ඉන්දීය රජය ඇණවුම් කළ රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත පළමු තොගය ඊයේ (1) හයිද්‍රාබාද් ගුවන් තොටුපොළට ලැබුණි.
පළමු තොගයට අයත් එන්නත් මාත්‍රා ගණන 1,50,000 ක් ඇතුළත් වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසයි. පරීක්ෂණ පවත්වා නිසි ක්‍රමවේදයට අනුව එන්නත් ඉන්දියානුවන්ට ලබා දීම තව දින කීපයක් ඇතුළත ආරම්භ කරන බව ද සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි කර තිබේ.
'ස්පුට්නික් 5' යනු ඉන්දියානුවන්ට ලබා දෙන තෙවැනි එන්නත වෙයි. පසුගිය ජනවාරියේ සිට මේ දක්වා ඉන්දියානුවන්ට ලැබෙමින් පවතින්නේ සේරම් ආයතනය නිපදවන 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය නිපදවන 'කොනැක්සින්' එන්නතය.
ඊයේ (1) සිට ඉන්දියාවේ අවුරුදු 18 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීමට ඉන්දීය රජය පියවර ගත්තේය. ඉන්දීය එන්නත්කරණ වැඩසටහන පෞද්ගලික අංශය හරහා ද සිදුවෙයි. රජය නියම කරන දිනට පෙර එන්නත ලබා ගැනීමට අවශ්‍ය නම් එය මිලදී ගැනීම කළ හැකිය.
ජනවාරියේ සිට මේ දක්වා එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් ලබා දී ඇත්තේ ඉන්දියානුවන්ගෙන් සියයට 9 කට පමණක් යැයි ද පැවැසෙයි. මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් වාර්තා වීම ලක්ෂ 4 පසු කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
’ස්පුට්නික් 5’ ඉන්දියානුවන්ට