IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආන්දෝලනාත්මක කිරිපිටි ගැටළුව විසඳෙයි - ඇනකර් කිරි ජාතික ප්‍රමිතීනට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති

වෙළෙඳපොලේ ඇති කිරිපිටිවල ශරීරයට අහිතකර සංඝටක අඩංගු බව පවසන කරුණ සම්බන්ධයෙන් මහජනතාව අතර සහ සමාජ මාධ්‍ය හරහා දැඩි කතාබහට ලක්වුණ මාතෘකාවක් ඇතිවුණා.

එමෙන්ම මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව විසින් අත්පත්‍රිකා සහ ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙල කිහිපයක්ද පසුගිය දිනවලදී ක්‍රියාත්මක වුණා.

එමන්ම මේ සම්බන්ධයෙන් ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ විවිධ පාර්ශ්ව විසින් සිදු කරන මෙම ක්‍රියාව දේශපාලන වාසි ලබා ගැනීමටත්, පවතින රජය අපහසුතාවයට පත් කිරීමටත් මේ ආකාරයේ නාටක කාලයෙන් කාලයට ක්‍රියාත්මක කරන බවත් මෙම ක්‍රියාව නිසා තම සංගමයේ වෙළඳ කටයුතු අඩාල වීමට ඍජු බලපෑමක් සිදුවන බවයි.

කෙසේ වෙතත් අදාළ ආන්දෝලනාත්මක කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව වසර 40 කට අධික කාලයක් පුරා පුළුල් පරාසයක පැතිරුණු නිෂ්පාදන පෙළක් සමඟින් ශ්‍රී ලාංකිකයන්ට උසස් තත්ත්වයේ කිරි පෝෂණය සැපයීමට සමත් වූ ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ලංකා සමාගමේ ඇන්කර් කිරිපිටි මෙම පරීක්ෂාවෙන් සමත් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය නිවේදනය කළා.

ඇන්කර් සම්පූර්ණ යොදය සහිත කිරිපිටි, ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට සම්පූර්ණයෙන්ම අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවත වරක් තහවුරු කර ඇති අතර නවසීලන්තයේදී ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිදුකරන ලද පූර්ණ විගණන පරීක්ෂාවකින් අනතුරුව එම ආයතනය මෙම නිගමනයට එළඹුණා.

කිරිපිටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමිතිය ලෙස ක්‍රියාත්මක වන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇන්කර් නිපදවන ෆොන්ටෙරා සමාගම හැකි සෑම පියවරක්ම ගන්නා බව මෙම පරීක්ෂාවෙන් පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම නිගමනය කර තිබෙනවා.

ආනයනය කරනු ලබන නිෂ්පාදන SLS 731 ප්‍රමිතීන්ට අනුකූල වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රසායනාගාරයයේදී සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ හැරුණු විට, කිරිපිටිවලට බාහිර ද්‍රව්‍ය මිශ්‍ර වී නොමැති බව තහවුරු කරගැනීම සඳහා ජාත්‍යන්තර පිළිගැනීම හිමි රසායනාගාරවලදී ඒවා පරීක්ෂාවන්ට ලක්කිරීමටද ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පියවර ගත්තා.

ඉහත සඳහන් විගණනය හා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව, පාම් ඔයිල් වැනි බාහිර ද්‍රව්‍ය කිරිපිටිවලට මිශ්‍ර නොකෙරෙන බවත්, ෆොන්ටෙරා සමාගම මගින් නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවනු ලබන කිරිපිටිවල අඩංගු වන්නේ කිරි මේදය පමණක් බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂණ කණ්ඩායම තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පැවසුවේ ජාතික ප්‍රමිති ආයතනය ලෙස තම මූලික අරමුණ වනුයේ ශ්‍රී ලාංකිකයන් තම ආයතනය සම්බන්ධයෙන් තබා ඇති විශ්වාසය අඛණ්ඩව ආරක්ෂා වන ආකාරයට කටයුතු කිරීම බවයි.

“එම නිසා මේ වසරේදී, ආනයනය කරනු ලබන කිරිපිටි සඳහා වන බලපත්‍ර දීර්ඝ කිරීමට පෙර, නවසීලන්තයේදී සිදුවන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි පරීක්ෂාවකට ලක්කිරීමට අපට අවශ්‍ය වුණා. මෙහිදී ඇන්කර් ඇතුළුව නවසීලන්තයේ නිපදවා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලබන සියලුම කිරිපිටි වර්ග පරීක්ෂාවට ලක්වූවා. මේ පරීක්ෂාව නිසා විශ්වාසයෙන් යුතුව බලපත්‍ර නිකුත් කිරීමට අපට හැකියාව ලැබුණා.”

නවසීලන්තයේ කිරි ගොවිපළවල් වෙතින් කිරි එකතු කරගැනීමේ සිට, සම්පූර්ණ යොදය සහිත කිරිපිටි නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවීම දක්වා සමස්ත ක්‍රියාවලියම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විගණන කණ්ඩායමේ දැඩි පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

“ඇන්කර් කිරිපිටි නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරකදීම නිසි ප්‍රමිති මට්ටම ආරක්ෂා වන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නැවතත් තහවුරු කර තිබෙනවා. මෙය ෆොන්ටෙරා සමාගම නවසීලන්තයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කර ඇති තත්ත්ව පාලන ක්‍රමවේදවල සාර්ථකත්වය නිල වශයෙන් වලංගු කිරීමක්. මේ සියලු පියවර ගෙන ඇත්තේ ශ්‍රී ලාංකිකයන්ට හොඳම ප්‍රමිතියෙන් යුත් කිරි පෝෂණයක් සැපයීමටයි. අපගේ කිරිපිටිවල තත්ත්වය සම්බන්ධයෙන් මතුකර ඇති සැකසංකා මුළුමනින්ම පදනම් විරහිත බවත්, අපගේ සියලුම කිරිපිටි වර්ග පරිභෝජනයට සුදුසු බවත් පාරිභෝගිකයන්ට නැවත වරක් අවධාරණය කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂ සුනිල් සේති මහතා පැවසුවා.

ඇන්කර් කිරිපිටිවලට දැනටමත් ලැබී ඇති SLS සහතිකයට අමතරව, ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම කිරිපිටි කාණ්ඩයකටම අයත් නියැදි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පරීක්ෂණ රසායනාගාර මගින් පරීක්ෂාවට ලක්කෙරේ. එම කිරිපිටි රට තුළට රැගෙන යාමට අවසර ලැබෙනුයේ ඉන් අනතුරුවයි.

නවසීලන්තයේ කිරි ගොවීන් 10,000 කට අධික පිරිසකගේ හිමිකාරීත්වය යටතේ පවතින ෆොන්ටෙරා සමාගම, පරම්පරා ගණනාවක් පුරා විහිදුණු තම අත්දැකීම් සම්භාරය දේශීය කිරි කර්මාන්තයේ දියුණුව සඳහා යෙදවීමටද පියවර ගනු ලබනවා. මේ වනවිට අපගේ නිෂ්පාදන අලෙවිකරුවන්, බෙදාහරින්නන්, නියෝජිතයින් සහ කිරි ගොවීන් ඇතුළුව 100,000 කට ආසන්න පිරිසක් සමඟ එක්ව අපි ශ්‍රී ලංකාව වඩාත් නිරෝගී හා සතුටින් සිටින දේශයක් බවට පත්කිරීමට කැපවී සිටින බවයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.



අදහස් (11)

ආන්දෝලනාත්මක කිරිපිටි ගැටළුව විසඳෙයි - ඇනකර් කිරි ජාතික ප්‍රමිතීනට අනුකූල බවට ශ්‍රී ලංකා ප්‍රමිති

nalin. Friday, 28 February 2020 10:16 AM

නමුත් අපි මේ කිරි පිටි බොන්නේ නැහැ .ඔයාලගේ ප්‍රමිති ගැන අපි විශ්වාස කරන්නේ නැහැ , අපි බොන්නේ පැලවත්හ හෝ හයිලන්ඩ් පමණි.

:       0       0

chinthaka Saturday, 29 February 2020 01:27 AM

කෝ එත් මේ ප්‍රශ්න දෙකටම මෙතන උත්තර දීල නැහැනේ 01. අපිට ඔච්චර ආදරේ නවසීලන්තේ දියර කිරි නිෂ්පාදනය 22,150,000 MT සහ එරට තුලම දියර කිරි පරිභෝජනය 21,940,000 mt වෙද්දී පිටිකිරි නිෂ්පාදනය 1,420,000 mt වෙද්දී එරට තුල පිරිකිරි පරිභෝජනය 24,000 mt තරම් පහල අගයක් ගන්නේ ඇය්? සුද්දා අපිට ආදරේට හදන පිටිකිරි ටික එයාලත් නොබීම අපිට එවනවද? 02. ඔය අපිට ආදරේට එවන පිටිකිරි නිෂ්පාදය ක්‍රියාවලිය එනම් දියර කිරිවලින් මිල්ක් ෆැට් ඉවත් කිරීම (බටර් සදහා)- මිල්ක් ප්‍රෝටීන් ඉවත්කිරීම (වේට් ගේන් සදහා) - ඉවත්කළ ෆැට් සදහා ෆාම් ඔය්ල් එකතුකිරීම (පිටි පැකට්ටුවේම සදහන් කර ඇත) - ඉවත්කළ ප්‍රෝටීන් සදහා ඇමයිනෝ අම්ල වෙනුවට මෙලමයින් එකතුකිරීම (ඇමයනෝ පරමාණු 1 කි, මෙලමයින් පරමාණු 7 කි) - අවසානයේ අධිකව රත් කර පිටිකිරි සෑදීම සහ රත්කෙරිරීම නිසා ෆාම් ඔඉල් වල ඇති "සිස් මේදය" උග්‍ර පිළිකා කාරකයක් වන "ට්‍රාන්ස් මේදය" බවට පත්වීම නොවේ දැයි ප්‍රකාශකර නැත

:       0       0

Sudda Saturday, 29 February 2020 04:42 AM

ගොමාලටත් එස් එල් එස් ගහල ගන්න වෙයි වගේ

:       0       0

sachith Saturday, 29 February 2020 05:58 AM

රුපවාහිනියේ , පත්තර වල දාන වෙළද දැන්වීම් දවසකට වියදම් කරන සල්ලි වලින් මේක කරගන්න ඇති . කොහොමත් දැන් ඉන්නේ සිගරට් පෙට්ටියේ පිලිකා කාරකයි කියල ගහන එක නවත්තප්පු කට්ටියනේ .

:       0       0

Kokila Senevirathna Saturday, 29 February 2020 11:32 AM

නවසීලන්තයේ කිරි පිටි කර්මාන්තය ෆොන්ටෙරා සමාගම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය SLSI නවසීලන්තයේ නැවුම් කිරි ලීටරයක මිල නවසීලන්ත ඩොලර් 2.15 NZ $ .එනම් ශ්‍රී ලංකා රුපියල් 245 නැවුම් දියර කිරි වලින් කිරි පිටි කිලෝ ග්‍රෑම් 1 නිපදවීමට අවශ්‍ය වන දියර කිරි ප්‍රමාණය ලීටර් 8.5 යි. එනම් නවසීලන්තයේ දියර කිරිවලින් පමණක් ඇන්කර් කිරි පිටි කිලෝ ග්‍රෑම් 1ක් නිපදවීමට දියර කිරි වලට පමණක් වියදම් වන මුදල ශ්‍රී ලංකා රුපියල් 2082 .කිරි පිටි නිෂ්පාදන වියදම ,ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට යන වියදම ,වෙළඳ ප්‍රචාරය සඳහා යන වියදම (විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්සහ ප්‍රචාරයේ යෙදෙන මාධ්‍ය ආයතන සඳහා) රාජ්‍ය ආයතන වල නිලධාරීන් සඳහා සදහා අල්ලස් දීමට යන වියදම ආ දිය එකතු කළ විට යන වියදම් සියල්ල අත්හැර ෆොන්ටෙරා සමාගම ඇන්කර් පැකට්ටුවක් ශ්‍රී ලංකාවේ වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 900 ක ට විකුණන බව ඔබ දන්නවාද? නවසීලන්ත කිරි පිටි නිෂ්පාදන සමාගම ඇන්කර් කිරි පිටි කිලෝ ග්‍රෑම් 1ක් නිපදවීමට ඔවුන්ට වැයවන නැවුම් දියර කිරි ලීටර් 8.5 ට යන වියදම වන රුපියල් 2082 ක වියදම සහ කිරිපිටි නිෂ්පාදන වියදම

:       0       0

Roshan Sunday, 01 March 2020 10:53 AM

ඕක පරික්ෂා කරපු ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිලධාරී මණ්ඩලයේ වත්කම් සහ බැංකු ගිණුම් පරික්ෂා කරන්න ඕන

:       0       0

mahinda Sunday, 01 March 2020 11:10 PM

ඔය ප්‍රමිතිය කාලෙකට තියෙනවා කාලෙකට නැතුව යනවා .කොහොම වෙතත් ඕවා බීලා එන ලෙඩ ගැන තියෙන ප්‍රමිතිය කොහොමද? දැන් මුළු රටටම හයිලන්ඩ් , පැලවත්ත දෙනවා කියල කියපු අය දකින්නවත් නැහැ. ඒවත් නැහැ

:       0       0

Neel Perera Monday, 02 March 2020 06:56 AM

මේ ප්‍රමිති සහතිකවල ප්‍රමිතිය සහතික කරන්නෙ කව්ද ? අල්ලස සමඟ නිරන්තර බද්ධ වුනු ආයතනික ව්‍යුහයක් ලංකාවේ තියෙන්නෙ. බොහොම කණගාටුදායකයි. මනුස්සකම කීතු කීතු වලට ඉරිලා මුදලට ඔටුනු පළඳන සමාජයක්.

:       0       0

නෙවිල් Monday, 02 March 2020 08:27 AM

මීට වසර ගණනාවකට පෙර වැලිසර සතොස කිරි ගබඩාවට ගිනි තිබ්බේ කවුද ?

:       0       0

නෙවිල් Monday, 02 March 2020 10:56 AM

සේනාරත්න නෝනා නවසීලන්තෙ රවුමක් යන්නේ කවදාද?

:       0       0

Dasun Tuesday, 03 March 2020 04:13 AM

නවසීලන්තයේ කාලගුණය ගැන ඔබ ආඩම්බරයෙන් කතා කරන්නේ ඇයි .හොඳ සෞඛ්‍ය සම්පන්නද නැද්ද යන්න ගැන අපි තීරණය කර ඇත්තෙමු, එවැනි වැඩකට නැති නවසීලන්ත ජරාව කුඩු

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 220 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1536 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1431 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 916 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site