IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ලබන වසර මැද වන විට එන්නත්


ලබන වසරේ ජූලි මාසය වන විට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 250 ත් 300 ත් අතර පිරිසකට පළමුවෙන් එම වෛරසය සඳහා නිෂ්පාදනය කරන එන්නත ලබාදීමට සැලැසුම් කර ඇත.

ඒ් අනුව වයස අවුරුදු 65 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට, වයස අවුරුදු 50 ත් 65 ත් අතර වයසේ පසුවන්නන්ට සහ නිධන්ගත රෝගවලින් පෙළෙන වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින්ට මෙහිදී ප‍්‍රමුඛතාව හිමිවේ.

මිලියන 30 ක පමණ සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සාමාජිකයින් සහ ඉදිරි පෙළ සේවකයින් ද එන්නත ලබාදෙන එම පිරිසට ඇතුළත් වේ.

එන්නත් මාත‍්‍රා මිලියන 500 ත් 600 ත් අතර ප‍්‍රමාණයක් මෙහිදී ලබාදීමට නියමිතය.

වෛසරයේ අවදානම වැඩියෙන්ම පවතින පිරිස මේ සඳහා තෝරා ගැනීම සිදුවේ.

එන්නත කඩිනම් භාවිතය සඳහා අනුමැතිය ලබාගැනීමෙන් පසු සහ අදියර තුනක සායනික පර්යේෂණවල ප‍්‍රතිඵල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව පොදු ජනතාව සඳහා එය භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

ඉන්දියාවේ සෙරම් පර්යේෂණ ආයතනය මෙම එන්නත නිපදවනු ලබයි.

එය එන්නත් නිපදවීමේ ලොව විශාලතම ආයතනය වේ.

-226-
(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)



අදහස් (0)

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින්ට ලබන වසර මැද වන විට එන්නත්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 160 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 99 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 89 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 133 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site