IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

සිරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමික් ස්ටේට් ජිහාද් සංවිධානය සම්පූර්ණයෙන් පරාජයට පත් කර ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  පැවැසීය.

සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ ඒ බව කීවේය. 

අයි.එස් සංවිධානය සියයට සියයකින් පරාජයට පත්කර ඇතැයි ජනාධිපති ට්‍රම්ප් එහිදි කීවේය. අයි.එස් සංවිධානය කලකදී අත්පත් කරගෙන තිබූ විශාලතම ප්‍රදේශයත් වත්මන් තත්ත්වයත් සිතියම් පෙන්වමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා වොෂින්ටනයේදී මාධ්‍යවේදීන්ට පැහැදිලි කළේය.

“මේ ඉන්නේ අයි.එස්.අයි.එස්. දැන් ඔවුන්ට කිසිවක් නැහැ” යැයි ට්‍රම්ප් කීවේය.

“අයි.එස් සංවිධානය සිරියාවේ ප්‍රකාශයට පත් කළ කාලිෆාව විනාශ කර දැමුවා” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කීවාය. 

අයි.එස් සංවිධානය අවසන් වරට රැඳි සිටියේ සිරියාවේ බගූස් ගම්මානයේය. එම ගම්මානය ඉලක්ක කරගනිමින් කුර්දි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ ධවල මන්දිරය සිරියාවේ අයි.එස් සටන්කාමීන් පරාජයට පත් කළ බව ප්‍රකාශයට පත් කළේ දින ගණනාවක් මුළුල්ලේ එම ගම්මානයේ අයි.එස් ඉලක්ක වෙත බෝම්බ හෙළීමෙන් පසුවය. 

 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (2)

‘ජිහාද්’ පරාජය කළ බව ට්‍රම්ප් කියයි

රවින් Sunday, 24 March 2019 05:58 AM

හා හා අනේද කියන්නේ. ඕක ඇති කරන්න මුල් වුනේ කවුද?

:       0       24

Sapumal. Sunday, 24 March 2019 08:35 AM

මේක ලංකාවෙන් සිදුවුණා නම් මෙලහකටත් මානව හිමිකම් කාරයන් අපට විරුද්ධව නැට්ට කඩාගෙන දොස් තියෙනවා. මේ ප්‍රකාශය අපේ රටේ නායකයෙකු කරා නම්, මේ රටේ ඉන්න පරගැත්තන් නැට්ට ගිනිගත්තා වගේ ඝෝෂා කරනවා. ඒත් මේ අයට මානව හිමිකම් චෝදනා කිසිවක් ඇත්තේම නැහැ. ඒවා අපටම පමණයි.

:       0       73

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 7 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 6 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 7 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 816 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 121 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 298 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 223 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1538 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site