ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඉහළ පෙළේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරමින් සිටින්නේ යැයි විපක්ෂය අද චෝදනා කළේය.
මාලදිවයිනේ ජානාධිපතිවරණය ඉරිදා (23) පැවැති අතර එරට ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා වූ ඊබ්‍රහීම් මොහ්මෙද් සෝලි ඉන් ජය ලැබීය. සඳුඳා (24) වනවිට මැතිවරණ ප්‍රතිඵල නිකුත්ව තිබූ අතර ඊබ්‍රහිම් සෝලි ජයග්‍රහණය කළ බව තහවුරු වූ වීමත් සමඟ එරට අධිකරණයක් දේශපාලන සිරකරුවන් කිහිපදෙනකු නිදහස් කළ බව ද වාර්තා විය.
එමෙන්ම අත්අඩංගුවේ පසුවන හිටපු ජනාධිපති මවුමූන් අබ්දුල් ගයුම්ගේ අභියාචනාව ද සලකා බලා ඇතැයි වාර්තා විය. මවුමූන් අබ්දුල් ගයුම් ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ අර්ධ සොහොයුරෙක් ද වන්නේය.
ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව සෝලි, අබ්දුල්ලා යමීන් අමතා තිබූ අතර ඒ අවස්ථාවේදී මෙන්ම ඔහු තම ජයග්‍රහණය නිවේදනය කළ අවස්ථාවේදී ද දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි අබ්දුල්ලා යමීන්ට අවධාරණය කළේය.
“සඳුඳා ජනාධිපති ගයුම් නිදහස් කරනු ඇතැයි අපි අපේක්ෂා කළා. අධිකරණය කැඳෙව්වා. පරිපාලන කටයුතු සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත්තා. ගයුම් නිදහස් කිරීම අඟහරුවාදට දැම්මා. එහෙත් අද වනතෙක් කිසිවක් සිදු වුණේ නැහැ” හිටපු ජනාධිපති ගයුම්ගේ පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
(055)
කොළඹදීය (ඒ.එෆ්.පී)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘අබ්දුල්ලා යමීන්‘ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කරනවා