IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.

HNB ඇෂුවරන්ස් PLC සහ එහි පූර්ණ අනුබද්ධිත HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ්, COVID-19 හා සම්බන්ධ ජීවිත රක්ෂණ හා රෝහල්ගත වීම් ආශ්‍රිත හිමිකම් ලබා දීමට තීරණය කර ඇත.  

සමාගම් හි  මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ, "යම් රෝගයක් වසංගතයක් ලෙස වර්ගීකරණය කළ විට රක්ෂණ සමාගම් එයට අදාළ හිමිකම් ලබා දීමට බැඳී නොමැත. කෙසේ වෙතත්, වගකිවයුතු ආයතනික පුරවැසියෙකු ලෙස, මෙම ජාතික අවශ්‍යතාවයේ දී අපගේ ගනුදෙනුකරුවන් සහ අපගේ දේශය වෙනුවෙන් සේවය සැලසීම අපගේ යුතුකමයි. එබැවින්, ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස්, COVID-19 හා සම්බන්ධ සිය ගනුදෙනුකරුවන් විසින් කරන ලද ජීවිත හා වෛද්‍ය හිමිකම් ලබා දෙනු ඇත. එපමණක් ද නොව, දෛනික රෝහල් ආවරණය යටතේ ආවරණය සැලසෙන පුද්ගලයෙකු අප රටේ නිත්‍යානුකුලව සිදු කෙරෙන ව්‍යුහාත්මක නිරෝධායන ක්‍රියාවලියකට (ස්වයං නිරෝධායනය හැර) යටත් වී ඇති නම් එසේ සිටි දින ගණන සඳහා එම ප්‍රතිලාභය යටතේ  දෛනික ගෙවීම් සඳහා සුදුස්සන් ලෙස ද අප නම් කර ඇත. තවද, සාමාන්‍ය රක්ෂණ සමාගමක් වන HNB  ජෙනරල් ඉන්ෂුවරන්ස්, COVID-19 ට අදාළ සියලු ම රෝහල්ගත කිරීම් හිමිකම් ලබා දෙනු ඇත.

සමාගම සියලු ම ශ්‍රී ලාංකික පුරවැසියන් හට තමන්ගේ නිවසින් පිටත හා සෙනග ගැවසෙන ස්ථාන තුළ එදිනෙදා ගමන් බිමන් හැකි තාක් සීමා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටී. ඔබගේ රක්ෂණය ආශ්‍රිත ගනුදෙනු නිවසේ සිටිමින් ම කර ගැනීමට අපගේ ඇමතුම් මධ්‍යස්ථානය, වෙබ් අඩවිය මෙන්ම වෙනත් ඩිජිටල් නාලිකා ද ක්‍රියාත්මක කර තිබේ. එමගින් පහසුවෙන් ඔබේ වාරික ගෙවීම් වැනි සේවා නිවසේ සිටම ඉටු කර ගත හැක.

මේ තීරණාත්මක අවස්ථාවේ දී  නිර්දේශිත සමාජ දුරස්ථභාවය, නිතර අත් සහ මුහුණ සේදීම් වැනි සරල සනීපාරක්ෂා ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, අපේ රටේ මෙම රෝගය පැතිරීම පාලනය කිරීම සඳහා සෑම කෙනෙකුගේ ම දායකත්වය ලබා දෙන මෙන්ද,  යම් හෙයකින් ආසාදිත පුද්ගලයෙකුට නිරාවරණය වුවහොත් ශ්‍රී ලංකා රජය විසින් නියම කරන ලද ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීමට ක්ෂණිකව කටයුතු කිරීමෙන් ද ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස ඔබගේ වගකීම් ඉටු කරනා ලෙස සමාගම ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

HNB  ඇෂුවරන්ස් PLC ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන රක්ෂණ සමාගමක් වන අතර එහි ශාඛාවන් 63ක් දැනට රට පුරා පවතී. HNBA, Fitch Ratings Lanka වෙතින් කෙරෙන  "ජාතික රක්ෂණ සමාගම් හී මූල්‍ය සවිය ශ්‍රේණිගත කිරීම" අනුව A (lka) යන ශ්‍රේණිය ලබාගත් ජීවිත රක්ෂණ සමාගමක් වේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමකයා විසින් 2015 ජනවාරි මස හඳුන්වා දුන් සමාගම් වෙන් කිරීමේ නීතිය අනුව HNB General Insurance Limited සමාගම එහි මෙහෙයුම් ඇරඹුවේ ය. HNBGI යනු සාමාන්‍ය රක්ෂණ සේවාවන් වන මෝටර් රථ, මෝටර් රථ නොවන සහ ටකාෆුල් රක්ෂණ විසඳුම් සලසා දෙන HNB assurance PLC හී සම්පූර්ණ හිමිකාරිත්වය ඇති පරිපාලිතයක් වේ. HNBA, LMD විසින් නම් කරන ලද ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 100 ඇතුළතත් ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම 100 ඇතුළතත්  ඇගයුම් ලබා තිබෙන අතර ජාත්‍යන්තර තලයේ වෙළඳ නාම විශිෂ්ටත්වය, ඩිජිටල් අලෙවිකරණය, මානව කළමනාකරණ විශිෂ්ටත්වය සඳහා සම්මාන ද එහි වාර්ෂික වාර්තාවන් සඳහා ශ්‍රී ලංකා වරළත් ගණකාධිකරණ ආයතනය විසින් සහ දකුණු ආසියානු ගණකාධිකාරී වරුන්ගේ සංගමය විසින් ලබා දෙන නොයෙකුත් සම්මානත් ජය ගත් සමාගමක් වේ.



අදහස් (0)

COVID-19 ට අදාළ සියලු ම හිමිකම් ලබා දීමට HNB ඇෂුවරන්ස් සහ HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් කටයුතු කරයි.

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 309 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1692 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1537 3

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 918 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site