ඉන්දියාව විසින් අද (15) ගුවන්ගත කිරීමට නියමිතව තිබූ "චන්ද්‍රයාන් 2" යානයේ පිටත්වීම තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කල්දමා ඇතැයි වාර්තා වේ.
යානය ගුවන්ගත කිරීමට සැලසුම් කළ වේලාවෙන් පැයකට පමණ පෙර මෙම දැනුම්දීම සිදුකර ඇත.
"චන්ද්‍රයාන් 2" ලෙස නම්කර ඇති මෙම යානය ඉන්දියාවේ නැගෙනහිර වෙරළේ ශිහාරිකොටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට සූදානම් කර තිබූ බව ඉන්දියානු අභ්‍යවකාශ ඒජන්සිය පවසයි.
යානය ගුවන්ගත කරන වෙලාව ඉතා ඉක්මණින් දැනුම් දෙන බවද ඔවුහු පවසති.
ප්‍රථම වරට සඳෙහි දකුණු ධ්‍රැවයට යානයක් ගොඩබැස්වීම මෙම චන්ද්‍රයාන් 2 මෙහෙයුමේ අරමුණ බව ඉන්දියාව පවසයි.
මෙහිදී චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨය අධ්‍යයනය කෙරෙන අතර චන්ද්‍රයා මතුපිට ජලය සහ ඛණිජ ද්‍රව්‍ය සම්බන්ධව භූ චලන සම්බන්ධව අධ්‍යයනය කෙරෙන බව සඳහන් වේ.
මීට පෙර ඇමරිකාව, චීනය හා සෝවියට් දේශය සඳ මතට යානා යවා ඇති අතර මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් සඳ මතුපිටට යානයක් යවන හතරවන රට බවට ඉන්දියාව පත්වේ.
2008 වර්ෂයේදී අභ්‍යවකාශ ගතකළ චන්ද්‍රයාන් 1 යානය සඳ මතුපිටට ගොඩබැස්වීමක් සිදු නොකළ නමුත් සඳෙහි කක්ෂගතවී රේඩාර් කිරණ ආධාරයෙන් බොහෝ තොරතුරු ලබාදීමට සමත් විය.
(බීබීසී ඇසුරිණි - 085)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’’චන්ද්‍රයාන් 2’’ යානය පිටත්වීම කල්දමයි
chandima Monday, 15 July 2019 03:33 PM
හොඳට බලල යවන්න, අර ලංකාවට එවපු කොච්චි එන්ජින් වගේ ගෙනාපු ගමන්ම මග කැඩෙන්නේ නැතිවෙන්න.