IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවේදීත් හදන්න යයි

 

නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රුසියාව හඳුන්වා දී තිබෙන ‘ස්පුට්නික් 5’ ‘කොවිඩ්-19’ එන්නත ඉන්දියාව තුළ ද නිෂ්පාදනය කිරීමට අවධානය යොමු වී තිබේ.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුට්නික් 5’ නව කොරෝනා වයිරස මර්දන එන්නත සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති අතර මේ වනවිට එහි වැඩිදුර සායනික පරීක්ෂණ සිදුවෙමින් තිබේ.

රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය, රුසියානු රජයේ පර්යේෂණ මධ්‍යස්ථානය වන ගමලෙයා සහ රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ආයතනය එක්ව මෙම එන්නත නිෂ්පාදනය කරයි.

‘‘විදේශ වෙළෙඳපොළවලට ‘ස්පුට්නික් 5’ එන්නත බෙදාහැරීමට අපි සූදානම්. ඉන්දියාව, බ්‍රසීලය, දකුණු කොරියාව, චීනය සහ තවත් රටවල් හතරක නිෂ්පාදකයන් සමඟ අපි මේ වනවිට ගිවිසුම්වලට එළැඹ තිබෙනවා’’ යැයි රුසියානු ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී කිරිල් ද්මිත්‍රියේව් පැවැසීය.

‘ස්පුට්නික් 5’ එන්නත නිෂ්පාදනය කිරීම සඳහා සියලු අරමුදල් සපයන්නේ රුසියාවේ ආයෝජන අරමුදල වන ආර්.ඩී.අයි.එෆ්. ආයතනය යි.

මේ අනුව ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක ‘ස්පුට්නික් 5’ එන්නත නිෂ්පාදනය කරනු ඇතැයි පැවසේ.

ඉකුත් මාසයේදී මෙම එන්නත සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ පැවැත්වීමට ඉන්දියාවේ ඖෂධ ජනරාල්වරයාගේ අවසරය ද හිමිවිය. ‘ස්පුට්නික් 5’ ‘කොවිඩ්-19’ එන්නත සම්බන්ධයෙන් සායනික අත්හදා බැලීම් කිරීමට සහ සාර්ථක වන එන්නත බෙදාහැරීම සඳහා රුසියාවේ, ආර්.ඩී.අයි.එෆ්. ආයතනය සහ ඉන්දියාවේ ඖෂධ සමාගම මේ වනවිට ගිවිසුම්වලට එළැඹ ඇත. එමෙන්ම ඉන්දියාවට එන්නත් මාත්‍රා මිලියන 100 ක් එවීමට ද ආර්.ඩී.අයි.එෆ්. ආයතනය එකඟතාව පළ කර ඇත.

‘ස්පුට්නික් 5’ එන්නත් මාත්‍රාවක ජාත්‍යන්තර මිල ඇමෙරිකානු ඩොලර් 10ක්, (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 1,810ක් ) වන බව පැවසේ. මෙම එන්නත, මාත්‍රා 2ක් දිය යුතු ය. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකක ඇමෙරිකානු ඩොලර් 20ක් වන අතර (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 3,700ක් ) වනු ඇතැයි පැවසේ.

මෙම එන්නතේ ජාත්‍යන්තර බෙදාහැරීම් ඉතා ඉක්මනින් ආරම්භ වනු ඇති බවත් ලබන වසරේ ජනවාරි වනවිට පාරිභෝගිකයන්ට මෙම එන්නත ලැබෙනු ඇති බවත් ආර්.ඩී.අයි.එෆ්. ආයතනය සඳහන් කරයි.

රුසියානු ජාතිකයන්ට මෙම එන්නත නොමිලේ ලබාදෙන බව ද එම සමාගම කියයි.

රුසියාවේ වයිරස මධ්‍යස්ථාන 29කදී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 22,000කට වැඩි පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර 19,000කට වැඩි පිරිසකට පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාව ලබා දී ඇත.

(ඒ.එෆ්.පී./රොයිටර්ස්)

055



අදහස් (0)

‘ස්පුට්නික් 5’ එන්නත ඉන්දියාවේදීත් හදන්න යයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 430 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 104 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 245 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1500 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 447 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site