IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


HNB ඇෂුවරන්ස් වරප්‍රසාදිත දිවියකට Privileged Life සැලසුම හඳුන්වා දෙයි

දීප්ති ලොකුආරච්චි - කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී HNBA සහ HNBGI, ප්‍රසන්න ප්‍රනාන්දු - ප්‍රධාන මෙහෙයුම් නිලධාරී HNBA සහ  ලසිත විමලරත්න - නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී HNBA

උසස් ජීවන රටාවකට අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් ඇත. රැකවරණය, ශරීර සෞඛ්‍යය, ඉතුරුම් සහ විශ්‍රාමය මින් අත්‍යවශ්‍ය කරුණු කිහිපයකි. මෙම කාරණා ඔබේ ජීවිතයේ පරිපූර්ණ වන විට සැබැවින්ම ඔබේ දිවිය සුවිශේෂී ජීවිතයක් වනු නොඅනුමානය. මේ උදෙසා  HNB  ඇෂුවරන්ස් ඔබේ ජීවන රටාවේ සෑම පියවරකටම සහයක් වන Privileged Life  නව්‍ය විසඳුම හඳුන්වාදී තිබේ.


මේ පිළිබඳව සිය අදහස් දැක්වූ HNB ඇෂුවරන්ස් හි  කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසුවේ "HNBA  විසින් හඳුන්වා දී තිබෙන Privileged Life සැලසුම ඔබේ ජීවිතයේ රැකවරණ, සෞඛ්‍ය, ඉතුරුම් සහ විශ්‍රාම වැනි වැදගත් අවශ්‍යතාවයන්  සඳහා විසඳුම් ලබා දෙන සැලසුමකි. සමාගමක් ලෙස සැමවිටම අපගේ අවධානය යොමු වන්නා වූ ප්‍රධාන කරුණු දෙක වන රැකවරණය සහ අපගේ සේවාලාභීන් හට හොඳම සැලසුම ලබාදීම යන කාරණා මුදුන්පත් කරමින් සැකසුණු මෙම සැලසුම සේවාලාභී අවශ්‍යතාවයන් පිළිබඳ මනා විමර්ශනයකින් සහ අප සතු පුර්ණ අත්දැකීම යොදා ගනිමින්  සකසනු ලැබුණි. සැබැවින්ම මෙය සුවිශේෂී රක්ෂණ සැලසුමකි”.

HNB ඇෂුවරන්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ "Privileged Life යනු අනේකවිධ ප්‍රතිලාභ සහිත රක්ෂණ සැලසුමක් පමණක්ම නොව මෙමගින් ඔබේ ජීවිතය හදිසි අවශ්‍යතාවයන් උදෙසා මුදල් දීමනා ලඟා කර ගත හැකි සැලසුමක් වේ. උවමනා වූ විටෙක රක්ෂණ අරමුදලෙන් කොටස් ආපසු ලබාගැනීමේ පහසුකම සේවා ලාභීන් හට මෙමගින් සැලසේ. මෙහි ඇති තවත් විශේෂ අංගයක් වන්නේ සාමාන්‍ය නිත්‍ය වාරික ගෙවීමට අමතරව සේවාලාභියාට තවත් මුදලක් එකවර අමතර වාරික (Top-Up Premium) ලෙස ආයෝජනය කළ හැකිය. ආයෝජනය කරන සියලු වාරික සඳහා  ආකර්ෂණීය ලාභාංශ අනුපාතයක් ලබාදෙන බැවින් සේවාලාභියාගේ අරමුදලේ වටිනාකම තවත් ශීග්‍රයෙන් වර්ධනය වනු ඇත. එබැවින්  Privileged Life සැබැවින්ම ඔබ සිහින මවන ජීවන රටාව භුක්ති විඳීම යථාර්ථයක් කර දෙන්නා වූ සැලැස්මක් ලෙස හැඳින්විය හැක".

සමාගමේ නියෝජ්‍ය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී වන ලසිත විමලරත්න මහතා සඳහන් කළේ "සුවිශේෂී රක්ෂණ ප්‍රතිලාභ රැසකින් සමන්විත මෙම සැලසුම අප සමාගමේ සැලසුම් කළඹේ තවත් විශිෂ්ට සැලසුමකි. කල් පිරීමෙන් පසුවද Privileged Life  වෙතින් සේවාලාභීන් හට එහි තවත් ප්‍රතිලාභ අත්විඳීමට අවස්ථා සලසයි. එනම් සැලසුම කල්පිරීමේදී එකවර කල්පිරීමේ අරමුදලක් ලෙස ඔබේ මුදල් ඉවතට ගැනීම හෝ ඒ වටිනාකම  විශ්‍රාම වයසේදී ඔබට පැන නැගිය හැකි වෛද්‍ය සහ රෝහල් ගාස්තු පියවා ගැනීමට භාවිතා කරන්නාවූ සෞඛ්‍ය අරමුදලක් ලෙස පරිවර්තනය කර ගැනීමට ද ඔබට මෙයින් අවස්ථාව සැලසේ. එසේත් නැත්නම්, කල්පිරීමේ අරමුදල ඔබට ජිවිත කාලය පුරා විශ්‍රාම ආදායමක් ලෙස මාසිකව සලසා ගැනීමට ද තීරණය කිරීමේ අවස්ථාව ඔබට හිමිවේ. සැලසුමේ ප්‍රධාන ප්‍රතිලාභයන්ට අමතරව, අමතර ජීවිත ප්‍රතිලාභය, හදිසි අනතුරු ප්‍රතිලාභය. රෝග 29ක් ආවරණය කරන්නා වූ බරපතළ රෝග ප්‍රතිලාභය, රෝහල්ගත වීමේ ප්‍රතිලාභය, ශල්‍යකර්ම ප්‍රතිලාභය, වසරකට රුපියල් මිලියන 50 ක් දක්වා ආවරණයක් ලබාගත හැකි Supreme Health රෝහල් ගාස්තු ප්‍රතිපූර්ණ ප්‍රතිලාභය  වැනි අමතර ප්‍රතිලාභ රැසක් සේවාලාභියාට තෝරා ගැනීමට හැකිවනු ඇත. Privileged Life ඔබේ ජීවිත කාලය පුරා පැන නැගිය හැකි නොයෙකුත් මුදල් අවශ්‍යතාවයන් මුහුණ දීම ඔබට අවැසි ලෙස සකසා ගැනීමේ නම්‍යශීලිත්වය ලබාදෙන බැවින් ඔබත් ඔබගේ ආදරණීයන්ටත් ජීවිතයේ අභියෝග ජයගන්නට සවිය උදා කරන කදිම සැලැස්මක් වේ”.

HNB ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 58ක් දැනට රට පුරා පවතී. එය Fitch Ratings Lanka වෙතින් කෙරෙන  "ජාතික රක්ෂණ සමාගම්හි මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වන අතර  S&P SL 20 දර්ශකයේද ඇතුලත් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වාදුන් සමාගම් වෙන්කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ තකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB Assurance PLC හි සම්පූර්ණ හිමිකාරීත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳනාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර  ජාත්‍යන්තර තලයේ වෙළඳනාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මානද එහි වාර්ෂික වාර්ථාවන් සඳහා ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකරණ සංගමය විසින් ලබාදෙන නොයෙකුත් සම්මාන ජයගත් සමාගමක් වේ.



අදහස් (0)

HNB ඇෂුවරන්ස් වරප්‍රසාදිත දිවියකට Privileged Life සැලසුම හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 221 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1536 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1431 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 916 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site