IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරවරාජකාරි පැය මිලියන12 ක් සම්පූර්ණ කරයි

  • ප්‍රථම සමාජවගකීම් වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් අන්තර්ජාලයට 
  • ධීවර ජීවනෝපායසංවර්ධන වැඩසටහනට රු. කෝටි 55 ක්
  • දේශීයසේවා හා සැපයුම් සඳහා ප්‍රමුඛත්වය
  • දේශීයසැපයුම්කරුවන් 1,500 කට විධිමත් පුහුණුවක්
  • ශ්‍රීලාංකිකයන් 8,000 කට සෘජු රැකියා අවස්ථා

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරව 2014 සිට 2019 වසර අවසානය දක්වා රාජකාරි පැය මිලියන 12 ක් සම්පූර්ණ කිරීමට සමත් වී තිබේ. කොළඹ වරාය නගරයේ 2018 - 2019 සමාජ වගකීම් වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් මගින් මේ බව අනාවරණය වී ඇත. එම වාර්තා කොළඹ වරාය නගර අන්තර්ජාල වෙබ් අඩවිය ඔස්සේ එළිදැක්වීම 2020 දෙසැම්බර් 02 වෙනිදා සිදු කිරීමට නියමිතය.

කොළඹ වරාය නගරය ව්‍යාපෘතිය සහ එහි ප්‍රධාන සමාගම වන චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පනි (ChinaCommunications Construction Company –CCCC) මගින් නිකුත් කරන ලද ප්‍රථම සමාජ වගකීම් වාර්තාව මෙය වේ. 2014 සැප්තැම්බර් මාසයේ සිට 2019 නොවැම්බර් මාසය දක්වා එම සමාගම විසින් ජනතාව, සේවකයන්, පාරිභෝගිකයන් සහ පරිසරය වෙනුවෙන් සිදුකරන ලද මෙහෙවර මෙම වාර්තාවේ සදහන්ය.

වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් දැන්  http://www.portcitycolombo.lk/ වෙබ් අඩවියෙන් ඕනෑම අයෙකුට පරිශීලණය කිරීමට හැකියාව ඇත.

හරවත් ව්‍යාපෘතියක්

දේශීය ශ්‍රී ලාංකීය නිපැයුම් හා සැපයුම්වලට මුල්තැන දෙමින් දේශීය සැපයුම්කරුවන් සමග දීර්ඝකාලීන සම්බන්ධතාවක් ගොඩනංවා ගැනීමට සමාගම කටයුතු කළෙල් ඉදිකිරීම් අමුද්‍රව්‍යවල සිට කාර්යාලීය ලිපිද්‍රව්‍ය ආදිය දක්වාම ඔවුන් හරහා සපයා ගනිමිනි. සැපයුම්කරුවන් 1,500 කට විධිමත් පුහුණුවක් ලබාදෙමින්  වටිනා සහතිකයක් පිරිනැමීමටද කටයුතු කිරීමෙන් මෙම සැපයුම්කරුවන්ට තවත් ප්‍රතිලාභයක් අත්කර දීමට ද ඔවුන් අමතක නොකළහ. මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සැලසුම් සහ ඉදිකිරීම් කටයුතු සඳහා දේශීය සැලසුම් ශිල්පීන්ගේ සේවය ලබාගන්නා ලද අතර සෘජුවම ශ්‍රී ලාංකිකයන් 8,000 කට අධික පිරිසකට අත්වැලක් වන ආකාරයේ රැකියා අවස්ථා නිර්මාණය කිරීමට සමාගමට හැකියාව ලැබිණි.

ජීවනෝපාය හා බැඳි ව්‍යාපෘතියක්

ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ ජීවනෝපායන් නගාසිටුවීම සඳහා ප්‍රජා සංවර්ධන කටයුතු පුළුල් කිරීමටත්, දේශීය ජනතාවට ප්‍රායෝගික ප්‍රතිලාභලබාදීමටත් වරාය නගර ව්‍යාපෘතිය හරහා උත්සාහ ගන්නා බව අපට විශ්වාසයි. මෙමදැක්ම අනුව, මීගමුව ප්‍රදේශයේ ධීවරයන් මුහුණ දෙන ගැටලූ‍ හඳුනා ගනිමින්, ශ්‍රී ලංකා රජය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව ධීවර ජීවනෝපාය සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීමටත්, ඒ සඳහා රු. මිලියන 550 ක මුදලක් වෙන් කිරීමටත් පියවර ගත්හ. මීගමුව ප්‍රදේශයේ ධීවරයන් 15,450කට ආසන්න පිරිසකට රක්ෂණ පිරිනමන ලද අතර,ඔවුන් අතරින් 6,000 කට අධික පිරිසක් ආවරණය කරමින් සෞඛ්‍ය කඳවුරු 35 ක් සංවිධානය කෙරි‚. මීගමුව සිට වත්තල දක්වා ධීවර සංවිධාන 77 කට මූල්‍යමය අත්වැලක් වශයෙන් රු. මිලියන 154 ක මුදලක් ප්‍රදානය කළහ. එමෙන්ම මාදැල් ධීවර ප්‍රජාවගේ ප්‍රයෝජනය ස`දහා දියකඩන ඉදිකොට වැලි පොම්ප කර වෙරළ ප්‍රතිපෝෂණය කිරීමට රු. මිලියන 300 ක් නැතහොත් කෝටි 30 ක මුදලක් වෙන්කිරීමට සමාගම පියවර ගත්තේ ය.

ජාතික තරුණ සේවා සභාව සහ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය සමග එක්ව, ජාතික සමගිය උදෙසා 'රටම රොද බඳින රන් භූමි රැලිය' නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීමටද කොළඹ වරාය නගරය කටයුතු කළේ ය. දින 40 ක් පුරා,පළාත් 9 ක, දිස්ත්‍රික්ක 25 ක, ගම් හා නගර 1,500 ක් ආවරණය වන පරිදි පවත්වන ලද එම වැඩසටහනට මිලියන 10 කට අධික පිරිසක් එක්වූහ.

පාසල් උපකරණ ඛෙදාදීමත්, වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඉගැන්වීම් සහ ඉගෙනුම් පහසුකම් වැඩිදියුණු කිරීමත් අරමුණු කරගෙන, අධ්‍යාපන අමාත්‍යාංශය සමග එක්ව ‘Hope’ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ලද්දේය. ඉන් අනතුරුව පෙර පාසල් රැසක පහසුකම් වැඩිදියුණු කිරීම, ජාත්‍යන්තර පාසල් විවාද තරගාවලි සංවිධානය කිරීමට සහය වීම, කොළඹ වරාය නගරයේ මාධ්‍ය වැඩසටහන් සඳහා සහභාගී වීමට දරුවන් තෝරාගැනීම සහ රටේ තරුණ පරපුරේ යහපත උදෙසා NSBM Green University Town සමග අත්වැල් බැඳගැනීම වැනි ව්‍යාපෘතිද ක්‍රියාවට නංවා තිබේ. තවද රටේ ස්වාභාවික උපද්‍රවවලදී විපතට පත්වන්නන්ට සහය වීම සඳහා දායක වීම මෙන්ම, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයට චීන සංස්කෘතික පොත්පත් ප්‍රදානය කිරීම වැනි මහජනසුභසාධන වැඩසටහන්වලට දායක වීමටද කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පියවර ගත්තේය.

ඒකාබද්ධ ව්‍යාපෘතියක්

ඉංජිනේරුවන්ගේ සිට පරිපාලන නිලධාරීන් දක්වාම දැනුමෙන් හා අත්දැකීම් අතින් ඉහළම මට්ටමේ සිටින වෘත්තිකයන් සේවයේ යෙදවීමට සමාගම කටයුතු කර ඇත. කාර්ය මණ්ඩලය වෙනුවෙන් වාර්ෂික පුහුණු වැඩසටහන් සංවිධානය කරනු ලබන අතර මෙම වැඩසටහන්වලට රැකියා ස්ථානයේදීම පුහුණුව ලබාදීම, දේශකවරුන් සමග සමීපව කටයුතු කිරීමට අවස්ථාව සලසා දීම සහ දැනුම පදනම් කරගත් තරග පැවැත්වීම වැනි අංග ඇතුළත් වී තිබේ. 2019 වසරේ ඔක්තෝබර් මාසය අවසාන වන විට 620 දෙනෙකු සඳහා පුහුණු වැඩසටහන් 16 ක් සංවිධානය කර තිබි‚. පුහුණු වැඩසටහන් සඳහා රු. මිලියන 37ක මුදලක් වෙන්කර ඇත.

ගුණාත්මක ව්‍යාපෘතියක්

ඉදිකිරීම් කටයුතුවලදී සිදුවන අනතුරු හා හානි අවම කිරීම සඳහා, සියලූ‍ම ක්‍රියාකාරකම්වලදී ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කටයුතු කළේය. ඒ සඳහා 4,224 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව ආරක්ෂාව පිළිබඳ පුහුණු සැසි 192 ක් පවත්වන ලදඅතර, කිසිදු අනතුරකින් තොරව මේ වනවිට රාජකාරි පැය මිලියන 12 කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණ කිරීමට 2014 සහ 2019 අතර කාලයේදී ව්‍යාපෘතිය සමත් වී තිබේ.

පරිසර හිතාකාමී ව්‍යාපෘතියක්

තිරසාර සංවර්ධන සංකල්පය අනුව ක්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය රටේ විවිධත්වයට ගරුකරමින්, පරිසරය වැඩිදියුණු කරමින්, පරිසර දූෂණය අවම කරමින්, සම්පත් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් සම්මාන රැසක් හිමි කර ගැනීමට මෙම සමාගම සමත් විය. InternationalFederation of Landscape Architects හි අප්‍රිකා, ආසියා පැසිෆික් සහ මැද පෙරදිග සම්මාන උළෙලේදී ගෞරව සඳහනක් හිමිවීම, 2018 Yuan Ye Urban Design Award හිදී රන් සම්මානයක් හිමිවීම සහ Singapore Institute of Landscape Architects මගින් සංවිධානය කරන ලද 2017 2017 Singapore Landscape Architecture Awards හිදී රිදී සම්මානයක් හිමිවීම ඒඅතරින් ප්‍රධානවේ.

--

වාර්තාව වෙත CCCC සමාගමේ සභාපති ලියු චීතාඕ මහතා විසින් නිකුත් කරන ලදප‚විඩයක සදහන් වන්නේල

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යනු, එක්ව ගනුදෙනු කිරීම, එක්ව ඉදිකිරීම සහ එක්ව ඛෙදාහදා ගැනීම යන මූලධර්ම මත පදනම් වූ, zඑක් තීරයක් එක් මාවතක්Z යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහනට අයත් ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින ශක්තිමත් ආර්ථීක හා වා‚ජ සහයෝගීතාව යටතේ ක්‍රියාත්මක වන ප්‍රමුඛතමව්‍යාපෘතියකි. ශ්‍රී ලංකාවේ ජනතාව සමග එක්වී, පොදු සංවර්ධනය වෙනුවෙන් උනන්දු වන,උද්යෝගී, දෛවයෙන් පන්නරය ලබන සහ වගකීම් සහගත ප්‍රජාවක් නිර්මාණය කිරීම අපගේ ඉලක්කයයි.˜

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසන්නේ, CCCC සමාගම තිරසාර සංවර්ධන සංකල්ප ක්‍රියාත්මක කරමින්, ප්‍රජා සත්කාර මෙහෙවර වඩාත් හොඳින් ඉටු කරමින්, සහයෝගය සහ සංවර්ධනය තවත් පුළුල් කිරීම සඳහා රජයන් සහ ජාත්‍යන්තර සමාගම් සමග එක්ව කටයුතු කරන බවයි. එමෙන්ම හරිත සංවර්ධනය සම්බන්ධ නවෝත්පාදනයන් සහ අන්‍යෝන්‍ය විශ්වාසය පදනම් කරගත් ප්‍රජාවන් විසින් ශ්‍රී ලංකාවට දීර්ඝකාලීන ස්ථාවර සංවර්ධනයක් සඳහා දොරටු විවර කරනු ඇති බව දඒ මහතාගේ අදහස වේ.

කොළඹ වරාය නගරය දකුණු ආසියානු කලාපයේ බිහිවන ජාත්‍යන්තර තලයේ නගරයක් බවටත්, ඉහළම තලයේ ආර්ථීක මධ්‍යස්ථානයක් බවටත් පත්කිරීමේ අරමුණ මුල්කරගෙන, විශිෂ්ට යටිතල පහසුකම් නිර්මාණය කිරීම, ඉඩම්වල අගය ඉහළ නැංවීම, නාගරික සංවර්ධනය පුළුල් කිරීම සහ ස්ථාවර රැකියාඅවස්ථා උදාකර දීම වැනි ක්‍රම ඔස්සේ ශ්‍රී ලංකාවට ආර්ථීක හා සමාජ ප්‍රතිලාභ  පිරිනැමීම CCCC සමාගමේ ඉලක්කය වී තිබේ. සිය ප්‍රථම ප්‍රජා සත්කාර වාර්තාව තුළින් පැහැදිලිව දක්වා ඇති ආකාරයට, කොළඹ වරායනගර ව්‍යාපෘතිය, සංකල්ප ක්‍රියාවට නැංවීම, ක්‍රමවේද ස්ථාපිත කිරීම සහ ප්‍රායෝගික මගපෙන්වීමක් ලබාදීම වැනි ක්‍රමඔස්සේ, තම එදිනෙදා රාජකාරී කටයුතු සඳහා ප්‍රජාසත්කාර සංකල්ප භාවිතා කිරීමට සිය කාර්ය මණ්ඩලය යොමුකරවීමට පියවර ගෙන ඇත.

මෙම වාර්තාවේ ඉංග්‍රීසි පිටපත එළිදැක්වීමේ අවස්ථාව 2020 ජනවාරි 13 වෙනිදා එවකටශ්‍රී ලංකාවේ චීන තානාපති ක‍යැබටXමැහම්බ සහ එවක නාගරික සංවර්ධන අමාත්‍ය ගරු ගාමි‚ ලොකුගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන්පැවත්වුණිගඊට එවක නාගරික සංවර්ධන අමාත්‍යාංශයේලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම CCCCහි ප්‍රචාරණ කටයුතු ප්‍රධානී ඛසමශ්බ මහත්මිය, චයිනා හාබර් ඉංජිනියරින් කම්පනි (China Harbour Engineering Company)හි උපසභාපති ්‍යම්බට ශදබටහැ මහත්මිය සහ චෙක් පොර්ට් සිටි කලම්බු (CHEC Port City Colombo)(පුද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ න‍ස්බට ්‍යදමකස්බට මහතාද ආරාධිතයන් ලෙස එක්වූහ.

ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ (International Organization for Standardizing - ISO) මාර්ගෝපදේශ, සමාජ වගකීම් සම්බන්ධ GB/T 36000-2015මාර්ගෝපදේශ, General Administration of Quality Supervision මගින් හඳුන්වා දෙන ලද සමාජ වගකීම් වාර්තාකරණය සම්බන්ධ GB/T 36001-2015මාර්ගෝපදේශ සහ Global Sustainability Standards Board (GSSB) මගින්හඳුන්වා දෙන ලද GRI Sustainability Reporting Standards (GRI Standards) යන මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම වාර්තාව පිළියෙල කර තිබේ.

කොළඹ වරාය නගර පිළිබඳව

කොළඹ වරාය නගරය යනු කොළඹ මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය පුළුල් කරන පරිදි ඉදිකරනු ලබන නවතම නාගරික සංවර්ධන ව්‍යාපෘතියයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික ආයෝජනයකින් යුතුව ඉදිකරනු ලබන මෙය සම්පූර්ණ වූ පසුව ඇමරිකානු ඩොලර් බිලියන 15 ක ආයෝජන රැගෙන එනු ඇතැයි අපේක්ෂාකෙරේ. හෙක්ටයාර 269 ක ප්‍රදේශයක් මුහුද ගොඩකර නිර්මාණය කරනු ලබන මෙය මූල්‍ය දිස්ත්‍රික්කය, මධ්‍යම උද්‍යාන වාසය,ජාත්‍යන්තර දිවයින, දුපත් දිවිය සහ සැහැල්ලූ යාත්‍රාංගණය වශයෙන් කලාප 5 කින් සමන්විත වනු ඇත.

සම්පූර්ණ වූ පසුව කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අවකාශය වර්ග මීටර මීලියන 5.7 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවීන කාර්යාල,රෝහල්, අධ්‍යාපන ආයතන, හෝටල්, සැහැල්ලූ වරාය, සාප්පුසංකීර්ණ සහ ජීවන විලාසිතා ස්ථාන රැසකින් මෙය සමන්විත වනු ඇත. නවීනතම තිරසාර නාගරික සැලසුම් සහ සංකල්ප භාවිතයෙන් ඉදිවන මෙය දකුණු ආසියානු කලාපයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු නිසැක ය.

CHEC Port City Colombo (පුද්.) සමාගම පිළිබඳව

China Harbour Engineering Company fyj;a CHEC Port City Colombo(පුද්.) සමාගමයනු China Communications Construction Company Limited (CCCC) හි සාමාජික සමාගමකි. 2006වසරේදී සංස්ථාගත කෙරුණු CCCC සමාගම හොංකොං කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වී ඇති අතර රටවල් හා කලාප 145 ක් පුරා ව්‍යාප්තවූ එහි 120,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයකරයි. එම සමාගම වරාය සැලසුම් හා ඉදිකිරීම්, මාර්ගහා පාලම් සැලසුම් හා ඉදිකිරීම්, කැණීම්, බහාලූ‍ම් දොඹකර හා බර යන්ත්‍රෝපකරණ නිපදවීම් යනාදිය සම්බන්ධ ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් ලෙස සැලකේ.ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන්ද අත්දැකීම් සම්භාරයක් ලබා ඇති CCCC සමාගම දේපළ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ආයෝජන හා සංවර්ධන සමාගමක් ලෙසද කටයුතු කරයි.

2017 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 79.4 ක ආදායමක් සහ ඇමරිකානු ඩොලර් බිලියන 183 ක සමස්ත වත්කම් වාර්තා කිරීමට CCCC සමත් විය. ත‍දරඑමබැ 500 සමාගම් අතර 91 වැනි ස්ථානයේ පසුවන එය 2018 වසරේදී ENR Top International Contractor ලැයිස්තුවේ 3 වන ස්ථානයට පැමි‚යේ ය. ලොව විශාලතම බහාලූ‍ම් පර්යන්ත හා අන්තර් සමුද්‍රීය පාලම් 10 අතරින් 5 ක් ම නිර්මාණය කර ඇත්තේ CCCC විසිනි. 1998 වසරේ සිටම ශ්‍රී ලංකාවතුළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින එම සමාගම දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ දකුණ බහාලූ‍ම් පර්යන්තය ඇතුළු තවත් ප්‍රධානපෙළේ යටිතල ව්‍යුහ ව්‍යාපෘ



අදහස් (0)

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කිසිදු අනතුරකින් තොරවරාජකාරි පැය මිලියන12 ක් සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 139 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1419 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1344 2

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 915 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 507 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 582 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 139 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1419 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site