රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරන බව බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා අද (24) ප්‍රකාශ කළේය.
තෙරේසා මේ මහත්මිය බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින බැහැදැක සිය ඉල්ලා අස්වීම නිල වශයෙන් බාර දීමෙන් අනතුරුව කන්සවටිව් පක්ෂයේ නව නායක බොරිස් ජොන්සන් රැජින මුණ ගැසී නිල වශයෙන් අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.
එලෙස අග්‍රාමාත්‍ය ධුරයේ නිල වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසුව බොරිස් ජොන්සන් ඩවුනින් මහතා වීදියේ අංක 10 නිල නිවස ඉදිරිපිටදී මාධ්‍ය ඇමතීය.
විරෝධතාවක් එල්ල නොවුණහොත් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මස 31 වැනිදායින් අවසන් වන බව ද හෙතෙම එහිදි කීය.
බොරිස් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟ කැබිනට් මණ්ඩලයේ බොහෝදෙනෙක් සිය තනතුරුවලින් ඉවත්වූහ. ඇතැම් අය තනතුරුවලින් ඉවත් කරන ලද බව ද වාර්තා විය.
පක්ෂ නායක සටනේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ ප්‍රතිවාදියා වූ විදේශ අමාත්‍ය ජෙරම් හන්ට් ද සිය ධුරයෙන් ඉල්ලා අස්විය. තමන්ට වෙනත් තනතුරක් බාරගන්නැයි ඉල්ලීමක් ලැබුණු බව ද එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ බව ඉල්ලා අස්වෙමින් හිටපු විදේශ අමාත්‍ය ජෙරම් හන්ට් මහතා පැවැසීය.
බී.බී.සී. ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘රටේ යහපත වෙනුවෙන් වෙනස්කම් රැසක් සිදුකරනවා‘‘
Yasantha Thursday, 25 July 2019 01:47 AM
කොච්චර හොඳද? පැරදුණු අය ගෙදර. ප්රතිවාදියෝද ගෙදර ගියහ.