සිම්බාබ්වේහි නැගෙනහිර ප්‍රදේශය හරහා හමා ගිය ඉඩායි සුළිකුණාටුව හේතුවෙන් 31දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර පාසැල් දෙකක සිසුන් පිරිසක් ද සිටින බව බලධාරීහු පවසති.
ගංවතුරින් යටවුණු මාර්ගයක් හරහා බස් රථයක් ගමන් කිරීමට යෑමේදී ගසාගෙන යෑමෙන් අතුරුදන් වූ තිදෙනකු සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවද ඔවුහු පවසති.
සුළි සුළඟින් ගල් පෙරලීම හේතුවෙන් බොහෝ අනතුරු සිදුවී ඇති අතර සුළං හමායන අවස්ථාවේ බොහෝදෙනා නින්දේ පසුවීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඉහල ගිය බව සඳහන් වේ.
මොසැම්බික් දේශසීමාව ආසන්නයේ පිහිටි මනිකලෑන්ඩ් පළාතේ 21දෙනකු මියගොස් ඇති අතර ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇතැයි ද සන්නිවේදන කටයුතු ඇණහිට ඇතැයි ද වාර්තා වේ.
පැයට කිලෝමීටර් 177ක වේගයෙන් සුළං හමාගිය බව කාලගුණ බලධාරීහු පවසති.ආපදාවටපත් ප්‍රදේශයන්හි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.
සුළිකුණාටුවෙන් අතුරුදන් වූ සම්පූර්ණ සංඛ්‍යාව 71ක් පමණ වන හෙයින් මියගිය සංඛ්‍යාව බොහෝසෙයින් ඉහල යාමට ඉඩ ඇතැයි සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුලි කුණාටුවකින් සිම්බාබ්වේ පුද්ගලයින් 31 ක් මරුට