සිය පාරිභෝගික අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබාදීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් ඩිජිටල් මාධ්‍ය භාවිතය පාරිභෝගිකයින් අතර තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සදහා, MyDialog App හරහා රීලෝඩ් / බිල්පත් ගෙවීම් සිදුකරන මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සුවිශේෂී 100% ක Cash Back වාසියක් ලබාදීමට කටයුතු කර ඇත.
පාරිභෝගිකයන් සිය Dibit/ Credit කාඩ්පත් විස්තර MyDialog App එකේ save කර එය ස්වයංක්‍රිය test ගනුදෙනුවක් මගින් තහවුරු කිරීමෙන් අනතුරුව සිදුකරන පළමු රිලෝඩ්/ බිල්පත් ගෙවීම් වටිනාකමට මෙම සුවිශේෂී 100% ක Cash Back වාසිය ලබාගත හැක. මේ යටතේ පාරිභෝගිකයන්ට 2020 ජූනි 14 තෙක් රු. 1000 ක උපරිමයක් දක්වා මෙම වාසිය හිමිකර ගත හැක. මෙය ලබාගැනීමට ඕනෑම Mobile, DTV හෝ LTE සම්බන්ධතාවයක් වෙනුවෙන් මුදල් ගෙවීමක් හෝ රීලෝඩ් කිරීමක් සිදුකළ හැකි අතර, ගෙවීම / රීලෝඩ් කිරීම සදහා කිසිඳු අවම ගාස්තුවක් නියම කර නැත. MyDialog App හි save වී ඇති පාරිභෝගිකයාගේ Primary අංකයට මෙම වාසිය ලබා දෙන අතර , පෙරගෙවුම් මොබයිල් පාරිභෝගිකයන්ට මෙම Cash Back වාසිය මොබයිල් එකට ලැබෙන අතර පසුගෙවුම් පාරිභෝගිකයන්ට මෙම Cash Back වාසිය, ඊළඟ මාසයේ බිල්පතට බැර කරනු ඇත. පාරිභෝගිකයින්ට MyDialog App එක මගින් ඔවුන් කැමති ඕනෑම Internet කාඩ්පත්, 4G Video Balster / Triple Blaster වැනි විශේෂ පැකේජයන් වලට අදාල මුදල රිලෝඩ් කිරීමෙන් සක්‍රිය කරගත හැකි අතර එවිට ඊට සමාන අගයක් 100% CashBack වාසිය මෙන් පාරිභෝගිකයාගේ මොබයිල් එකට ලැබේ. මෙම සුවිශේෂී 100% CashBack වාසිය COVID -19 හේතුවෙන් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ඉතා ආරක්ෂාකාරීව මෙන්ම ඉතා පහසුවෙන් නිවසේ සිට රිලෝඩ්/ බිල්පත් ගෙවීම් දිරිමත් කිරීම සදහා හඳුන්වාදී ඇත.
මීට අමතරව ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම කාලසීමාව තුළදී දිවයින පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට අඛණ්ඩව සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙන්ම ඇඳිරි නීතිය පවතින කාලසීමාව තුළ මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහායවීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් සියලුම මොබයිල් පාරිභෝගිකයන්ට Anytime ඩේටා GB 1 ක් ,D2D ඇමතුම් සඳහා මිනිත්තු 250 ක් සහ D2D SMS 250 ක් ඇතුළත් දින 7 ක විශේෂ සහන පැකේජයක් ලබාදීමට පියවර ගන්නා ලදී. මෙම 100% CashBack වාසිය ඩයලොග් විසින් Covid -19 හා සම්බන්ධව දැනටමත් හඳුන්වාදී ඇති e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care, සහ e -Work solutions (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) යන සේවාවලට අමතරව පාරිභෝගිකයන්ට සුරක්ෂිතව සිටිමින් නොකඩවා සම්බන්ධතාවය පවත්වා ගැනීමට සහායවීමේ අරමුණින් හදුන්වා දෙන ලදී.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්
2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් මෙවරත්, අනාගතයට වටිනාම සුබ පැතුම එක්කරන සුබ පැතුම් ශිෂ්‍යත්ව 300ක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
MyDialog app හරහා සිදුකරන රීලෝඩ් / බිල්පත් ගෙවීම් සඳහා ඩයලොග් ආසිආටා වෙතින් සුවිශේෂී 100% ක Cash Bac
Sithum Friday, 19 January 2024 12:31 PM
0769498196