(බීරූට්හිදීය (ඒ.එෆ්.පී)
ඩැමැස්කස් නුවර ආසන්නයේ තැනක ජාත්‍යන්තර රසායන අවි විමර්ශකයන්ට කඳවුරක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් සිරියානු සහ රුසියානු බලධාරීන් සමඟ සාකච්ඡා කරන බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක විශේෂඥයෝ පවසති.
අප්‍රේල් 7 වැනිදා ඩැමැස්කස් නුවර සිට කිලෝමීටර 19 ක් දුරින් පිහිටි ආණ්ඩු විරෝධී විපක්ෂ කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඩූමා ප්‍රදේශයට විස වායු ප්‍රහාරයක් එල්ල වූ බවත් රුසියාවේ සහාය ඇතිව එය එල්ල කරන ලද්දේ සිරියානු රජයේ හමුදා බවත් ඇමෙරිකා එක්සත් ජනපදය ප්රමුඛ බටහිර රටවල් චෝදනා කරයි. ජනාධිපති බෂාර් අල් අසාද්ගේ නායකත්වයෙන් සිරියානු ආණ්ඩුව සහ රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
ඩූමා ප්‍රදේශයට එල්ල වූයේ රසායනික අවි ප්‍රහාරයක් බව සනාථ කිරීමට සියලු කරුණු සහ සාක්ෂි ලැබී ඇතැයි ද බටහිර රටවල් ප්‍රකාශ කළ අතර භූමියේ ඇති වැදගත් සාක්ෂි මේ වනවිටත් විනාශ කර ඇතැයි ද එම රටවල් බිය පළ කරයි.
ජාත්‍යන්තර රසායන අවි විමර්ශකයන් ඊයේ, බදාදා (18) ඩූමා ප්‍රදේශයට ඇතුළුවීමට නියමිතව තිබූ නමුත් ඔවුන් තවමත් විමර්ශන කටයුතු ආරම්භ කර නැතැයි වාර්තා වේ. තොරතුරු සෙවීමේ විශේෂඥයන්ට හැකි ඉක්මනින් ඩූමා වෙත ගමන් කිරීම සඳහා ඉඩ සලසා දීමට කටයුතු සකසමින් සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරන වාර්තාවක සඳහන් ව තිබේ.
රසායනික අවි ප්‍රහාරය එල්ල කිරීමට පිළිතුරු දැක්වීමක් ලෙස ඇමෙරිකාව බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ගබඩා කර ඇතැයි සැක කෙරෙන අප්‍රේල් 13 වැනිදා රාත්‍රියේ සහ ඊට පසුදා අලුයම් කාලයේදී මිසයිල 105ක දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.
ඉන් පැය කිහිපයකට පසු රසායනික අවි තහනම් කිරීම සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ විශේෂඳයන් සිරියාවට පැමිණියත් ආරක්ෂක හේතු නිසා ඔවුන්ට තවමත් ඩූමා ප්‍රදේශයට යෑමට නොහැකි වී තිබේ.
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, ආරක්ෂක කණ්ඩායමක් රුසියානු හමුදා පොලිසියේ සහාය ඇතිව ස්ථාන දෙකකට ගමන් කර තිබේ. ඉන් එක් ස්ථානයකදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ රුසියානු හමුදා පොලිසිය ඉලක්ක කරගනිමින් කුඩා ගිනි අවි යොදාගත් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
(055)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘රසායනික අවි විමර්ශකයින්ට කඳවුරක් හදන්න සිරියාව-රුසියාව සමඟ සාකච්ඡා කරනවා‘
prabash Friday, 20 April 2018 08:59 AM
වහාම වාර්තාවක් සාදා ශ්‍රී ලංකන් ජනාධිපති වෙත එවන්න. පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා මේක හෙළාදකින්න ඕනෑ.
LapayaMonday, 23 April 2018 04:35 AM
පොඩ්ඩක් ඉන්න කොමිටියක් පත් කරලා වාර්තාවක් ගන්නකම්.