'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම තාවකාලිකව නැවැත්වීමට ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය තීරණය කර තිබේ.
ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය මෙසේ තීරණය කළේ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනකා' එන්නත හා සමානව 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත ලබා ගත් කිහිප දෙනකුගේ රුධිරය කැටි ගැසී ඇති බැවිනි.
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගැනීමෙන් පසු ඇමෙරිකානුවන් 6 දෙනකුගේ රුධිර කැටි ගැසී ඇති බවත්, එම 6 දෙනා රෝහල්ගතව ප්‍රත්කාර ලබා ගන්නා බවත් පැවැසෙයි.
රුධිරය කැටි ගැසීමෙන් මරණ කිසිවක් සිදු වී නැත. ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත මිලියන 6.8 ක් ඇමෙරිකානුවන්ට ලබා දී ඇති බවත්, රුධිර කැටි ඇති වී රෝගී වූයේ 6 දෙනකු පමණක් බවත් ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය වැඩිදුරටත් පැහැදිලි කරයි.
'මිලියන 6.8 කට එන්නත් දී 6 දෙනකු රෝගී වුවත් ඒ ගැන අප සැලකිලිමත් වෙන්න ඕනෑ. එන්නත ලබා දීම තාවකාලිකව නවත්වනවා. පුළුල් අධ්‍යයනයකින් පසු යළි එන්නත්කරණ කටයුතු ආරම්භ කරනවා' යැයි ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ඇමෙරිකානුවන්ට එරට නිපදවූ එන්නත් 3 ක් ලබා දෙයි. 'ෆයිසර්', 'මොඩර්නා' සහ 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' යනු එම එන්නත් 3 ය.
'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' ඇමෙරිකන් එන්නතක් වන අතර, මෙම එන්නතේ ඇති විශේෂත්වය වන්නේ මෙය එක් මාත්‍රාවකින් පමණක් සමන්විත වීමය.
එන්නත හදිසි තත්ත්වයක් සේ සලකා ඇමෙරිකානුවන්ට ලබා දෙන්නැයි අනුමැතිය දුන්නේ ද ඇමෙරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියයි.
(රොයිටර්)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
’ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නතත් නවත්වයි