කර මානව සංහතියටම ප්‍රබල පණිවුඩයක් ලබා දී ඇති බව නොරහසකි. එසේ වුවද, මෙම අදෘශ්‍යමාන වෛරසය අපට ඉගැන්වූ පාඩම් ඉගෙනීමට බොහෝ දෙනා සූදානම් නොමැති වීම අවාසනාවකි. සීමා සහිත රටවල් ප්‍රමාණයක් ඉතා ඉක්මණින් සුදුසු ක්‍රියාමාර්ග ගත්තේ වුවද, තම තත්වයන් සඳහා නිශ්චිත වූ සැලසුමක් රහිතව ඉදිරි පෙළ රටවල් අනුගමනය කිරීම හැර වෙනත් යමක් කිරීමට බොහෝ රටවලට හැකියාවක් නොතිබිණි. එමෙන්ම කොවිඩ් 19 අර්බුදයට මුවා වී තම තමන්ගේ න්‍යායපත්‍රයන් ගෙන යන  නායකයන් සහිත රටවල් කිහිපයක්ද අපට දැකගත හැකිය. මේ අතුරින් ශ්‍රී ලංකාව අයත් වන්නේ කොතැනටද? අවාසනාවන්ත ලෙස අප අයත් වන්නේ වර්තමාන අර්බුදය හමුවේ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන  නායකයන් සහිත තුන් වන  කාණ්ඩයටයි.


ශ්‍රී ලංකාව, විශේෂයෙන් රට තුළට ඇතුළු වීමට සීමා සහිත ප්‍රවේශයන් සහිත බැවින්, වඩා සාර්ථක ලෙස මෙවන් තත්වයන් කළමනාකරණය කරගැනීමට පහසු වන  ආකාරයේ කුඩා දූපතක් වීම නිසා අපි වාසනාවන්ත වෙමු. ගුවනින් අප රට තුළට ඇතුළු විය හැක්කේ එක් ස්ථානයකින් පමණකි. එය  වෛරසය සහිත මිනිසුන් රට තුලට ඇතුළු වීමේ හැකියාව සහිත බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. එබැවින්, අප නුවණැතිව සහ ක්ෂණිකව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නම් රට තුළට මෙම මාරාන්තික වෛරසය ඇතුළු වීම සම්පූර්ණයෙන් වලක්වා ගැනීමට උපරිම හැකියාව තිබිණි. කෙසේවතුදු, අපගේ නායකයන්ගේ සිතේ රැජැයූවේ වෙනත් අරමුණකි; පාර්ලිමේන්තුවේ නිල කාලය අවසාන වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හැකි තරම් ඉක්මණින් මැතිවරණ පැවැත්වීමයි. 


මෙම තීරණාත්මක අවස්ථාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් තොරව එය ව්‍යවස්ථානුකූලව අවසන් වන 2020 අගෝස්තු මස වන තෙක් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩ සලසන  මෙන් වෘත්තිකයන් ගණනාවක්, පාලක පක්ෂය සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම වෙනත් සිවිල් සමාජ සංවිධාන සහ විවිධ විශේෂඥයින් පවතින රජයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම, මතුවෙමින් පැවති කොවිඩ් 19 තර්ජනය කළමනාකරණය කරගැනීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමේ අවශ්‍යතාවද ඔවුන් විසින් මතු කරන ලදී. අප සියලු දෙනාම දන්නා පරිදි පාලනය කිරීමට අසීරු මෙවැනි වසංගතයක් සම්බන්ධව කටයුතු කිරීම, සීමිත සම්පත් සහිත අප වැනි දියුණු වෙමින් පවතින රටකට ඉතා අසීරු කටයුත්තකි. හොඳම වෛද්‍යවරුන්, හෙදියන් සහ වෙනත් සෞඛ්‍ය සේවකයන් සිටින්නේ වුවත් හදිසි සත්කාර ඇඳවල් සහ වෛද්‍ය උපකරණ සම්බන්ධයෙන් ගත් විට අසාධ්‍ය රෝගීන් බොහෝ ගණනකට එකවර ප්‍රතිකාර කිරීමේ හැකියාවක් අපට නැත. මෙවැනි තත්වයක් යටතේදී එක් එක් රටවල් මෙන්ම එක් එක් කලාපයන් අනෙක් අය අනුගමනය කරනු වෙනුවට අර්බුදයට මුහුණ දීම සම්බන්ධයෙන් තම හැකියාවන් සලකා බලමින් වෙනස් ආකාරයන්ගෙන් මුහුණ දිය යුත්තේ එබැවිනි. 


කෙසේ වෙතත් මුල සිටම ශ්‍රී ලංකා රජය මෙම උපදෙස් කෙරෙහි බරපතල අවධානයක් යොමු නොකළ අතර නිසි කාලයට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් විදේශයන්හි සිට පැමිණි වෛරසය සහිත පුද්ගලයන්  කිහිප දෙනෙකු ඔවුන්ගේ සමීපතයන් වෙත රෝගය බෝ කර තිබිණි. ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කළ ඉල්ලීමට රජයේ ප්‍රතිචාරය වූයේ “ මෙරටට පැමිණෙන සියලු චීන ජාතිකයින් හොඳින් පාලනය කළ ස්වයං විනයක් සහිත පුද්ගලයන් වන බැවින් ශ්‍රී ලංකාවට වෛරසය පැමිණීමේ අවස්ථාවක් නැත” යන්නයි. එය සැබෑවකි. චීනයේ සිට පැමිණි අය ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතුරුවේ නැත, එහෙත් ඒ වන විට වෛරසය ලොව පුරා පැතිර ගොස් තිබූ අතර රටවල් බොහොමයක ආසාදිතයන් වාර්තා වෙමින් පැවතිණි. වෛරසය පැතිරීම සීමා කිරීම සඳහා කාලීන වශයෙන් ක්ෂණිකව ක්‍රියාමාර්ග ගත යුතු බව සහ රට තුළ මරණීය අර්බුදයක් ඇතිවීම වැලැක්විය යුතු බව වගකිව යුතු රජයක් දැන සිටිය යුතුය. කොවිඩ් 19 අර්බුදයේදී සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන්ට අවශ්‍යම කරන සහය ලබාදී ආරක්ෂක සහ වෛද්‍ය අංශ කාර්යක්ෂමව හැසිරවීම සම්බන්ධව යහ නාමය ලබාගන්නා ආකාරයෙන්ම, දේශපාලනික අවශ්‍යතාවයන් මත, 2020 මාර්තු 20 වනදාට පෙර අගුළු ලෑම ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු නොකිරීම සම්බන්ධවද රජය වගකීම භාරගත යුතුව ඇත. ශ්‍රී ලංකාව තුළ වෛරසය පැතිරීමේ මූලික සාධකය ලෙස මෙය සැලකිය හැකිය. 


‘20 දේශපාලනය එහි ක්‍රීඩාව ආරම්භ කළේ 2020 මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා නිල ගැසට් පත්‍රය නිකුත් කිරීම තුළිනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වෙනුවට මාර්තු 2 වනදා සිට සියලු පැමිණීම් සඳහා ගුවන් තොටුපොළ වසා දැමීම හෝ රට තුලට පැමිණෙන මගීන් දින 14 නිරෝධායනය කිරීමට පියවර ගත්තේ නම්, අද වන විට මෙම රට සාමාන්‍ය පරිදි පැවතෙන්නට හැකිව තිබිණි. වඩාත්ම දුක්ඛදායක කරුණ වන්නේ නිවැරදිම උපදෙස් ලබාදීමට වෛද්‍ය විශේෂඥයින් සිටියදී, මැතිවරණයකින් ජය ලැබීමට සහ තම ආත්මාර්ථකාමී ආශාව සඵල කරගැනීම මිස පුරවැසියන්ගේ යහපැවැත්ම සම්බන්ධව සිතීමට දේශපාලන නායකත්වය අසමත් වීමයි. මෙරට ජනතාව ඔවුන් පත් කරගනු ලැබුවේ අර්ථාන්විත නායකාත්වයක් සපයනු ඇතැයි යන  විශ්වාසයෙනි. එනමුදු, ඔවුන්ට ඇති ප්‍රධාන දැක්ම වන්නේ දේශපාලන බලය ලබාගෙන එය දිගු කාලයක් පවත්වා ගෙන යාම බව පෙනේ.


අවසාන වශයෙන් ශිෂ්‍යයෙකුගේ පියෙකු හට කොවිඩ් 19 වැළඳී ඇති බවට තහවුරු වූ පසු  පාසල් වසා දමා, තෝරාගත් රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායනයට ලක් කිරීම හැර (මෙහිදීද මාර්තු 17 වනතෙක් සියලුම රටවලින් පැමිණෙන අය නිරෝධායනයට ලක් නොකෙරිණි), වෙනත් විකල්පයක් රජයට නොවීය. 


වෛරසය පැතිරීම වැලැක්වීමට මුළු රට පුරා ව්‍යාපාර වසා දැමීම හැර වෙනත් පිළිතුරක් නොමැති වුවද, රජය මැතිවරණය සඳහා සූදානම් වීම අඛණ්ඩව සිදු කළ අතර නාම යෝජනා භාර දීම සඳහා රට පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල විවෘතව තැබීමට වග බලා ගත්තේය.  මෙහිදී, තවමත් පැවැත්වීමට කල් සපුරා නැති මැතිවරණයක් වෙනුවෙන් මුදල් සහ සම්පත් අපතේ හැරීමක් නොකර අපගේ සියලු ශක්තිය සෞඛ්‍ය අර්බුදය වෙත යොමු කිරීම පිණිස  දේශපාලන පක්ෂ, විශේෂඥයින්, සිවිල් සමාජ සංවිධාන නැවතත් මැතිවරණය කල් දැමීමට ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, රට තුළ කොවිඩ් 19 රෝගීන් 28 ක් සිටීම නිසා රට වසා දැමීමක් නොකරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය. දින කිහිපයකට පසු, සෞඛ්‍ය අංශ විශේෂඥයින්ගේ දැඩි උපදෙස් මත එම නායකයාටම රට පුරා ඇඳිරි නීතිය පැනවීමටත්, සියලුම කටයුතු නැවැත්වීමටත් ගුවන්තොටුපොල වසා දැමීමටත් සිදු විය.


වාසනාවකට, නාම යෝජනා භාර දීමෙන් ඉක්බිතිව, දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට 2015 වසරේදී ස්ථාපිත කරන ලද ස්වාධීන මැතිවරණ කොමිසමට  බලය ලැබිණි. මෙම බලය සහිත ස්වාධීන මැතිවරණ කොමිසමක් අප රටේ නොතිබුණේ නම්, පාලකයන් විසින් මුලින් සැලසුම් කළ මැතිවරණය පවත්වමින් මුළු මහත් රටම අවදානමට හෙළනු හැකිව තිබිණි.


රටේ පවතින බරපතල වූ හදිසි සෞඛ්‍ය තත්වය හේතුවෙන් මැතිවරණය කල් දැමීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ලබාගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමත් සමග මැතිවරණ කොමිසම සහ විධායක නායකයා අතර තවත් ගැටුමක් නිර්මාණය වී ඇත. මෙම ගැටළුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අදහස් දැන්වීම මගින්, අප මුහුණ පා සිටින අවිනිශ්චිත යථාර්ථය නිරාවරණය වීම හැර අන් කිසිදු අයහපත් බලපෑමක් නොවන බව සැලකිය යුතුය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තම ලිපිය මගින් දන්වා සිටියේ පවතින තත්වය යටතේ මැයි 28 ට පෙර මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි. ජනාධිපති කාර්යාලය විසින් මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇත්තේ මැතිවරණය ඉතා ඉක්මණින් පැවැත්විය යුතු බවයි. “අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, 2020.05.28 හෝ ඉන් පෙර මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීමට හැකියාවක් නැත” යනුවෙන් ලිපියේ සඳහන් වේ. 


එමෙන්ම “ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට අයිතියක් ඇති බවත් එය ඔවුන්ගේ ස්වෛරී අයිතියක් බවත් මා මෙහිදී අවධාරණය කළ යුතු නැත.” යනුවෙන්ද එහි සඳහන් වේ.  මැතිවරණ කොමිසම සමග සාකච්ඡාවක් පවත්වා රටට යහපත් වන්නේ කුමක්ද යන්න තීරණය කිරීම වෙනුවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සමහර කොටස් උධෘත කර දක්වමින් මැතිවරණයක් පැවැත්වීමේ අහිතකර ආශාව මෙහිදී  පෙන්වා ඇත. ජීවිතයට සහ සෞඛ්‍යයට අයිතියක් ඇති ජනතාව පිළිබඳව මෙම දේශපාලනඥයන් සැබවින්ම තැකීමක් නොකරන බව පැහැදිලිය. මෙම මොහොතේ මිනිසුන්ගේ ප්‍රධානතම අයිතිය වන්නේ තම සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සහ මූලික ජීවන අවශ්‍යතා සපුරා ගැනීම මිස ඡන්දයක් ප්‍රකාශ කර තම සුළැඟිල්ල පාට කරගැනීම නොවේ. එහෙත් ජනතාවගේ ජීවිත සහ යහපැවැත්ම සම්පූර්ණයෙන් මැතිවරණය මත රඳා පවතින බව මිනිසුන්ගේ සිතට කාවැද්දීමට නොයෙකුත් උත්සාහයන් ගන්නා බව පෙනේ.


සමාජ දුරස්ථකරණය පවත්වාගැනීමේ අවශ්‍යතාවය මෙන්ම වෛරසය සම්බන්ධව කටයුතු කිරීමේ මූල්‍යමය අවදානම් යනාදිය සලකා බැලූ විට මැතිවරණයක් පැවැත්වීම තබා ඒ පිළිබඳව සිතීමටවත් මෙය කාලය නොවන බව තේරුම් ගැනීමට නීති උපදේශකයෙකු හෝ දේශපාලන විශේෂඥයෙකු විය යුතු නැත. මැතිවරණයක් පැවැත්වීම සඳහා වැයවන අවම පිරිවැය රු බිලියන 5 කි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ තරගකරුවන් තවත් රු බිලියන 5 කට ආසන්න ප්‍රමාණයක් වැය කරනු ඇත. මේ මොහොතේ අප රටට මෙවන් සුවිශාල වියදමක් දැරිය හැකිද? පළමුව රටේ වසංගත තත්වය පාලනය කළ යුතුය, සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිත බවත් කොවිඩ් 19 රෝගීන් නැවත වාර්තා නොවන බවටත් වග බලා ගත යුතුය, මේ සඳහා තවත් මාස කිහිපයක් ගත වෙනු ඇත. මේ අතර, රටේ ආර්ථික ගැටළුව සහ එය වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට සුවිශාල කාර්යයක් සිදු කළ යුතුව ඇත.  2020 මැද භාගය වන තෙක් වසංගතය පැවතියහොත් ආර්ථික ප්‍රතිසාධන කටයුතු ඇරඹිය හැකි වන්නේ වසරේ අවසන් භාගයේදීය. ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන  ආකාරයට, වසර මුලදී පුරෝකථනය කළ 4.5% ක  දළ ජාතික නිෂ්පාදන වර්ධනය මෙම වසරේදී 2% ට වඩා අඩුවෙනු ඇත. සියලුම අසීරුතා දෙස බැලූ විට ගත හැකි හොඳම පියවර වන්නේ ව්‍යවස්ථානුකූල අර්බුදයක් ඇතිනොවනු පිණිස සහ නීතිමය ආධිපත්‍යය කඩා බිඳ නොවැටීම පිණිස පාර්ලිමේන්තුව නැවත කැඳවීම සහ පවතින සෞඛ්‍ය සහ ආර්ථික අභියෝගයන් කළමනාකරණය කර ඉන් මිදීමට අවශ්‍ය තීරණාත්මක අණ පනත් සම්මත කරගැනීමයි. ව්‍යවස්ථාව කෙරෙහි වන ගරුත්වය සුන් වීම අරාජිකත්වයේ ආරම්භයක් වන බව අවධාරණය කළ යුතුය.
 
කෙසේ වතුදු අපගේ රටේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සෞඛ්‍ය අංශ සහ සියලුම සහය සේවාවන් අපේක්ෂාවන්  අභිබවමින් වෙහෙස නොතකා කටයුතු කරනු දැකිය හැකිය. ලොව පුරා අන් සියලු ජාතීන්ට වඩා ඔවුන් සියලු දෙනා තම කාර්යයන් පරිපූර්ණව සිදු කරනු දැකිය හැකිය. කැපකිරීම්වලින් පිරිපුන් මේ මිනිසුන් නොවන්නට මාරාන්තික වෛරසයට අහිංසක ජීවිත බොහෝ ගණනක් බිලි වන්නට තිබිණි. තම ජීවිත මෙන්ම තම ආදරණීයයන්ගේ ජීවිතද අවදානමකට ලක් කරමින් සතිය පුරා සෑම දිනක්ම නිදි නොලබා ඔවුන් සිදු කරන මෙම මහා කාර්ය භාරය නිසාම පුරවැසියන් වන අපි ඔවුන් සත්‍ය විරුවන් ලෙස දකිමු. ‘20 දේශපාලන ගැටයට හසු නොවෙමින් වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීමට ඔබ සිදු කරන  නිවැරදි දේ  වෙත අපේ ආචාරය ඔබට පුද කරන්නෙමු. එනමුත් දේශපාලකයන් සහ ජනරාල්වරුන් විරුවන් බවට පත්වන, සැබෑ සටන් කරුවන් අමතක කරන  වෙනත්  ඕනෑම යුද්ධයක් පරිද්දෙන් මෙහිදීද දේශපාලකයන් ඔබගේ මහා කාර්යයේ ඵල නෙලාගනු ඇත. කෙසේ වෙතත්, මෙරට පුරවැසියන් ලෙස අප එය සැමදා සිත්හි දරාගනු ඇති අතර ඔබගේ සේවය වෙත අතිශය කෘතවේදී වන්නෙමු. 


වසංගතය පිළිබඳව නොදන්නා බොහෝ කරුණු පවතින මෙම තීරණාත්මක අවස්ථාවේදී නායකයා සහ ඔහුගේ ස හායකයින්ගේ වගකීම වන්නේ ජනතාවගේ සුබ සිද්ධිය සම්බන්ධව අවධානය යොමු කිරීම මිස පුද්ගල වාසි තකා අහිංසක ජීවිත තරාදිය මත තැබීම නොවේ. සත්‍ය බෞද්ධ නායකයෙකු සැම විටම තම සහෝදර පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ඉතාම වැදගත් කොට සැලකිය යුතු නමුත් “සිංහල බෞද්ධ නායකයා” ලෙස දේශපාලන ව්‍යාපාරයේ නියුතු වූ වර්තමාන දේශපාලන නායකයා එසේ කළේ  ඡන්ද ලබාගැනීම පිණිස ජනතාව බෙදා වෙන් කිරීමට පමණක්ද යන  ගැටළුව අපට මතු වී ඇත!


මේ මොහොතේ ආර්ථික  පද්ධතියට අනවශ්‍ය බරක් ඇති කරන මැතිවරණයක් ඉදිරියට ගෙන ඒමෙන් වැලකී ජීවිත ආරක්ෂා කිරීමේ තම වගකීම ඉටු කරන ලෙස මෙරට පුරවැසියන් වෙනුවෙන් අපි පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.   මැතිවරණයක් වෙනුවට, මෙම අර්බුදය අවසන් කරනු පිණිස අපගේ සෞඛ්‍ය සේවකයන්, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය වෙත උපරිම සහය ලබා දෙන ලෙසත්, රෝහල්වල පහසුකම් වැඩි දියුණු කරන  ලෙසත්, දෛනික වැටුප් ලබන්නන්ගේ මූලික අවශ්‍යතා සඳහා සහය ලබාදීම ඉතා වැදගත් වෙනු ඇත. 


සියල්ල යථා තත්වයට පත්වූ පසු මෙම ආර්ථික සහ සමාජමය කම්පනයෙන් සුවපත් වීමට අවශ්‍ය වන උපාය මාර්ගයන් සහ ක්‍රියාවලීන් සැකසීමට මෙම කාලය යොදාගත හැකි වන්නේය. සියලුම පුරවැසියන්ගේ තිරසර ජීවනය කෙරෙහි යොමු වූ රටක් සඳහා තිරසර වර්ධන සැලසුමක් සකස් කිරීමට සහ යෝජනා කිරීමට සියලුම අංශවල සිටින විද්වතුන්ගෙන් සපිරි දේශපාලනික නොවන කමිටුවක් පත් කිරීම වැදගත් වෙනු ඇත. එහිදී අවධානය යොමු කළ යුතු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් මෙසේය;


සියලුම කර්මාන්ත ආශ්‍රිත විශේෂඥයින්, විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, සෞඛ්‍ය අංශ, බුද්ධි අංශ, කුඩා හා මධ්‍ය  පරිමාණ ව්‍යාපාරද ඇතුළත්ව ව්‍යාපාර විශේෂඥයින්, අධ්‍යාපන, සංස්කෘතික, ජන මාධ්‍ය සහ සන්නිවේදන හා සිවිල් සමාජ නියෝජනය වන පරිදි අංශක 360 ක ක්‍රියාත්මක සැලසුමක් සහතික කිරීම පිණිස “කොවිඩ් 19 ප්‍රතිසාධන කමිටුවක්” පත් කිරීම. 

 

  • ලොව පුරා දිනෙන් දින වැඩි වන අපදාවන්, වයස්ගත ජනගහනයේ වැඩිවීම යනාදිය සලකා බලමින් , ඉදිරියේදී රැකියා අවස්ථා උත්පාදනය කරගැනීමේ හැකියාවන් සම්බන්ධවද අවධානය යොමු කරමින් සත්කාර සැපයීම (Care Giving) සඳහා මානව සම්පත් යොදා ගැනීමද ඇතුළත්ව ආපදා අවදානම් අඩු කිරීම සහ එය කළමනාකරණය සම්බන්ධව අඛණ්ඩ අවධානය සහතික කිරීම.
  •  රටේ සාමය සහ තිරසර සංවර්ධනයේ ප්‍රධානතම තැනුම් ඒකකයන් වන සෞඛ්‍යය, පරිසරය, ආර්ථිකය සහ සමාජ ගැටළු [අධ්‍යාපනය සහ සමාජ සංසක්තියද ඇතුළුව] කෙරෙහි අවධානය වැඩි කිරීම.
  • දූෂණය වැලැක්වීමට දැඩි අනුකූලතා යාන්ත්‍රණයක් ඇති කිරීම සහ රටේ සියලුම පුද්ගලයන් සඳහා සමානව නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක කිරීම. 
  • අධිකරණ පද්ධතිය වෙත අනවශ්‍ය බලපෑම් කිරීම නැවැත්වීම සහ අධිකරණ ක්‍රියාවලීන් අනිසි ලෙස යොදා ගැනීම නැවැත්වීම. රටේ පුරවැසියන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවන්ට ජීවත් වීමට සහ ආයෝජනය කිරීමට යහපත් රටක් ලෙස පිළිගැනීමට හැකි වීම සඳහා අත්‍යවශ්‍ය  වන  යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම.
  • විනිමය අනුපාතය සහ ආර්ථිකයේ දීර්ඝ කාලීන තිරසර බවට මග හෙළි කරමින් අපනයනය පදනම් කරගත් කෘෂිකර්මාන්තයක් සහ වෙනත් දේශීය කර්මාන්ත සංවර්ධනය කිරීම .
  • ඇඟළුම් සහ විශ්‍රාන්ති වැනි අංශවල පවතින අතිරික්ත කර්මාන්ත සමග තොරතුරු තාක්ෂණය වැනි කර්මාන්තවල පවතින රැකියා හිඟය තුලනය කරගැනීම සඳහා ශ්‍රම බලකාය ප්‍රති පුහුණු කිරීම (Re-skill ).  
  • වැඩ ක්‍රමවේද නවීකරණය තුළින් මෙන්ම හැකියාව පවතින ක්ෂේත්‍ර සහ කර්මාන්ත සඳහා “නම්‍යශීලී වැඩ පැය”. “කෙටි වැඩ සති” සහ “නිවසේ සිට වැඩ කිරීම” වැනි ක්‍රමවේද යොදාගැනීම තුළින් ඵලදායිතාව වැඩි කිරීම.
  • කාර්‍යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය වැඩි කිරීම පිණිස පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ මහ නගර සභා වැනි මට්ටම්ද ඇතුළුව  පාලනය සම්පූර්ණ වශයෙන් ඩිජිටල්කරණය කිරීම  දේශීය තොරතුරු තාක්ෂණ සහ තාක්ෂණික විසඳුම් ප්‍රවර්ධනය.
  • දේශීය කෘෂිකර්මය සහ ඇඟළුම් කර්මාන්ත යළි නගා සිටුවීම සඳහා නව වෙළෙඳපොළ සහ අගය දාමයන් තුළ පිරිවැය ඵලදායී නූතන නිෂ්පාදන, ඇසුරුම් සහ බෙදා හැරීම් ක්‍රම වේද ප්‍රවර්ධනය කිරීම 

2020 අප්‍රේල් මස 25 වන දින මැතිවරණය පැවැත්වීම පිණිස, කාලය සම්පූර්ණ වීමට පෙර එනම් 2020 මාර්තු 02 වන දින පාර්ලිමේන්තුව විසුරුවන ලද නමුත් පවතින කොවිඩ් 19 අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් එය පැවැත්වීමට හැකියාවක් නොපවතින බැවින්  2020 ජූනි 2 වනදා වන විට පාර්ලිමේන්තුව කැඳවිය යුතුය යන ව්‍යවස්ථාමය අවශ්‍යතාවය සැපිරෙන පරිදි පාර්ලිමේන්තුව නැවත කැඳවිය යුතු වෙයි . ව්‍යවස්ථාව කෙරෙහි වන  ගරුත්වය සුන් වීම අරාජිකත්වයේ ආරම්භයක් වන බව අවධාරණය කළ යුතුය.

එමෙන්ම ආර්ථික ප්‍රතිසාධනය සඳහා උපකාරී වන පරිදි මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකි වන පරිදි පිරිවැය ඵලදායී මැතිවරණ යාන්ත්‍රණයක් සැලසුම් කිරීමට විද්වතුන්ට ඉඩ සලසා දීමද වැදගත් වෙනු ඇත.

කොවිඩ් 19 අර්බුදය හා සම්බන්ධව, රටේ යහපත පිණිස කෙටි කාලීනව, මධ්‍යකාලීනව සහ දීර්ඝ කාලීනව සැලසුම් කරන තම උපාය මාර්ගයන් සහ යාන්ත්‍රණයන් සම්බන්ධව විනිවිද පෙනෙන සුළු ආකාරයෙන් ජනතාව දැනුම්වත් කිරීමද රජයේ වගකීමක් වේ එමෙන්ම, රටේ ආර්ථිකය පවත්වා ගැනීම සඳහා, විදැහූ සහ පොකුරු පදනම මත ඇඳිරි නීතිය ලිහිල් කිරීම මගින් සහ අවශ්‍ය පරිදි සහනාධාර සහ සහන පැකේජ ලබාදීම මගින්, බරපතල අර්බුදයක ඉමට පැමිණ ඇති ආර්ථිකය සවිබල ගැන්විය යුතුව ඇත.

ශ්‍රී ලාංකිකයන් ලෙස, 2020 දේශපාලන නාට්‍යය අවසන් කිරීමට සහ රටේ හා අනාගත පරපුරේ පොදු යහපත සඳහා සාමය සහ තිරසර සංවර්ධනය වෙත යොමුවූ ව්‍යායාමයන් වෙත අපගේ සම්පත් යොදාගනු ලැබීම සපථ කරගැනීමට අපි බලාසිටින්නෙමු.



අදහස් (11)

කොවිඩ් 19 අර්බුදය සහ 2020 දේශපාලනය - ලක් මවගේ අනාගතය කෙබඳු වේද?

උපාලි Thursday, 16 April 2020 03:30 PM

මොකාද මේ පණ්ඩිතයෙක් වෙන්න දඟලන නරුමයා?

:       0       0

Nherath Friday, 17 April 2020 08:20 AM

මේ අදහස් පලකලේ බුද්දිමට්ටම අඩු කෙනෙක් වියහැකි ය.මෙම වසංගතය හමුවේ කලින්ම අගුලු දමා රට තුලට කොරෝනා එන එක නතර කරගත්තේ කිනම් රටක් ද කියන එක මම අහන්නේ.ඒ වගේම මම දේශපාලන වහලෙක් නොවේ.මගේ රටට මේ අවස්තාවේ නිවරදි නායකත්වය ක් ලැබී තියෙනවා.චන්දය දී ජනතාව දෙන තීන්දුව බලන්න මේක ලියපු කෙනාට කියන්නේ

:       0       0

Narada Friday, 17 April 2020 04:49 PM

තවත් පණ්ඩිතයෙකි

:       0       0

උපාසක Friday, 17 April 2020 07:56 PM

මොකාද මේ ?

:       0       0

රොෂාන් සිල්වා Saturday, 18 April 2020 07:12 AM

සමබර ලිපියක් කියල හිතාගෙන වාඩිවුනේ... බලන් ගියාම මේ යකාත් ආණ්ඩුවට ගහන්නම කියල ලියල තියෙන එකක්.... මේ සාමාන්‍යපෙළ රචනාව කියවලා මාගේ වේලාව නාස්ති කිරීම ගැන ඇතිවුන කාළකණ්නි හැඟීම තාමත් තියෙනවා... චැහ්.. මේ වගේ ඔහේ ලියන මුන්ද මේ මාධ්‍යවේදියෝ / ජර්නලිස්ට්ලා කියන්නෙ..

:       0       0

චුට්ටා Saturday, 18 April 2020 02:39 PM

එතකොට කවුද මේ ෆොටෝ එකේ ඉන්න භූතයා....?

:       0       0

චුට්ටා Saturday, 18 April 2020 02:39 PM

එතකොට කවුද මේ ෆොටෝ එකේ ඉන්න භූතයා....?

:       0       0

Udayanath Sunday, 19 April 2020 02:08 AM

විශිෂ්ටයි

:       0       0

W.M.Rathnasingha Monday, 20 April 2020 11:54 AM

කෙලින්ම, අපි කෘෂිකාර්මික විප්ලවය සඳහා සූදානම් විය යුතුයි. වී ආදිය රටේ සෑම තැනම වගා කිරීමට අපි වහාම පියවර ගත යුතුයි. එවිට අප්‍රේල් 2020 වන විට සාමකාමී නව වසරක් උදා වනු ඇත. "ශ්‍රී ලංකාව ඉක්මනින් සුවපත් වේවා"

:       0       0

arun Tuesday, 21 April 2020 08:56 AM

මොකටද මෙයාගෙන් අහන්නේ. මංජුල පීරිස් ගෙන් අහගන්න.

:       0       0

donald Wednesday, 22 April 2020 03:47 AM

ස්තුතියි , හොද වැදගත් ලිපියකි. මොලේ තියන කෙනෙකුට රට පෙරට මිනිස් ජීවිත වල වටිනාකම හදුනා ගනිමු

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 228 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1541 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1434 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 916 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 228 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site