සෝමාලියවට එල්ල වූ දරුණුතම හා දැවන්තම ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන් 300 ඉක්මවා ගොස් ඇතැයි එරට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් මේ වනවිට 500 ඉක්මවා ගොස් තිබෙන අතර තවත් සියයකට වැඩි පිරිස සුන්බුන් අතර සිර වී හෝ අතුරුදන් වී හෝ ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙම ප්‍රහාරය මෑතකාලීනව ලොව එල්ල වූ දරුණුතම ප්‍රහාරය ලෙසින් හඳුන්වා දෙන්නට ද විදෙස් පුවත් සේවා කටයුතු කර තිබිණි.
ප්‍රහාරයෙන් 276 දෙනකු මියගිය බව සඳුඳා (16) උදෑසන සෝමාලියාවේ තොරතුරු හා සන්නිවේදන අමාත්‍යවරයා නිවේදනය කළ අතර 300 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි ද හෙතෙම පැවැසීය.
ඉන් පැය කිහිපයකට පසු ප්‍රහාරයෙන් සහතිකවම 300ක් මියගොස් ඇතැයි සෝමාලියාවේ ‘අමින්’ ගිලන් රථ සේවයේ අධ්‍යක්ෂ අබ්දිකාදිර් අබ්දිරහ්මන් පැවැසීය. රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් සුන්බුන් අතර තවත් සිය ගණනක් සිර වී සිටින බැවින් ජීවිත අහිමිවූවන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අබ්දිකාදිර් අබ්දිරහ්මන් කීය.
සෝමාලියාවේ අගනුවර මොගඩිෂු හි ජනාකීර්ණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ගොඩනැගිලි රැසක් විනාශයට පත්වූ අතර මීටර් සිය ගණනක වපසරියක විසිරී ඇතැයි ද පුවත් සේවා වාර්තා කර තිබිණි.
සුන්බුන් අතර සැලිකය යුතු පිරිසක් සිරවී ඇති බැවින් සහ මියගිය පිරිස්වල මළසිරුරු ඔවුන්ගේ ඥාතීන් ඉක්මනින් වළ දැමීම නිසා මියගිය ගණන නිශ්චිතව කිව නොහැකි තත්ත්වයක් ඇතැයි සහන සේවකයෝ පවසති.
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සෝමාලියා ප්‍රහාරයෙන් මරණ 300 ඉක්මවයි