ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් කර ඇති ප්‍රකාශ ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සම්බන්ධයෙන් සාකච්ඡා නොකරන බව බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ අද (28) පැවැසීය.
ඇමර්සන් වනාන්තරයේ ඇති වූ ගින්නත් සමඟ ජර්මනිය සහ ප්‍රංශය ලතින් ඇමෙරිකානු රටවල ස්වෛරීත්වය මිලදී ගැනීමට උත්සාහ කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනා කළේය.
ජී7 ලෝක නායක සමුළුව අවසානයේදී එම රටවල නායකයන් ඇමසන් වනයේ ඇති වී තිබෙන ගින්න නිවීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක මුදලක් ලබාදීමට තීරණය කරන ලද අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.
එම මුදල් ප්‍රතික්ෂේප කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා එක් අවස්ථාවකදී පැවැසීය. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව හෙතෙම කීය. එසේ වුවත් තමන් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ ප්‍රංශ ජනාධිපතිවරයා තමන්ට කර තිබෙන උපහාස ඉල්ලා අස් කරගතහොත් පමණක් යැයි බ්‍රසීල ජනාධිපතිවරයා අද (28) පැවැසීය.
බ්‍රසීලය මුලදී විදෙස් ආධාර බාර නොගන්නා බව ප්‍රකාශ කළත් පසුව විදෙස් ආධාර බාර ගන්නා බව ප්‍රකාශ කළේය. එම විදෙස් ආධාර පාලනය කරන්නේ බ්‍රසීලය යන කොන්දේසිය මත මුදල් බාරගන්නා බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රසීල ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා කීය.
“ප්‍රංශ ජනාධිපතිවරයා කරලා තියෙන ප්‍රකාශ ඉල්ලා අස් කරගන්න ඕනේ. එතකොට අපිට නැවත කතා කරන්න පුළුවන්” යැයි චිලී රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනේරා සමඟ පැවැති සාකච්ඡාවලින් පසුව බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.
“ජර්මනිය සහ විශේෂයෙන්ම ප්‍රංශය අපේ ස්වෛරීත්වය මිලදී ගන්න උත්සාහ කරනවා” යැයි ද බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.
“ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක් කියන්නේ අප මුදල ද ? අපට මිලක් නැහැ. මේ රටවල් අපට මිලක් නියම කරන්න මිලක් තීරණය කරන්න හදනවා. අපි මිලියන 20ක්වත් ට්‍රිලියන 20ක්වත් නෙමෙයි. ඒ කොහොම කළත් එකයි. අපි අපිමයි. මේ බ්‍රසීලය. මේ ලතින් ඇමෙරිකාව” යැයි ද හෙතෙම කීවේය.
පසුගිය සතියේදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් සහ බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොනාරෝ අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය. දේශගුණික විපර්යාස සහ යුරෝපා සංගම්-මර්කොසූර් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපතිවරයා තමන්ට බොරු කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා චෝදනා කළේය.
තම ආර්යාව වන මිචෙල් බොල්සොනාරෝ තරම් ප්‍රංශ ජනාධිපති ආර්යාව ආකර්ෂණීය නැතැයි පවසමින් ෆේස්බුක් හි පළ වූ ඡායාරූපයකට බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ ඔහුගේ කැමැත්ත පළ කර තිබුණේ යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා චෝදනා කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා බ්‍රසීලය යටත් විජිතයක් කිසිවකුටත් අයිති නැති රටක් යනුවෙන් සලකන බව එල්ල වූ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් බ්‍රසීල ජනාධිපතිවරයා පැවැසීය.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ
ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස
නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘ප්‍රංශ ජනාධිපතිගේ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නා තුරු කිසිවක් සාකච්ඡා කරන්නේ නෑ‘‘
රවින් Thursday, 29 August 2019 08:11 AM
බලනකොට ඇත්ත. බ්‍රසීලයේ ජනාධිපති කසාද බැඳලා තියෙන්නේ වයසට ගැලපෙන සුදුසු කෙනෙක්නේ... ප්‍රංශ ජනාධිපති? තම ගුරුවරිය සමග නේද විවාහ වුනේ? අපේ උදවිය වගේ සල්ලි වලට කෙළහලන කට්ටිය කොහෙවත් නැතිව ඇති. මුදලට තම රට විකුණන්නේ නැතිවග පැහැදිලිවම කියනවා. මුළු ලෝකයම අනුමත කළ යුතු ප්‍රතිපත්තියක්...