IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


“දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ”

‘‘දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (19) පැවැසීය.

දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය.

“දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුවත් දන්නේ නැහැ” යැයි වර්ෂ අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

“අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය.

“පෘථිවියේ භ්‍රමණ කෝණයේ පුංචි හරි වෙනසක් නිසා හෝ පෘථිවිය සූර්යා වටා කැරැකෙන කක්ෂයේ පුංචි වෙනසක් හරි නිසා හෝ පෘථිවිය දරුණු දේශගුණික විපර්යාසවලට මුහුණ දෙන්න පුළුවන්” යැයි ද ඔහු තර්ක කළේය.

එහෙත් දේශගුණික විපර්යාස බරපතළ ගැටලුවක් යැයි පිළිගත් රුසියානු ජනාධිපතිවරයා දේශගුණය දරුණු හා විශාල වශයෙන් වෙනස් වීම වැළැක්වීමට පියවර ගත යුතු බව ද කීවේය.

රුසියාවේ මොස්කව් අගනුවර මේ වනවිට උණුසුම් කාලගුණ තත්ත්වයක් දක්නට ලැබේ. එය දෙසැම්බර් මාසයේදී මොස්කව් නුවර සාමාන්‍යයෙන් දක්නය ලැබෙන තත්ත්වයක් නොවේ.

රුසියාව උණුසුම් වන ආකාරය පෘථිවියේ අනෙක් ස්ථානවලට වඩා සෙල්සියස් අංශ 2.5කට වඩා වැඩි යැයි ද පුටින් කීවේය.

“මේ ක්‍රියාවලිය අපේ රටට ඉතා බරපතළ ලෙස බලපා තිබෙනවා. අපේ රටට බලපාන ප්‍රතිවිපාක අඩු කිරීම සඳහා අපි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද හෙතෙම කීය.

බටහිර රටවල් හා සැසඳීමේදී රුසියාව පිට කරන කාබන් වායු ප්‍රමාණය ඉතාම අඩු යැයි කී රුසියානු ජනාධිපතිවරයා රුසියාව සෑම විටම පැරිස් දේශගුණික ප්‍රඥප්තියට අනුව ක්‍රියාකළ බව ද කීය.

දේශගුණික විපර්යාසවලින් වැඩිම අවදානමක් ඇත්තේ රුසියානු කලාපයට බව කී ජනාධිපති පුටින් එම කලාපයේ ගොඩනැගිලි බොහෝ විට ඉදි කෙරෙන්නේ නිත්‍ය තුහින මත යැයි ද කීවේය.

“ඒවා දිය වුණොත් ඉතා විශාල ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න වෙනවා” යැයි ද ඔහු කීය.

මොස්කව් අගනුවරට උතුරින් පිහිටි කාලගුණ මධ්‍යස්ථානය උෂ්ණත්වය මැන බලා තිබූ අතර එය සෙල්සියස් අංශක 5.4ක් ලෙස සටහන්ව තිබිණි. ශතවර්ෂයකට පසු දෙසැම්බර් මාසයේදී වාර්තා වූ වඩාත් උණුසුම් තත්ත්වය එය යැයි ද වාර්තා විය.

ඒ.එෆ්.පී 

055 

 



අදහස් (3)

“දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුත් දන්නේ නෑ”

hira Friday, 20 December 2019 05:31 AM

මේ හැමදෙයක්ම වෙන්නේ බයිබලයේ සඳහන් පරිදි සර්වබලධාරි දෙවියන්ගේ කැමැත්තට අනුවයි. ඒ නිසා උඩ බලාගෙන කෙලගහගන්න ලැහැස්ති වෙන්න එපා.

:       0       0

IndunilFriday, 27 December 2019 08:38 AM

කොච්චර මෝඩද අනේ..?

:       0       0

රවින් Friday, 20 December 2019 05:36 AM

කිසිම වග විභාගයක් නැතිව ස්වභාවධර්මය වෙනස් කරන්න ගියාම වෙනදේ තමා කාලගුණ විපර්යාසය. ස්වාභාවධර්මයා විසින් තමා ඔය කියන පිටස්තර බලපෑම් අවම කිරීම සඳහා නිර්මාණයන් සලසා තියෙන්නේ... උදාහරණයක් ලෙස යුරල් කඳුවැටියේ පිහිටීම. සයිබීරියානු වනාන්තරවල ස්වභාවික පිහිටීම්... මිනිසා විසින් කොපමණ දේ වෙනස් කර තියනවාද යයි ඔබ රටතුළින්ම දැක බලාගත හැකිය. හිතන්න නෂ්ටික අවි සඳහා භාවිතයට ගන්නා මූලද්‍රව්‍යයක් වන යුරේනියම් ඇයි මතුපිට පෘෂ්ටයේ නොමැතිව සෑහෙන පොළව යටින් තියෙන්නේ කියලා?. සියලුම ප්‍රාණයින්ට අත්‍යවශ්‍ය ජලය මතුපිට පෘෂ්ටයේ තියෙන්නේ? හිරු නැග එන්නේ? බැස යන්නේ? ඔබ අයිස් මිදුණු තටාක වලට බැස නෑමෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 139 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 94 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 101 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 864 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 126 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1436 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site