ෂියෑන්හිදීය (රොයිටර්)
චීනයේ ‘එක් මාවතක් එක් මාර්ගයක්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් චීනය සහ යුරෝපය එක්ව කටයුතු කළ යුතු යැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් පවසයි.
චීනයේ නූතන සේද මාවත ව්‍යාපෘතිය ඒක පාර්ශවීය ක්‍රියාන්විතයක් නොවිය යුතු යැයි ද එරට සංචාරයක නිරත වෙමින් ප්‍රංශ ජනාධිපතිවරයා එම කරුණු කීවේය.
“ඉපැරණි සේද මාවත්වල සිටියේ චීන වැසියන් පමණක් නෙවෙයි” යැයි චීනයේ ෂියෑන් හි ව්‍යාපාරික, විද්වත් සහ ශිෂ්‍ය ප්‍රජාවක් අමතමින් ප්‍රංශ ජනාධිපතිවරයා පැවැසීය.
ෂාන්ෂි පළාතේ ෂියෑන්හිදි එම හමුව පැවැත්විණි. ෂියෑන් යනු ඉපැරණි සේද මාවතේ නැගෙනහිර පිටවුමයි.
“තේරුම් අනුව මේ මාර්ග බෙදාහදා ගත යුතුයි. ඒවා මාර්ග නම් ඒක පිරිසකට පමණක් අයිති නොවිය යුතු” යැයි ද ප්‍රංශ ජනාධිපතිවරයා කීය.
චීනයේ නව සේද මාවත, එක් මාවතක් එක් මාර්ගයක් ‘වන් බෙල්ට් වන් රෝඩ්’ ව්‍යාපෘතිය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2013 වසරේදීය.
මෙම නව සේද මාවත ඔස්සේ අග්නිදිග ආසියාව, පාකිස්තානය, මධ්‍යම ආසියාව මෙන්ම මැදපෙරදිග, යුරෝපය සහ අප්‍රිකාව එකිනෙකට සම්බන්ධ වෙයි. නව සේද මාවත ගොඩබිම් සහ සාගර සේද මාවත යනුවෙන් කොටස් දෙකකින් සමන්විතය.
(055)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘සේද මාවත අපිටත් අයිතියි’ - ප්‍රංශ ජනපති