සමාජ මාධ්‍යවල මේ දිනවල වේගයෙන් ප්‍රචලිත වී තිබෙන රුසියාවේ නිෂ්පාදිත “ෆේස්ඇප්” මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික සුළුතර කණ්ඩායමේ නායක චක් ෂූමර් අවධාරණය කර ඉල්ලීය.
පරිශීලකයන් තමන් වයසට ගිය කල කෙසේදැයි පෙන්වන මෙම මාදූකාංගය මේ දිනවල වඩාත් ජනප්‍රිය වී ඇත.
“ජාතික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය අවදානමක” යන කරුණු සලකා බලමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (එෆ්.බී.අයි) මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය ආරම්භ කළ යුතු යැයි හෙතෙම ඉල්ලා සිටියේය.
පරිශීලකයන්ගේ ඡායාරූප වෙනස් කරමින් ඔවුන් තවත් වසර කිහිපයකින් පෙනෙන්නේ කෙසේදැයි පෙන්වීම මෙම මෘදුකාංගයෙන් සිදුකෙරෙන අතර ඒ සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරයි. එහිදි පරිශීලකයන්ගේ මුහුණුවලට රැළි වයසක පෙනුමක් ලැබෙන පරිදි ඔවුන්ගේ ඡායාරූප සංස්කරණයක් සිදුවෙයි.
රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන මෙම මෘදුකාංගය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි සෙනට් සභික චක් ෂූමර් ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික ආරක්ෂණ ආයතනයෙන් ද ඉල්ලා සිටියේය.
මෙම මෘදුකාංගය ඔස්සේ විදෙස් රාජ්‍ය ද ඇතුළුව ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත තෙවැනි පාර්ශවවලට ලබාදීම සම්බන්ධයෙන් ප්රශ්නකාරී මතුවන බව එෆ්.බී.අයි වෙත ලිපියක් යොමු කරමින් සෙනට් සභික චක් ෂූමර් සඳහන් කර ඇත.
ඇමෙරිකාවට එරෙහිව සයිබර් අවකාශය තුළ ක්‍රියාකාරී ලෙස කටයුතු කරන විදෙස් බලවතෙකුට ඇමෙරිකානු පුරවැසියන්ගේ දත්ත ලබාදීම ප්‍රබල ලැබීම ඉතා සංකීර්ණ හා ගැටලුකාරී තත්ත්වයක් බව ද ඔහු සඳහන් කර ඇත.
ෆේස්ඇප් මෘදුකාංගය භාවිතයට පැමිණියේ මීට වසර දෙකකට පෙරය. මේ වනවිට ‘ගූගල් ප්ලේ’ සේවාව තුළ වැඩිම වතාවක් බාගත කරන ලද මෘදුකාංගය බවට පත්ව ඇත්තේ ද ෆේස්ඇප් මෘදුකාංගයයි. එහි පරිශීලිකයන් ගණන මේ වනවිට මිලියන 100 ඉක්මවා ගොස් ඇත.
ඒ.එෆ්.පී ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
“ෆේස්ඇප්” මෘදුකාංගය ගැන විමර්ශනයක් පවත්වැන්නැයි ඇමෙරිකාවෙන් ඉල්ලීමක්
රවින් Friday, 19 July 2019 04:23 AM
පෙනෙන විදියටනම් මැරෙන්න බය කෙනෙක් වගේ. තමන් ලෝක සොභාවයට , වයසට නොයයි කියා හිතාගෙන ඉන්න කෙනෙක්ද ? අන්තර්ජාලය තුල පෞද්ගලිකත්වය අවම බව නොදැනද?
රජින්ද Friday, 19 July 2019 10:08 PM
ඇමෙරිකාව විසින් නිපදවන සියලුම මෘදුකාංග - ඇප්ස් වර්ග නීත්‍යානුකුල හා සම්පුර්ණයෙන්ම ආරක්ෂාකාරී වන අතර බැරි වෙලාවත් වෙනත් රටක නිර්මාපකයෙක්ගේ මෘදුකාංගයක් ප්‍රචලිත වුවහොත් එය ඇමෙරිකානුවන්ගේ ඇතුළු මුළු ලෝකෙම ආරක්ෂාවට තර්ජනයකි.! ප.ලි.මේ වගේ තර්ක ඇමෙරිකාවේ අයටම හොඳයි ඉතින්.