චීනයේ හොංකොං රාජ්‍යයේ විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම් වලින් 72දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු බරපතල තත්ත්වයේ පසුවන අතර පොලිස් නිලධාරීන් නව දෙනකු රෝහල් ගතකර ඇත.
හොංකොං රජය විසින් ගෙන එන ලද පිටුවහල් කිරීමේ නව පනත හකුලා ගන්නා ලෙස ඉල්ලමින් දහස් ගණන් ජනතාව වීදී බැස විරෝධතාවයේ යෙදුණ අතර පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ යොදා ගනිමින් විරෝධතාකරුවන් මැඩපැවැත්වීමට උත්සාහ කළහ.
දෙපාර්ශවය අතර පැය ගණනාවක් තිස්සේ පැවති ගැටුම් වලින් පසුව මේ වනවිට විරෝධතාකරුවන් පසුබැසගොස් සිටින බව මාධ්‍ය සඳහන් කර ඇත.
කෙසේ වුවද මානව හිමිකම් සංවිධාන පොලිසිය වෙත චෝදනා එල්ල කරමින් සඳහන් කර ඇත්තේ පොලිසිය විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා අසාධාරණ ලෙස බලය පාවිච්චි කළ බවයි.
දැඩි විරෝධතාවයන් හමුවේ වුවද හොංකොං බලධාරීහු පනත හකුලා ගැනීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් ඊයේ(12) පැවැත්වීමට නියමිතව තිබූ ව්‍යවස්ථාදායක සභාව යෝජනාවේ දෙවන වර කියවීම දින නියමයක් නොමැතිව කල් දමා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.
මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින
ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හොංකොං රාජ්‍යයේ ගැටුම්වලින් 72 කට තුවාල