IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයට නව නායකයකු පත්කිරිමේ ඡන්ද විමසීම ඇරඹේ

හැම්බර්ග්හිදීය (රොයිටර්ස්)

 
ඇන්ජෙලා මර්කෙල්ගේ ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයට නව නායකයකු පත් කරගැනෙන ඡන්ද විමසීම අද (7) පැවැත්වේ.
 
ඡන්ද විමසීමෙන් ජර්මානු චාන්සලර් මර්කෙල් වෙනුවට ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයට නව නායකයකු පත්කර ගැනෙන අතර නව නායකයා ජර්මනියේ නව චාන්සලර්වරයා ලෙස පත්වීම් ලැබීමට වැඩ ඉඩක් ඇතැයි පැවසේ.  
 
ඇන්ජෙලා මර්කෙල්ගේ සහාය ලබන ඇනාග්‍රෙට් ක්‍රම්ප් කරේන්බර් පක්ෂ නායක සටනේ ඉදිරියෙන් පසුවන්නීය. කරෙන්බර් දැනට පක්ෂයේ මහලේකම් ධුරය ද දරන්නීය. ඇයගේ ප්‍රතිවාදියා වී සිටින්නේ මර්කෙල්ගේ ද ප්‍රතිවාදියකු ද ෆ්‍රෙඞ්රිච් මර්ස්ය. 
 
දේශපාලන හිංසා සිදුකළ සියලු දෙනාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඇප වෙමින් ආරක්ෂාව ලබාදීමට මර්කෙල් ගත් පියවර මර්ස්ගේ විවේචනයට ලක්විය. හෙතෙම ඒ සම්බන්ධයෙන් මර්කෙල්ගෙන් ප්‍රශ්න ද කළේය. 
 
යුරෝපයේ විශාලතම ආර්ථිකය වන ජර්මනිය යුරෝපා සංගමයට දැනට වඩා වැඩි දායකත්වයක් දිය යුතු බව ද මර්ස් විශ්වාස කරයි. තමන් ඉදිරියේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වන නමුත් චාන්සලර් ධුරයේ කටයුතු කරන බව ඇන්ජෙලා මර්කෙල් පසුගිය ඔක්තෝබර් මාසයේදී කීවාය. 
 
මැදපෙරදිග පවතින යුද ගැටුම් නිසා යුරෝපයට පැමිණෙන සංචාරකයන්ට  ජර්මනියේ දේශසීමා විවෘත කිරීමට ඇන්ජෙලා මර්කෙල් 2015 වසරේදී තීරණය කළේය. ඇගේ එම බෙදීමට ඇයගේ ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂය තුළින්ම විරෝධය එල්ල විය. 
 
පක්ෂ නායකයා තෝරා ගැනෙන්නේ පක්ෂයේ කොංග්‍රස් සමුළුවේදීය. එහිදී පක්ෂයේ නියෝජිතයන් 1001 දෙනෙකුගේ ඡන්ද විමසා බලමින් නව නායකයා තෝරාගනී. 
 
‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන්’ පක්ෂයේ කොංග්‍රස් සමුළුව අද (7) ජර්මනියේ හැම්බර්ග් නුවරදී පැවැත්වීමට නියමිතය. ඡන්ද විමසීමෙන් ජයගෙන පක්ෂ නායකත්වයට පත්වන්නා 2021 පැවැත්වීමට නියමිත ජර්මානු මහ මැතිවරණයේදී ‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික් යූනියන්’ පක්ෂයේ ‘චාන්සලර්’ අපේක්ෂකයා වනු ඇත. 
 
 
055
 



අදහස් (0)

‘ක්‍රිස්ටියන් ඩිමොක්‍රටික්’ පක්ෂයට නව නායකයකු පත්කිරිමේ ඡන්ද විමසීම ඇරඹේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 776 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 294 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1513 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1429 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site