IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


සේවකයින් 2500කට කොරෝනා - රබර් අත්වැසුම් කම්හල වසා දමයි

මැලේසියාවේ පිහිටි ලොව විශාලතම රබර් අත්වැසුම් නිශ්පාදන සමාගමක සේවකයින් 2,500ක් පමණ කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු කර්මාන්තශාලා බොහොමයක් වසාදමා තිබේ.
 
"ටොප් ග්ලව්" නමින් හැඳින්වෙන මෙම සමාගමේ කර්මාන්තශාලා 28ක් අදියර වශයෙන් වසා දමා ඇති අතර රෝගය පැතිරීම පාලනය කිරීමට උත්සාහ කරන බව එහි බලධාරීහු පවසති.
 
"ධනාත්මක බව පරීක්ෂා කළ සියලුදෙනා රෝහල් ගතකර ඇති අතර අනෙකුත් සේවකයන්ට ආසාදන පැතිරීම වළක්වාගැනීම සඳහා ඔවුන්ගේ සමීප සබඳතා නිරෝධායනය කර තිබේ," යැයි මැලේසියාවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්නූර් හිෂාම් අබ්දුල්ලා පැවසීය.
 
කර්මාන්තශාලා සහ නේවාසිකාගාර පිහිටි ප්‍රදේශවල කොරෝනා රෝගීන් වාර්තා වීමේ තියුණු වැඩිවීමක් දක්නට ලැබෙන බව මැලේසියාවේ සෞඛය අමාත්‍යාංශය ද වාර්තා කළේය.
 
මේ වනවිට සේවකයන් 5,800කට වැඩි සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති අතර ඉන් 2,453 දෙනකු කොරෝනා රෝගීන් බව හෙළිවී තිබේ.
 
මැලේසියාවේ ටොප් ග්ලව් කර්මාන්තශාලා 41ක් පවත්වාගෙන යන අතර නේපාලයෙන් පැමිණ ඇති බොහෝ සේවකයෝ නේවාසිකාගාර සංකීර්ණවල වාසය කරති.
 
කොරෝනා වසංගතය ආරම්භ වීමත් සමග, පෞද්ගලික ආරක්ෂක උපකරණයක් වන අත්වැසුම් සඳහා විශාල ඉල්ලුමක් ඇති විය. කෙසේවුවද මෙම කර්මාන්තශාලාවල සේවකයන් වැඩිදෙනකු අඩු වැටුප් ලබන සංක්‍රමණික කම්කරුවන් බවත් සමාගම තුළ ශ්‍රමය සූරාකෑම සිදුවන බවට චෝදනා එල්ලවී ඇති බවත් සඳහන් වේ.
 
ටොප් ග්ලව් මේ වසරේ වාර්තාගත ඉහල ලාභයක් ලබා ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.
 
සමාගම, සේවකයින්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අපොහොසත්වීම හේතුවෙන් කම්කරුවන්ගේ ජීවිත අවදානමට ලක්කර ඇති බව කම්කරු අයිතිවාසිකම් සම්න්දබව කටයුතු කරන රාජ්‍ය නොවන සංවිධාන පෙන්වා දෙති.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

සේවකයින් 2500කට කොරෝනා - රබර් අත්වැසුම් කම්හල වසා දමයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 266 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 597 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4100 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 450 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2601 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 78 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site